සරල බව අයත් කර ගැනීම සඳහා බොහෝමයක් ජංගම රොබෝවරුන්ට රෝද 4ක් පවතී. කෙසේ නමුත් සමහරක් පර්යේෂකයන් වඩා සංකීර්ණ ලෙස රෝද යෙදූ එනම් රෝද එකක් හෝ 2ක් යෙදූ රොබෝවරු නිර්මාණයට යත්න දරයි.

· රෝද දෙකෙන් සමබර වීම : සෙග්වේ එකක් සාමාන්‍යයෙන් රොබෝවරයෙකු සේ නොසැලකුව ද එය රොබෝවරයෙකුගේ අවයවයක් ලෙස සැලකිය හැක.බොහොමයක් සැබෑ රොබෝවරු ඒ හා සමාන ගතික සමබර වීමේ ඇල්ගොරිතමයක් භාවිතා කරන අතර නාසා හි රොබෝනෝට් (Robonaut) සෙග්වේ එකක් මත තබා ඇත.

· බෝල්බොට් (Ballbot) : කානෙජි මෙලන් සරසවියේ පර්යේෂකයන් පාද හෝ රෝද වෙනුවට බෝලයක් මත සමබරව සිටින නව වර්ගයේ රොබෝවරයෙකු නිපදවා ඇත. මෙම බෝල්බොට් ස්වයං අන්තර්ගත බැටරි මඟින් ක්‍රියා කරන ඕනෑම දිශාවකට ගමන් කළ හැකි තනි යුරතේන් ආලේප කරන ලද ලෝහ ගෝලයක් මත සමබරව සිටින රොබෝවරයෙකි. ‍එය රාත්තල් 95ක් බර වන අතර දළ වශයෙන් පුද්ගලයකුගේ උසට සහ පළලට සමාන වේ. මෙම දිග සිහින් හැඩය හා කුඩා ඉඩ කඩවල හැසිරවීමේ හැකියාව නිසා එයට මිනිසුන් සහිත පරිසරවලදී දැනට භාවිතාවන රොබෝවරුන්ට වඩා හොඳින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් ඇත. · ට්‍රැක් රොබෝවරු : තවත් ආකාරයක රෝල් වන රොබෝවරයෙකු වන්නේ පීලි පාරක් ඇති රොබෝවරුය. එනම් නාසාහි නාගරික රොබෝවරයා වන අර්බි (Urbie) වැනි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Robotics#Rolling_Robots

"https://si.wikipedia.org/w/index.php?title=රෝල්වන_රොබෝවරු&oldid=472734" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි