රේඩියෝ තරංග
රේඩියෝ තරංග යනු ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ රේඩියෝ සංඛ්‍යාත කොටසෙහි පවතින තරංග විශේෂයකි. ස්කොට්ලන්ත ජාතික භෞතික විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ "ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්" විසින් වර්ෂ 1865 දී රේඩියෝ තරංග ඇති බවට ගණිතමය ක්‍රමයක් මගින් සෛධාන්තිකව සනාත කරන ලදී. රේඩියෝ තරංග, විද්‍යුත් චුම්බක තරංග ලෙසට අවකාශයේ ගමන් කරන බවටද ඔහු සමීකරණ කිහිපයක් මගින් පෙරයීම් කලේය.
සොයා ගැනීම සහ යොදා ගැනීම
සංස්කරණයවර්ෂ 1887දී ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයකු සමීකරණ ප්‍රායෝගිකව සහතික කරන ලදී.රේඩියෝ තරංග රැහන් රහිත තොරතුරු සන්නිවේදනයේදී භාවිත කිරීම සඳහා එතන් පටන් විවිධ නිපැයුම් බිහිවිය. එවැනි නිපයුම්හි ලා "නිකොලා ටෙස්ලා"(ඔස්ට්‍රියානු) සහ "ගැලීලියෝ මාර්කෝනි"(ඉතාලියානු) පුරෝගාමී වූහ.
රේඩියෝ සංඛ්‍යාත කොටස
සංස්කරණයව්ද්යුත් චුම්බක වර්ණාවලියට අයත් රේඩියෝ තරංග, සංඛ්‍යාතය පදනම් කරගෙන පහත දැක්වෙන පරිදි "සංඛ්‍යාත වර්ණාවලි සටහනක" සංඛ්‍යාත ඛණ්ඩ වලට බෙදා දැක්විය හැක.