ලංකාවේ ජාතික පුනරුදය

හැදින්වීම

1848 වර්ෂයේ පැවති සටන නිම වීමෙන් පසු ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහසදිනා ගැනීමට කටයුතු කළ අවධිය, ආගමික හා ජාතික පුනරුද සමය වශයෙනුත්දේශපාලන උද්ඝෝෂණ පැවති සමය වශයෙනුත් කාල පරිච්ෙඡ්ද දෙකකට අයත් වේ.1850 වර්ෂයෙන් පසුව 1915 පමණ වන තෙක් ආගමික හා ජාතික පුනරුදව්‍යාපාරයේ කටයුතුවලට ප‍්‍රමුඛත්වය ලැබුණි. 1915 සිට 1948 දක්වා දේශපාලනඋද්ඝෝෂණවලට මූලිකත්වය හිමි විය.1815 වර්ෂයේ දී උඩරට රාජධානිය බි‍්‍රතාන්‍යයන්ට යටත් වීමෙන් පසුව මෙරටසාම්ප‍්‍රදායික ආගම් හා සංස්කෘතියේ පැවැත්මට බාධා එල්ල විය. මේ නිසා 19 වනසියවසේ අග භාගයේ දී මෙරට බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ජනතාව තුළ ආගමික හා ජාතික වශයෙන් මහත් ප‍්‍රබෝධයක් ඇති විය. එම තත්ත්වය ජාතික පුනරුදය වශයෙන් හැදින්වේ.

ජාතික පුනරුදයේ පසුබිම

යුරෝපීයෝ ආසියාවේ යටත් කර ගත් ප‍්‍රදේශ පාලනය කිරීමේ දී තමන්ට පක්ෂපාතිජනතාවක් ඇති කර ගැනීම සඳහා ස්වකීය ආගම හා සංස්කෘතිය පතුරුවා හැරීමට කටයුතුකළහ. පෘතුගීසීන් හා ලන්දේසීන් මෙරට මුහුදුබඩ ප‍්‍රදේශ පාලනය කළ සමයේ උඩරටස්වාධීන රාජ්‍යයක් පැවති හෙයින් ආක‍්‍රමණිකයන්ගේ ආගමික හා සංස්කෘතික කටයුතුතම පාලන ප‍්‍රදේශවලට පමණක් සීමා විය. එහෙත් උඩරට රාජධානිය යටත් වීමෙන් පසුවබි‍්‍රතාන්‍ය පාලනය යටතේ බටහිර සංස්කෘතිය රට පුරා පැතිර යාමට ෙදාරටු විවර විය.

මිෂනාරී සංවිධානවල කටයුතු

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී මෙරටට පැමිණි විදේශීය සංවිධාන කිහිපයක් කිතුණු දහම රට තුළ පැතිරවීමට ක‍්‍රියා කළේ ය. එම සංවිධාන මිෂනාරී සංවිධාන ලෙස හැඳින්වේ.ක‍්‍රිස්තු වර්ෂ 1804 - 1818 කාලයේ මෙරටට පැමිණි මිෂනාරි සංවිධාන කිහිපයක් පහතදැක්වේ.

මිෂනාරී සංවිධාන ලංකාවට පැමිණි වර්ෂය
ලන්ඩන් මිෂනාරී සමාගම 1804
බැප්ටිස්ට් මිෂනාරී සංවිධානය 1812
වෙස්ලියන් මිෂනාරී සංවිධානය 1814-1815
ඇමරිකන් මිෂනාරී සංවිධානය 1816
චර්ච් මිෂනාරී සංවිධානය 1818


මෙම මිෂනාරි සංවිධානවල සාමාජිකයෝ ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ආගමපැතිරවීමේ කටයුතුවල නිරත වූහ. බැප්ටිස්ට්වරුන් කොළඹ මධ්‍යස්ථාන කොට ගෙනක‍්‍රියාත්මක විය. වෙස්ලියන්වරු උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූහ.ඇමරිකන් මිෂනාරි සංවිධානය යාපනය හා උතුරු ප‍්‍රදේශයේ තම කටයුතු මෙහෙයවිය.චර්චි මිෂනාරිවරු කොළඹ, ගාල්ල, කල්පිටිය, මන්නාරම හා මහනුවර යන ප‍්‍රදේශවල තමකටයුතු මෙහෙයවූහ. මිෂනාරීවරු ලංකාවේ තම ආගම පැතිරවීමේ දී ලේඛනය, දේශනයහා අධ්‍යාපනය යන ක්ෂේත‍්‍ර තුනක් උපයෝගී කර ගත්හ.

ලේඛන මාධ්‍ය යොදා ගැනීම


ලංකාවට පැමිණි මිෂනාරී සංවිධානවලට මුද්‍රණාල පිහිටුවීමට මෙන් ම පොත්පත්සඟරා ආදිය මුද්‍රණය කරවීමට අවශ්‍ය අරමුදල් සහ සංවිධාන ශක්තිය තිබුණි. තමන්ටප‍්‍රධාන ගැටලූවක් වූ දේශීය භාෂා දැනුම ලබා ගැනීමට මිෂනාරී පූජකවරු සිංහල, දෙමළවැනි භාෂා හැදෑරූහ. අනතුරුව බයිබලය සිංහලයට පරිවර්තනය කිරීමටත් සඟරාපුවත්පත් හා පොත් පත් මුද්‍රණය කොට බෙදා හැරීමටත් ඔවුහු කටයුතු කළහ. එසේ මුද්‍රණයකළ ප‍්‍රකාශන කිහිපයක් පහත දැක්වේ.

මුද්‍රණය කළ වර්ෂය ප‍්‍රකාශකගේ නම ුද්‍රණය කළ සංවිධානය
1832 මාසික තෑග්ග චර්ච් මිෂනාරී සංවිධානය
1840 ලංකා නිධානය ආගමික පුස්තිකා සංගමය
1842 උරගල බැප්ටිස්ටි සමාගම

දේශන මාධ්‍ය හා අධ්‍යාපනය

මිෂනාරි පූජකවරු පන්සල් හා මහජනතාව ගැවසෙන වෙනත් ස්ථානවල දේශන පවත්වා තම ආගමික ප‍්‍රචාරවල නිරත වූහ. එසේ ම පාසල් ආරම්භ කිරීම හා එ්වාපවත්වාගෙන යාමටත් ඔවුහු කැපවීමෙන් කටයුතු කළහ. මිෂනාරී අධ්‍යාපන කටයුතුවලටරජයේ අනුග‍්‍රහය ලැබුණි. බි‍්‍රතාන්‍ය පාලන කාලයේ දී රජයේ තනතුරු ලබා ගැනීමට ඉංග‍්‍රීසිභාෂා දැනුම අවශ්‍ය විය. මේ නිසා සිංහල හා දෙමළ දරුවන්ට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලැබීමසඳහා මිෂනාරි පාසල්වලට යාමට සිදුව තිබුණි.

බෞද්ධ පුනරුද ව්‍යාපාරය


මිෂනාරීන් ලේඛන හා දේශන මාධ්‍යවලින් ප‍්‍රතිමා වන්දනාව නිසරු දෙයක් ලෙස ප‍්‍රචාරය කිරීමත්, බෞද්ධ හා හින්දු ඇතැම් සිරිත් විරිත් විවේචනය කිරීමත් නිසා එ්වාට පිළිතුරු දීමේ අවශ්‍යතාවක් පැන නැගුණි. එසේ ම සිංහල දෙමළ වැනි ස්වභාෂා අධ්‍යාපනයට රජයේ අනුග‍්‍රහයක් නො ලැබීම නිසා දේශීය භාෂා අධ්‍යාපනය නගා සිටුවීමේ අවශ්‍යතාවක් ද මතුව තිබුණි. මෙම ගැටලූවලට විසඳුම් සෙවීමේ දී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පුරෝගාමී ව කටයුතු කළහ. වලානේ සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන පිහිටුවීම බෞද්ධ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වැදගත් සිදුවීමකි. සිංහල,පාලි, සංස්කෘත වැනි භාෂා හැදෑරූ දේශීය සංස්කෘතිය අගය කරන ගිහි පැවිදි පඬිවරු පිරිසක් එම පිරිවෙනෙන් බිහි වූහ. එම පිරිසට අයත් හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියෝ වර්ෂ 1873 දී මාලිගා කන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවූහ. රත්මලානේ ධම්මාලෝක හිමියන්විසින් වර්ෂ 1875 දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවන ලදි. මෙසේ පැරණිපිරිවෙන් අධ්‍යාපන ක‍්‍රමය යළි ආරම්භ වීම නිසා තව තවත් උගතුන් බිහිවීම, බෞද්ධපුනරුදයට ආශිර්වාදයක් විය.

මුද්‍රණාල පිහිටුවීම


බෞද්ධයන්ට එතෙක් අඩුපාඩුවක් ව පැවති මුද්‍රණාලයක් පිහිටුවීමට බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියෝ කටයුතු කළහ. මේ සඳහා ලංකාවේ දානපතියන්ගෙන් ආධාර එකතු කොට එය ප‍්‍රමාණවත් නොවීම නිසා සියම් රටේ රජතුමාගෙන් ද ආධාර ලබා ගැනීමට සුමනතිස්ස හිමියන් කටයුතු කර ඇත. එකිී සියලූ මුදල් යොදවා වර්ෂ 1862 දී ගාල්ලේ ලංකෝපකාර මුද්‍රණාලය පිහිටුවීම බෞද්ධ පුනරුදයේ තවත් වැදගත් අවස්ථාවකි.මීට පසුව බෞද්ධයන් විසින් රටේ විවිධ ප‍්‍රදේශවල තවත් මුද්‍රණාල රැුසක් පිහිටුවන ලදි.එබඳු මුද්‍රණාල කිහිපයක නම් පහත දැක්වේ.

බෞද්ධයන් පිහිටුවූ මුද්‍රණාල කිහිපයක්.


⋆ ලංකාභිනව විශ‍්‍රැත මුද්‍රණාලය
⋆ කවටකතික මුද්‍රණාලය
⋆ සුදර්ශන මුද්‍රණාලය
⋆ සරසවි සඳරැුස මුද්‍රණාලය

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_ජාතික_පුනරුදය&oldid=471314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි