විද්‍යුත් රසායනික විද්‍යාවෙහි, ලවණ සේතුවක් යනු, විද්‍යුත් රසායනික කෝෂ වර්ගයක් වන, ගැල්වානි කෝෂයක (වෝල්ටීය කෝෂයක) ඔක්සිකරණ සහ ඔක්සිහරණ අර්ධ-කෝෂ එකිනෙක සම්බන්ධ කිරීමට භාවිතා කරන පරික්ෂණාගාර උපකරණයකි. . සාමාන්‍යයෙන්, ලවණ සේතු වර්ග දෙකකින් පවතියි: වීදුරු බට සහ පෙරහන් කඩදාසි යනුවෙනි.

KNO3 වීදුරු බට ලවණ සේතුව සමගින් විද්‍යුත්රසායනික කෝෂය.

වීදුරු බට සේතු සංස්කරණය

සාපේක්ෂ වශයෙන් නිෂ්ක්‍රීය විද්‍යුත් විච්ඡේද්‍යයකින් පිරවූ U-හැඩැතිි වීදුරු බටයකින් එක් වර්ගයක ලුණු සේතු සමන්විත වෙයි; සාමාන්‍යයෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් හෝ සෝඩියම් ක්ලෝරයිඩ් භාවිතා කරන නමුදු, රූප සටහනෙහි දක්වා ඇත්තේ පොටෑසියම් නයිට්‍රේට් ද්‍රාවණයක් භාවිතා කරන ආකාරයකි.

විද්‍යුත් විච්ඡේද්‍යය තෝරා ගැනීමේදී පහත දේ සැලකෙයි

  1. කෝෂයෙහි භාවිතා කෙරෙන කිසිදු රසායනික ද්‍රව්‍යයක් සමග එය ප්‍රතික්‍රියා නොකරන බව, සහ
  2. ඇනායනය සහ කැටායනය සමසම සන්නායකතාව සහිත වීම සහ, එබැවින් සමසම පර්යටක වේගයන් සහිත වීම.

එසේ නොකළහොත් ද්‍රවයන් හා සමග සම්මිශ්‍රණය විය හැකි බැවින් එය වැලැක්වීමට විද්‍යුත් විච්ඡේදය බොහෝ විට ඇගාර්-ඇගාර් භාවිතයෙන් ජෙලිකෘත කෙරෙයි.

වීදුරු බට සේතුවක සන්නායකතාව බෙහෙවින් රඳා පවතිනුයේ විද්‍යුත් විච්ඡේද්‍යය ද්‍රාවණයෙහි සාන්ද්‍රණය මතය. සන්තෘප්තියට පහළ මට්ටමක පවතින පරිදී, සාන්ද්‍රණය ඉහළ නැංවීමක් විසින් සන්නායකතාව ඉහළ නැංවෙයි. සන්තෘප්තියෙන්-ඔබ්බෙහිදී විද්‍යුත් විච්ඡේද්‍යය අන්තර්ගතය සහ බටයෙහි පටු විෂ්කම්භය යන කරුණු දෙකම විසින් සන්නායකතාව පහළ දමනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ලවණ_සේතුව&oldid=412681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි