ලංකාවේ නියෝජන ක්‍රම

හැදින්වීම

සංස්කරණය

සෑම රටකම ඒ ඒ රටේ ජනතාව පාලනය කිරීම සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සිදු කරයි. එම නියෝජිතයන් තෝරා ගැනීමේ කාර්යය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රම උපයෝගී කර ගනී.

ලංකාවේ නියෝජන ක්‍රම

සංස්කරණය

ලෝකයේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම වලින් දෙකක් ලංකාවේ මෙතෙක් නියෝජිතයන් තෝරා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කර තිබේ.

එනම් සරල බහුතර (සාපේක්ශ වැඩි ඡන්ද) නියෝජන ක්‍රමය

සමානුපතික නියෝජන ක්‍රමය

සංස්කරණය

 


සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය

සංස්කරණය

සරල බහුතර ක්‍රමය, කේවල වැඩි ඡන්ද නියෝජන ක්‍රමය ලෙසත් හදුන්වනු ලබයි.සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යනු යම් මැතිවරණ කොට්ඨාසයකට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට සාපේක්ෂව එක් වැඩි ඡන්දයක් හෝ ලබා ගෙන ඇති අපේක්ෂකයා නියෝජිතයා වශයෙන් තෝරා ගනු ලබන ක්‍රමයයි. මෙම ක්‍රමය 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ක්‍රියාත්මක විය.

උදා

ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පක්ෂය නිෙයා්ජිත
20000 X *
18000 Y -
15000 Z -

සමානුපතික නියෝජන ක්‍රමය

සංස්කරණය

දෙන ලද ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වන ආකාරයට ආසන බෙදා වෙන් කරනු ලබන ක්‍රමය සමානුපතික නියෝජන ක්‍රමය ලෙස හදුන්වනු ලැබේ. මෙම ක්‍රමය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හදුන්වා දෙනු ලැබූ අතර වර්ථමානයේ ලංකාවේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ.

උදා (තෝරා ගත යුතු නියෝජිතයන් ගණන 10 යයි සිතමු)

පක්ෂය ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය නියෝජිතයන් ගණන
X 50000 50% 5
Y 30000 30% 3
Z 20000 20% 2


ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා ගැනීමේදී අවධානය යොමු කරන අංශ

සංස්කරණය

මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීම

සංස්කරණය

නාම යෝජනා කිරීම

සංස්කරණය

ඡන්දය ප්‍රකාශ කිරීම

සංස්කරණය

මන්ත්‍රීන් තෝරා ගැනීම

සංස්කරණය

පුරප්පාඩු පිරවීම

සංස්කරණය

මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීම

සංස්කරණය

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වූ සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය තුල මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිෂන් සභාව වෙත පවරා තිබුණි. එහිදී, 01පලාතේ ජන සංඛ්‍යාව 02පලාතේ වර්ග සැතපුම් ගණන යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය

ජනසංඛ්‍යාව

1972 ට පෙර පලාතේ ජන සංඛ්‍යාව 75000 න් බෙදා ආසන ගණන සොයා ගනු ලැබීය. 1972 න් පසු පලාතේ ජන සංඛ්‍යාව 90000න් බෙදා ආසනගණන සොයා ගනු ලැබීය.


වර්ග සැතපුම් පදනම

පලාතේ වර්ග සැතපුම් ගණන 1000න් බෙදා ආසන ගණන සොයා ගනු ලැබීය.


සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යටතේ පිහිටවූයේ ඒක මන්ත්‍රී ඡන්ද කොට්ඨාසයි. ජන වර්ග රාශියක් ජීවත් වන ප්‍රදේශ සඳහා බහු මන්ත්‍රී කොට්ඨාස පිහිටුවා ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සමානුපාතික නියෝජන ක්‍රමය යටතේද මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිෂන් සභාව වෙත මැතිවරණ කොට්ඨාස තීරණය කිරීමේ වගකීම පවරා තිබුණි.එහිදී පහත සඳහන් කරැණු නකරේ අවධානය යොමු කරනු ලැබීය. එනම්, ලංකාව 20-25 අතර මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාවකට බෙදා වෙන් කිරීම,පලාතක ක්‍රියාත්මක වන පරිපාලන දිස්ත්‍රික්කයක් මැතිවරණ කොට්ඨාසයක් බවට පත් කිරීමට උත්සාහ ගැනීම ,මැතිවරණ කොට්ඨාස වලට නමක් ලබා දීම

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ගණන 225කි. ඉන් 29ක් ජාතික ලයිස්තු පදනමින් තෝරා ගනු ලැබූ අතර ඉතිරි 196 පලාතකට 04 බැගින් ආසන 36ක්ද ඉතිරි 160 රටේ මුළු ඡන්ද සංඛ්‍යාව 160න් බෙදා පරිමිත ඡන්ද සංඛ්‍යාව සොයා ගැනීමෙන් අනතුරුව ඒ ඒ කොට්ඨාසයේ ඡන්ද සංඛ්‍යාව පරිමිත ඡන්ද සංඛ්‍යා‍වෙන් බෙදීමෙන්ඒ ඒ කොට්ඨාසයේ මන්ත්‍රීන් ගණන සොයා ගනු ලැබීය.

ඡන්දය දෙන ආකාරය

සංස්කරණය

සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය තුල සරල ක්‍රමයක් භාවිතා විය. අදාල පක්ෂයට ඡන්දය දීමෙන් අනතුරුව අපේක්ෂකයාගේ නම සහ සළකුණ ඉදිරියේ ඡන්දය භාවිතා කරන ලදි.සමානුපාතික ක්‍රමය සංකීර්ණ ක්‍රමයකි. තමන් කැමති දේශපාලන පක්ෂයට ඡන්දය දීමෙන් අනතුරැව මනාප 03 ක් ලකුණු කල හැකිය.


මන්ත්‍රීන් තෝරා ගන්නා ආකාරය

සංස්කරණය

සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ගබා ගත් අපේක්ෂකයා මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වේ . සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ අනුගමනය කරන්නේ තරමක් සංකීර්ණ ක්‍රමයකි. එහිදී පළමුවෙන්ම ඒ ඒ මැතිවරණ කොට්ඨාසයේ වැඩිම ඡන්ද ලැබූ පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමි කර දෙනු ලබයි. ඉන් අනතුරුව 5%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති දේශපාලන පක්ෂ හෝ ස්වාධීනකණ්ඩායම්තරගයෙන් ඉවත් කරනු ලැබේ.ඉන් අනතුරැව ඒ ඒ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබා ඇති ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂව ආසන බෙදා වෙන් කිරීම සිදු කරනු ලබයි.එහිදී,වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව තවදුරටත් තෝරා ගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාවන් බෙදා සම්ප්‍රයුක්ත ඡන්ද සංඛ්‍යාව සොයා ගනු ලබයි. ඉන් පසුව ඒ ඒ පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව සොයා ගැනීම සඳහා ඒ ඒ පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව සම්ප්‍රයුක්ත ඡන්ද සංඛ්‍යාවෙන් බෙදනු ලබයි. ඒ ඒ පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව සොයා ගත් පසුව අපේක්ෂකයන් ලැබූ මනාප සංඛ්‍යාව මත තෝරා ගත් මන්තීවරැ කවුදැයි තීරණය කරනු ලබයි.

පුරප්පාඩු පිරවීම

සංස්කරණය

සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යටතේ පුරප්පාඩු පිරවීම සඳහා අතුරු මැතිවරණයක් පවත්වනු ලබයි. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පුරප්පාඩුවක් ඇති වුවහොත් ලයිස්තුවේ ඊළගට වැඩිම මනාප ලබා ගෙන ඇති පුද්ගලයා තෝරා පත් කර ගනු ලබයි.

මේ අඩවිත් බලන්න

සංස්කරණය

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව

පින්තූර ගැලරිය

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_නියෝජන_ක්‍රම&oldid=568744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි