ලංකා ප්‍රිමියර් ලීග් 2024
ලංකා ප්‍රිමියර් ලීග් 2024 (LPL 2024) යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජ්‍යාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ලීග් තරගාවලියකි. 2020 වසරේ ආරම්භ වූ මෙම තරඟාවලියේ සිව්වන අදියර 2024 වසරේදී පැවැත් වේ. මෙවරත් තරඟාවලිය කණ්ඩායම් 5 ක සහභාගීත්වයෙන් 2024 ජුලි 1 සිට ජුලි 21 දක්වා ක්‍රීඩාංගන 3 කදී පැවැත් වේ.
කාලය | 2024 ජුලි 1 - 2024 ජුලි 21 |
පරිපාලකයන් | ශ්‍රී ලංකා ක්‍රිකට් |
සත්කාරකත්වය | ශ්‍රී ලංකාව |
තරඟ ආකෘතිය | T20I |
තරඟ | 24 |
සහභාගීත්වය | කණ්ඩායම් 5 |
වත්මන් ශූරයන් | බී ලව් කැන්ඩි (2023 තරඟාවලිය) |
සාර්ථකම කණ්ඩායම | ජැෆ්නා කිංග්ස් (2020,2021,2022 ශූරතාව) |
වැඩිම කඩුළු ලාභියා | වනිඳු හසරංග |
වැඩිම ලකුණු ලාභියා | අවිශ්ක ප්‍රනාන්දු |
ජූලි මස 21 වැනිදා දක්වා සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන තරගාවලියට, ලොව ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් සමග දේශීය ක්‍රීඩකයන් එක්වන අතර, බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් 32 ක් මෙවර තරගාවලියට ක්‍රීඩා කරති. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් ඩොලර් ලක්ෂයක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි තුනකට ආසන්මුන මුදල් ත්‍යාගයක් හිමිවන අතර, අනුශූරයන්ට ඩොලර් 50,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එකහමාරක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සංවිධානය තුලින් විදෙස් ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකාවේ නැගීඑන ක්‍රීඩකයන් උරෙන් උර ගැටී ලැබෙන අත්දැකීම් සම්භාරය අති විශාල එකකි. ශ්‍රී ලාංකේය නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය කදිම අත්දැකීමක් වන අතර, ඔවුන්ට තව දුරටත් ඔපවත්වීමේ අවස්ථාවක් මෙම තියුණු සටන් තුලින් ඇති වේ.
සංස්කරණය - ගවේශ් ශානුක
තරඟ කාලසටහන
සංස්කරණය2024 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කාලසටහනට අනුව තරඟ 24 කින් යුත් තරඟාවලිය දින 21 පුරා පැවැත් වේ.
තරඟාවලියේ සමාරම්භක උළෙල ද ඇතුලුව මුල් තරඟ 5 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද, තරඟ 9 ක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද, අවසන් මහා තරඟය ඇතුළුව තරඟ 10 කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ද පැවැත්වේ.
තරඟාවලි ආකෘතිය
සංස්කරණයඋපරිම විදෙස් ක්‍රීඩකයන් 6කින් සමන්විත කණ්ඩායම් 5 පලමු වටයේදී එකිනෙකා සමගින් දෙවරක් තරග කරයි. ඉන් කණ්ඩායම් 4ක් අවසන් වටයට සුදුසුකම් ලබයි.
කණ්ඩායම් සංචිත
සංස්කරණයක්රීඩක වෙන්දේසිය
සංස්කරණය2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා නිමා වෙන්නේ කණඩායම් 5 විසින් ක්‍රීඩකයන් 84 දෙනෙක් මිලදී ගනිමින්. මේ වෙන්දේසියේ දී වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයා බවට පත් වූයේ 21 හැවිරිදි වියේ පසුවෙන බේබි මාලිංග හෙවත් මතීෂ පතිරණයි.ඔහුත් සමඟින් මෙම වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයෝ 154 දෙනෙක් ඇතුලත් ව සිටියා.
තරගාවලියේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල මහසතාගේ පිළිගැනීමේ කතාවෙන් අනතුරුව පස්වැනි එල්.පී.එල්. තරගාවලියේ ලංසු තැබීම ප්‍රකට විචාරකයකු වන ඉන්දීය ජාතික චාරු ශර්මා විසින් මෙහෙයවනු ලැබීය.
පැවැත්වෙන ක්‍රීඩාංගණ
සංස්කරණය2024 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය මෙවර ජාත්‍යන්තර ක්‍රීඩාංගන 3 කදී පැවැත්වෙනවා. ඒ අනුව මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩාංගන 3 යොදා ගන්නා පළමු අවස්ථාව ද මෙයයි.
1.මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
සංස්කරණය2009 වසරේ ඉදිකිරීම් අවසන් කල මෙම ක්‍රීඩාංගනය 35,000 අධික ධාරිතාවයකින් සමන් විත වන අතර මහනුවර ඉතා අලංකාර භූමි ප්‍රදේශයක මේ ක්‍රීඩාංගනය පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ ද විශාල සංඛ්‍යාවක් පවත්වා තිබෙන මෙම ක්‍රීඩාංගනයේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ට ද යෝග්‍ය වූ ඉතා හොඳ තණතීරුවක් තිබේ.
2. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
සංස්කරණය2024 වසරේ දී ඉතා හොඳින් නවීකරණය වූ මෙම ක්‍රීඩාංගනයේ 17,000 පමණ ධාරිතාවයක් පවතියි. මෙම ක්‍රීඩාංගනයේ ද විස්සයි-විස්ස තරඟ සඳහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් බලා ගත හැකි අතර පසුගිය තරඟ වලදී ඉතා හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ද බලා ගත හැකි විය.
3. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
සංස්කරණයශ්රී ලංකාවේ පවතින හොඳම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන වන මෙම ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ 35,000 අධික ධාරිතාවක් පවතියි. මෙම ක්‍රීඩාංගනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විශාල ප්‍රමාණයක් පවත්වා ඇති අතර ලෝක කුසලාන අවසන් මහා තරඟ, ආසියානු කුසලාන අවසන් මහා තරඟ මෙන්ම ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරඟ ද උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයද පැවැත්වනුයේ මෙම ක්‍රීඩාංගනය තුළයි.