මාධ්‍යවේදිණී ලක්මිණී වෙදමුල්ල, දයාවතී වෙදමුල්ල,පියදාස වෙදමුල්ල දෙපලට දාව අනුරාධපුරය උපන් ගම කොට මෙළව එළිය දකියි,අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය ප්‍රවෘති වාර්ථාකරනයට අමතරව ගද්‍යය හා පද්‍ය අංශයන් හීද විශිෂ්ඨ දස්කම් දක්වා තිබේ,ලංකාවේ සුප්‍රසිද්ධ කාන්තා පුවත්පතකට තීරු ලිපි සපයන්නියක් ලෙසද කැපී පෙනේ,තවද ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවි කිහිපයකටම තම දායකත්වය ලබාදෙමින් ලිපි සපයන අතර,ලක්බිම පුවත් පතේ ඉතාලි වාර්ථාකාරිණිය ලෙසද සේවය කරයි."අගස්ති" නවකථාව සමඟින් නවකථා කරණයට පිවිසෙන ඇය ඉහල පාඨක හා විචාරක ප්‍රතිචාර ලබයි, කාව්‍ය කරණයේ ඉහලම තලයේ වැඦඹෙන ලක්මිණී වෙදමුල්ල නවක කාව්‍ය කරනයේ යෙදෙන්නන් හට එය වර්ධනය හා ප්‍රචාරණය සඳහාද අන්තර්ජාලය හරහා පහසුකම්ද සපයන්නීය.

"https://si.wikipedia.org/w/index.php?title=ලක්මිණී_වෙදමුල්ල&oldid=470011" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි