සද්ධාතිස්ස රජතුමාගෙන් පසුව ලංකාද්වීපයෙහි රජකම් ලැබිය යුතුව තිබුණේ ඔහුගේ වැඩිමහලු පුත් ලජ්ජිතිස්ස කුමරුටය.එහෙත් සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් දෙවෙනි පුත් ථුල්ලත්ථන සිහසුන මත හිඳුවාලීය. මසක් ගත වීමටත් පෙර සොයුරා මරාදමා ලජ්ජිතිස්ස රජවිය. පසුව හෙතෙම සංඝයා වහන්සේලා සමඟ සමගිව ඉතා වැදගත් ශාසනික වැඩ කටයුතු කලේය.රුවන්වැලි සෑයේ ශිලාමය මල් ආසන ත්‍රිත්වයක් තැනවීම, ථූපාරාමයට නැගෙනහිරින් ශිලා ස්ථූපයක් කරවීම, ගිරිකුම්භිලා විහාරය ද කරවූයේය.


"https://si.wikipedia.org/w/index.php?title=ලංජතිස්ස_රජ&oldid=718901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි