අෂ්ඨ මහා නරක අතුරින් සිව් වන නරකය වන මෙම නරකයේ උපත ලබන සත්ත්වයෝ ඉතා විෂ දුමකින් පිළිස්සෙන බැවින් නිතරම වේදනාවෙන් හඬන බව ධර්මයේ සඳහන් වේ. මෙම නිරය දූම රෝරුව හෙවත් රෞරව නිරය ලෙස හැඳින්වේ.

සතුන් මැරීම, සොරකම් කිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, ජල මූලාශ්‍ර කෙළසීම වැනි අකුසල කර්ම කළවුන් කර්මානුරූපීව මෙම නිරයේ උපත ලබති. පාපී පුද්ගලයන්ට අල්ලස් දී ඔවුන් ලවා විවිධ දුසිරිත් සිදු කර ගත්තවුන්ද මෙම මහා නිරයේ පැසෙති.

මිනිස් හට හාරසියයක් අවුරුදු තුසිත පුරයේ දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ රෞරව නරකයේ එක් දවසක් වෙයි. එදවසින් හාරදහසක් අවුරුදු ඒ නරකයෙහි ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ පණස්හත් කෝටි හැටලක්‍ෂයක් මේ නිරයට එක් දිනයකි. එබඳු දින 30ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු වසර හාරදහසක් රෞරව නරකයේ පරමායුෂ වන්නේ ය.[1]

  1. අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell
"https://si.wikipedia.org/w/index.php?title=රෞරවය&oldid=488806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි