ලක්ස්සම්බර්ග්
ලක්සම්බර්ග් ආදිපාද වසම බටහිර යුරෝපයේ පිහිටි රටකි. එහි මායිම් බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනිය අතර වේ. එහි ජනගහනය මිලියන භාගයක් පමණ වන අතර වර්ග කි.මී. 2586 (වර්ග සැතපුම් 999) පමණ වේ. එහි නියෝජ්‍ය පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයන් හා ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් පවතී. එය පාලනය කර ඇත්තේ ආදිපාදවරයෙකි. එය ලෝකයේ පවතින එකම රාජකීය ආදිපාද වසමයි. එහි සංවර්ධිත ආර්ථිකයක් හා ලෝකයේ ඉහළම ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනයක් පවතී. මෙය ඉතිහාසයේ රෝමානු යුගයේ බලකොටුවක් සේ පැවතුන අතර මුල් මධ්‍ය යුගයේ ප්‍රංශ මාලිගාවක් සේ පැවතුණි. එය ස්පාඤ්ඤ මාවතේ පැවති ආරක්ෂක මුර කුටියක් වන අතර, ස්පාඤ්ඤය යුරෝපයේ බලය නතු කරගෙන සිටි අතර, 16 හා 17 ශතවර්ෂවල බටහිර අර්ධ ගෝලයට හා ඉන් ඔබ්බට බලපෑමක් ඇති කළේය. ලක්සම්බර්ග් යුරෝපානු සංගමය, නේටෝ, OECD, එක්සත් ජාතීන්ගේ සංගමය, බෙනිලන්ස් සහ බටහිර යුරෝපානු සංගමයේ සාමාජිකයෙකි. ලක්සම්බර්ග් අගනුවර එහි තිබෙන විශාලතම නගරය වන අතර යුරෝපානු සංගමයේ සංස්ථා හා ඒජන්සි පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ රෝමානු යුරෝපයේ නව ජර්මන් යුරෝපයේ සංස්කෘතිකමය බෙදීම තුලය. ලක්සම්බර්ග් භාෂා 3 ක් භාවිතා කරන රටකි. ජර්මන්, ප්‍රංශ හා ලක්ස්සම්බර්ග නිල භාෂාවන් වේ. ලෞකික රාජ්‍යයක් වන නමුත් එය රෝමානු කතෝලික රාජ්‍යයක් ලෙස තිබී ඇත.