ලක්ශාන්ත අතුකෝරල (Lakshantha Athukorala) ශ්‍රී ලංකාවේ කවියෙකි. කාව්‍ය නිර්මාණ සහ කාව්‍ය පරිවර්තන උදෙසා රාජ්‍ය සම්මාන ඇතුළු සාහිත්‍ය සම්මාන රැසක් දිනා ඇත. අමාවකේ සඳක් සිඹිමි (2006), යටි වියන (2007), හිතග්ගිස්සෙ නැතක් ‌මොට්ටු (2008), වැසි ඉ‌සෙන ඉසවු (2009), ඊ (2013), සමහර කමටහන් (2016), සුසුමකින් සුළිසුළඟ (2016), අනබිසෙස් අනබිනික්මන් (2019), ළියසැව් ළිහී ගිය ගනසාමඬුලු (2021), හැඟුම් ගඟෙහි හැංගිලා (2022), චතුරස්‍රය ඉස්සරහ (2023) යන කාව්‍ය කෘති ලක්ශාන්ත විසින් ලියා පළ කර ඇත. පරිවර්තකයෙකු ‌ලෙස ඔහු විසින් සිදු කර ඇති සාහිත්‍ය කාර්යයන් වනුයේ සිරගත ‌නොවූ සිතුවිලි (Ho Chi Minh‌ගේ Prison Diary කාව්‍ය කෘතියේ සිංහල පරිවර්තනය), සිපුම් සීරුම් ‌කෙනිත්තුම් (Kamala Das‌‌ගේ කාව්‍ය නිර්මාණවල සිංහල පරිවර්තන), සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා (Dale Carnagie‌ගේ Little-Known Facts about Wel-Known People කෘතියේ සිංහල පරිවර්තනය), ආදර කවි විස්සක් සහ සුන්පැතුම් ගීතාවක් (Pablo Neruda‌ගේ Twenty Love Poems and A Song of Despair කාව්‍ය කෘතියේ සිංහල පරිවර්තනය), වැස්සක් අසන්නෙකු ‌සේ මා අසන්න (Octavio Paz‌ගේ කාව්‍ය නිර්මාණවල සිංහල පරිවර්තන), ගැහැනු හදක් ගැහෙන හඬක් (Maya Angelou‌ගේ කාව්‍ය නිර්මාණවල සිංහල පරිවර්තන) යන ඒ්වා ය. ඊට අමතරව තීරු ලිපි රචකයෙකු ද වන ලක්ශාන්ත අතුකෝරල වසර කිහිපයක් තිස්සේ 'අනිද්දා' පුවත්පතට 'සමවැහි ‌රේඛාව' නමින් තීරු ලිපි මාලාවක් රචනා කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ද වන ලක්ශාන්ත අතුකෝරල 2003 වසරේ දී ‌කොළඹ විශ්ව විද්‍යාලයයේ නීති පීඨයෙන් නීතිවේදී ‌ගෞරව උපාධිය ලබා ඇත. ශ්‍රී ලංකා පරිපාලන ‌සේවයේ හිටපු නිළධාරියෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=ලක්ශාන්ත_අතුකෝරල&oldid=599572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි