ලන්දේසි ජයග්‍රහණය


16 වන ශත වර්ෂයේදී පෘතුග්‍රීසීන් ඉතා හොඳින් ලංකාවේ බලය තහවුරු ගත් අවස්ථාව වන විට ලන්දේසීන් එපරිදිම ජාවා හි බලය තහවුරු කර ගෙන සිටියහ. පෘතුග්‍රීසීන් බටහිර සංස්කෘතිය ලංකාවට ගෙන ආහ. පෘතුග්‍රීසි ගුරුවරුන් විසින් මහනුවර රජවරුන්ට උගන්වන ලදී. මහනුවර රජ මාළිගයේද පෘතුග්‍රීසි ඇමතිවරු උපදේශකයින් වශයෙන් සිටියහ. එහෙත් රාජසිංහ රජු පෘතුග්‍රීසීන් සමඟ සතුටකින් පසු නොවීය. පෘතුග්‍රීසීහු ලාංකිකයන් සමඟ වෙළඳාම පිණිස පැමිණියහ. ලංකාවේ මිනිසුන් මෝඩයින් වූ හෙයින් පෘතුග්‍රීසීහු ඔවුන්ගේ ස්වාමිවරු වූහ. කුළු බඩු වැනි වෙ‍‍‍‍‍‍‍‍‍ළඳ ද්‍රව්‍ය ගත හැකි ඉතාම අඩු මුදලට මිළදී ගෙන ඒවා යුරෝපීය වෙ‍‍‍‍‍‍‍‍‍ළඳ පොළට විකුණා පෘතුග්‍රීසීහු අධික වශයෙන් ලාභ ලැබූහ.

ලාංකිකයෝ ඔවුන්ගේ ඉඩම් සහ නිදහස පෘතුග්‍රීසීන් නිසා අහිමි වීමෙන් නොසතුටට පත්වී සිටියහ. ලිස්බන් ආණ්ඩුවක් පැමිණ රට උදුරා ගනු දැකීමෙන් ඔව්හු කරකියා ගත නුහුණු තත්වයකට පත්වූහ. කදිම රටක් සහ සංස්කෘතියක් පෘතුග්‍රීසීන් විසින් විනාශ කරන ලදී. කතෝලික ආගම සහ පෘතුග්‍රීසි භාෂාව බලෙන්ම වාගේ ඔවුන්ගේ උගුරෙන් පහළට තල්ළු කරනු ලැබීය. ඔවුන්ට පෘතුගාලයෙන් ආගමික නිදහස සහ දේශපාලන නිදහස ලබාගැනීමට අවශ්‍ය විය. පෘතුග්‍රීසීන්ට බලවත් සතුරෙකු වූ ඕලන්දය තමන්ගේ උදව්වට පැමිණීම ඔවුන්ට අවශ්‍ය විය. ඩෙන්මාර්කය උදව් දීම සඳහා ඉදිරිපත් වුවද මහනුවර රජුට ලන්දේසීන්ගේම උදව් අවශ්‍ය වූයේ ඒ වන විට ලන්දේසි - පෘතුග්‍රීසි යුද්ධයක් පැන නැගී තිබුණු හෙයිනි.

ලන්දේසි නැව් සමූහයක් පැමිණ මඩකලපුවේ ගොඩ බැස රජු සමග සාකච්ඡා පැවැත්වූයේ දෙපාර්ශවයම එක් වී පෘතුග්‍රීසීන්ට එරෙහිව කටයුතු කිරීමේ අදහසිනි. රාජසිංහ රජු මෙම අවස්ථාව තදින් ග්‍රහණය කර ගත්තේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් එලවා දැමීමටයි.

ලන්දේසි නැව් සහ ඒවායේ කපිතාන්වරු කිහිප වතාවක් පැමිණියාහ. ඔවුහු මහනුවර රජු සමග මිත්‍රත්වය පුළුල් කර ගත්හ. දෙපාර්ශවයම එක් වී දිවයින වටා ඇති බලකොටු නිදහස් කර ගැනීමට සැළසුම් සකස් කළහ. 1638 දී ලන්දේසි - ලංකා ගිවිසුමක් අත්සන් කෙරුණු අතර එය අලුත් සම්බන්ධතාවයකට මග පෑදුවේය. මෙම ගිවිසුමෙන් පසු ලන්දේසීන් මඩකලපුවට, ත්‍රීකුණාමලයට, මීගමුවට හා ගාල්ලට පහර දී ඒවා අල්ලා ගත්හ.

ලන්දේසීන්ගේ සහ නායක්කාර් පාලකයින්ගේ යටි කූට්ටු වැඩ

ලන්දේසීන් සමග ගණුදෙනු කරන ලද ලියවිලිවලින් රාජසිංහ රජු ගැන අපට හොඳින් කරුණු වටහා ගත හැකිය. මියගිය ඩොනල්ඩ් ෆර්ගියුසන් මහතා විසින් මෙම ලියවිලි සංස්කරණය කර ඇත. එසේම 1659 සිට 1679 දක්වා ලංකාවේ සිරකරුවෙකු වශයෙන් සිටි ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් විසින් උඩරට රාජ්‍යය ගැන ලියන ලද විස්තරවලින් ද ඒ සම්බන්ධ තොරතුරු හෙළි වේ.

ඔහු ඉතා දැඩි පාලකයෙකි. ඔහුගේ පියාගේ කාල‍යේ දී විනාශකාරී පෙදෙස් බවට පත්ව තිබූ රාජ්‍යයන් එක්සත් කළේය. මෙසේ කිරීමේදී ඔහු තමාගේම අර්ධ සහෝදරයාට වස දී මැරුවේය. ඉතිරි අය එලවා දැමුවේය. අත්තනෝමතික හා කෲර, නිතරම සැකයෙන් පසු වූ නමුත් දුරදක්නා නුවණින් යුත් ඔහු, ඔහුගේ ප්‍රධානීන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් මාළිගය තුළ රඳවා ගෙන සිටියේය. එමෙන්ම දේශපාලන වාසියක් ගැනීමට වුවමනා වූ විට ඉඩම් කොල්ල කෑමට ‍හෝ රට වැසියන්ගේ ඉඩම් වැනසීම සිදුවීම සම්බන්ධයෙන් පසු තැවිලි නොවීය. ඔහු සූක්ෂම උපායෙහි මෙන්ම යටි කූට්ටු වැඩ කිරීමෙහි අති දක්ෂයෙකුද විය. ලන්දේසීන් සමග රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී ප්‍රබලයෙකු ලෙස කටයුතු කළේය. එය කෙතරම් ප්‍රබල තත්වයක වූවාද කියතොත් රජු සමග කටයුතු කිරීමේදී උපායශීලීව සහ සහයෝගීව කටයුතු කළ යුතු බව ලන්දේසීහු තේරුම් ගත්හ. ඔහුට පෘතුග්‍රීසීන් පිළිඹද මනා තේරුම් ගැනීමක් තිබුණු අතර ඔහුට පසුව සිටි පාලකයන්ට වඩා පෘතුල දැක්මක් ඒ සම්බන්ධයෙන් තිබුණේය. ඔහු සීතාවක රාජසිංහ හා සම වීමට හෝ ඊට වඩා උසස් තත්වයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වුවද යුද්ධ කටයුතු සම්බන්ධයෙන් එසේ නොවීය. ඔහුගේ සේනාවෝ ගරිල්ලා සටන් ක්‍රමවල අති දක්ෂයෝ වූහ. ඔවුන් කොළඹට පැමිණි විට ලන්දේසීහු ඉදිරියට ඒමට පසු බට වූහ. "ඉඟුරු දී ගම් මිරිස් ගත්තා වගේ" යන සිංහල ප්‍රස්ථාව පිරුළ කරළියට ආවේ රාජසිංහ රජු පෘතුග්‍රීසීන් පලවා හැරීම‍ට ලන්දේසීන්ගේ උදව් ලබා ගැනීම චිත්‍රණය කිරීමටය. ප්‍රශ්න විසඳීමට වඩාත් බලවත් පාර්ශවයකට ආරාධනා කිරීමෙන් රාජධානිය තනි වීම ද ඉදිරි කටයුතු සියල්ල ඉවත් කිරීමක් ද සිදු විය.



http://en.wikipedia.org/wiki/Dutch_Ceylon#The_Dutch__Conquest

"https://si.wikipedia.org/w/index.php?title=ලන්දේසි_ජයග්‍රහණය&oldid=122584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි