ලංකා ඉතිහාසය-ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ඇරඹීමේ මුල් හේතුව
භාෂාවන් භාවිතය, විශ්ව විද්‍යාලයට සිසුන් තේරීම, සිංහල මහ ජාතිය හා සුළු ජාතිය වූ දෙමළ ජාතීන් දෙක අතර ඇති වූ කළකෝලාහල, යනාදී කරුණු සම්බන්ධයෙන් ඇති ව තිබුණු නොගැළපීම් ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර යුද්ධයක් ඇති වීමට බල පෑ මූලික හේතු විය. 1920 වර්ෂයේ සිට මේවා ක්‍රම ක්‍රමයෙන් එහෙත් නොකඩවා උත්සන්න වි 1983 දී අභ්‍යන්තර යුද්ධයක් පැන නැගුනේය.
යටත් විජිතයුගයට පෙර
දකුණු ඉන්දීය දෙමළ රජෙකු වූ එල්ලාලන් නොහොත් එළාරගේ ශ්‍රී ලංකා ආක්‍රමණය හේතු කොට ගෙන එක් කාල පරිච්ඡේදයකදී සිංහල සහ දෙමළ දෙපිරිස අතර යුද්ධයක් ඇති වූ බවත් එහි ප්‍රථිඵලයක් ලෙස කෙටි කාලයකට උතුරේ ද්‍රවිඩ පාලනයක් ඇති වූ බවත් මහාවංශය විස්තර කරයි. කෙසේ වෙතත් පසුව ශ්‍රී ලංකා රජෙකු වූ දුටුගැමුණු විසින් එළාර පරාජය කරන ලදී. ඉන් පසුව පල්ලව, චෝල, පාණ්ඩ්‍ය සහ කාලිංග නම් ඉන්දීය රාජ්‍යයන්ද ලංකාව ආක්‍රමණය කළෝය. ඔවුහු කාලයෙන් කාලයට තම ආධිපත්‍යය සමග දැඩි සංස්කෘතික හා වාණිජ කටයුතුද සමගාමිව පවත්වා ගෙන ගියහ. පසු කාලීන ඉතිහාසඥයින් මෙම ආක්‍රමණය හඳුන්වා දෙමින් කියන්නේ ජනවාර්ගික දෙපක්ෂයක් අතර කාලාන්තරයක් මුළුල්ලේ පවත්නා හතුරු තත්වයකට එම ආක්‍රමණය හේතු වූ බවයි.
යටත් විජිත යුගය
බ්‍රිතාන්‍ය පාලනය යටතේ (1796-1948) දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබුණි. නිදහස ලැබෙන විට මිෂනාරිවරුන් විසින් ගොඩනගන ලද ඉංග්‍රීසි පාසල් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට වඩා දෙමළ ජනයා වැඩි වශයෙන් සිටින යාපනයේ තිබුණි. මෙයින් තේරුම් ගත හැකි වූයේ නිදහස් ශ්‍රි ලංකාව තුළ ලංකා සිවිල් සේවය, වෛද්‍ය ක්ෂේත්‍රය සහ නීතීඥ වෘත්තිය යනාදී සේවාවල විෂමානුපාතික වශයෙන් ලාංකික දෙමළ ජනතාව සිටීමයි. සිංහල-දෙමළ දෙපිරිස් අතර අර්බුදවලට හේතු වූයේ බ්‍රිතාන්‍යයන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය බව බොහෝ ඉතිහාසඥයෝ පිළිගනිති.