රෝගයක සමාජීය වශයෙන් ඇති වැදගත්කම
රෝගයක සමාජීය වශයෙන් ඇති වැදගත්කම
සංස්කරණයරෝගයක් ඇතිව ජිවත් වීම ඉතාමත් අපහසු කාර්යකි. පුද්ගලයෙකුට ඇති යම්කිසි තත්වයක් එම පුද්ගලයාගේ සිරුරෙහි ආකෘතිමය හෝ ක්‍රියාකාරිත්වයෙහි සරළ වෙනස්වීමක් ලෙස විග්‍රහ කරනවාට වඩා එය රෝගයක් ලෙස හඳුනාගැනීම කැපීපෙනෙන ආර්ථික හා සමාජීය බලපෑමක් ඇති කළ හැකිය. යම්කිසි ආපදා තත්වයකට මුහුණදීමෙන් පසුව ඇතිවන ආතති තත්වයන් , (post traumatic stress disorder) Shell shock , Repetitive stress injury සහ ගල්ෆ්යුධ සින්ඩ්‍රෝමය වැනි රෝග තත්වයන් ඇති බවට මත භේදාත්මක ලෙස හඳුනා ගැනීමට ලක්කළ විට අදාල පුද්ගලයාට, එම රටට සහ ඔහු සේවය කරන ආයතනයට ආර්ථිකමය වශයෙන් ධනාත්මක හා සෘණාත්මක බලපෑම් ඇති කළ හැකිය. වයස්ගත වීම රෝගයක් ලෙස සමාජය තුළ ඇති පිළිගැනීම මේ වන විට වඩාත් පුළුල්ව හදාරා නොමැත.
යම්කිසි තත්වයක් ඇතැම් සංස්කෘතීන් හෝ යුග වලදී රෝගයක් ලෙසට හදුනා ගන්නා අතර අනෙකුත් සංස්කෘතීන් හෝ යුග වලදී එය එසේ නොවේ. Oppositional difiant disorder, Attention deficit hyperactivity disorder යන මානසික රෝග ද අධි ස්ථුලතාවය ද ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ දී රෝග තත්වයන් ලෙස හැදින්වුවද ඒවා මීට දශක ගණනාවකට පෙර සහ වෙනත් රටවල්වල එසේ නොවුණි. ලාදුරු රෝගීන් යනු ඉතිහාසය තුළ එම රෝගයෙන් පීඩා විදිමින් සමාජය තුළ අපකීර්තියට ලක් වූ පුද්ගලයන්ය. යම්කිසි රෝගයක් සදහා ඇති බිය පුළුල්ව පැතිරුණු සමාජීය ආකල්පයක්වන අතර සියළුම රෝගයන් මගින් මෙලෙස සමාජීය අපකීර්ති තත්වයන් ඇති නොවේ.
යම්කිසි රෝග තත්වයක් සමාජීය වශයෙන් නිත්‍යානුකූල කිරීම මගින් ඇතැම් වාසි සහගත තත්වයන් උදාවේ. උදාහරණ වශයෙන් රැකියා ස්ථානයෙහි දී සිදුකරන කාර්යයන් මග හැරීමට සහ අනෙක් පුද්ගලයන් මගින් රැක බලාගැනීමයි. මීට අමතරව රෝගි පුද්ගලයෙකු හට ප්‍රතිකාර ගැනීමට සහ රෝගය සුව වූ පසුව නැවත රැකියා කිරීමට වරප්‍රසාදය ඇත. මේ හා සංසන්දනය කරන විට රෝගයක් හෝ දුබලතාවයක් ලෙස වර්ගීකරණය නොකරන තත්වයක් වන ගර්භණීතාවය සැලකිල්ලට ගත යුතුය. වෙනත් අතකින් බලන කළ වෛද්‍යවරුන් විසින් එය වෛද්‍ය ආධාර ලබාදිය යුතු තත්වයක් සහ සමාජයේ බෙහෝ අය එය රැකියා ස්ථානයෙන් මිදී නිවස තුළ කාලය ගත කිරීමට අවශ්‍යවන තත්වයක් ලෙසට හඳුන්වයි.