ලංකා වෙළෙඳ සේවක සංගමය

ලංකා වෙළෙඳ සේවක සංගමය (සීඑම්යූ) යනු, ශ්‍රී ලංකාවේ වෙළෙඳ අංශයෙහි විශාල වෘත්තිය සමිති අතුරින් එකකි .

ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය මුලින්ම 1928 දී සංස්ථාපනය කෙරුණේ වෙළෙඳ අංශයෙහි ලිපිකරු වැනි ශ්‍රේණි වල සේවකයන් සඳහාය. වික්ටර් කොරයා සහ ඒ.ඊ. ගුණසිංහ පිළිවෙලින් සීඑම්යූ හී ප්‍රාරම්භක සභාපති සහ ලේකම් වූහ.

1948 පෙබරවාරියෙහිදී, බාලා තම්පෝ එහි මහා ලේකම් වූ පසුව, එය ලංකා සම සමාජ පක්ෂයෙහි බලපෑමට නතු විය.

"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_වෙළෙඳ_සේවක_සංගමය&oldid=313625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි