රෙදෙවු තෙලික්සුවක්[2] ‌යනු අහසේ වන තරුවිදු රෙදෙවු ප්‍රභවයන්ගෙන් එන රෙදෙවු තරංග හඳුනාගනුව යෙදෙන වෙසෙසි ඇහැසියක්[3] හා රෙදෙවු ග්‍රාහකයක් හා වේ. තරුවිදු වස්තූන්ගෙන් විහිදෙන පැහැපතුරුවේ එළි තරංග කොටස හදාරන සම්ප්‍රදායික එළියුරු තරුවිදුවෙහි ගැනෙන ප්‍රධාන නිරික්සුම් උවාරණය එළියුරු තෙලික්සු[4] වන්නා සේ, රෙදෙවු තෙලික්සු යනු තරුවිදු වස්තූන්ගෙන් විහිදෙන විදු-යකැති පැහැපතුරුවේ[5] රෙදෙවු නිතැරියා[6] කොටස හදාරන රෙදෙවු තරුවිදුවෙහි ගැනෙන ප්‍රධාන නිරික්සුම් උවාරණය යි. එළියුරු තෙලික්සු මෙන් නො වැ රෙදෙවු තෙලික්සු දිවා රෑ දෙ කල්හි මැ යෙදාගත හැකි.

පාර්ක්ස් නිරික්සුම්හලේ සූසැට-මීතර රෙදෙවු තෙලික්සුව - 1969 දී එය ඇපලෝ 11 වෙතින් සජීවී වැ තෙලදිස්වු විදිසිය[1] ලැබීමට යෙදා-ගැනෙන විටැ දුටු පරිදි.

ගහ ලෝ, තරු, නිහාරිකා හා මන්දාකිණි හා වැනි ඉදුරින් වන තරුවිදු රෙදෙවු ප්‍රභවයන්ගෙන් එන රෙදෙවු තරංග අතිශයින් දුඹුල් බැවින් ඒවා හැදෑරීමට සෑහෙන තරම් රෙදෙවු ඔදයක්[7] රැස් කැරැ ගැන්මට රෙදෙවු තෙලික්සුවලට සුවිසල් ඇහැසි හා අතිශය සංවේදී ග්‍රාහක උවාරණ හා ඇවැසි වේ. රෙදෙවු තෙලික්සු යනු, සැමැනියෙන් සහසරු හා අජටහස් එබික්සු යානා[8] හා ලුහුබැඳීමටත් ඒවා සමඟ සැළකුරනුවත් යෙදා-ගැනෙන ඒවාට සම වන, විසල් පරාවලයික ("දීසි") ඇහැසි වේ. ඒවා අරාවක[?] තනි තනි වැ හෝ විදුරොන්කුරු වැ[?] [9] එකට ඈඳා හෝ යෙදාගත හැකි. රෙදෙවු නිරික්සුම්හල් ප්‍රධාන විසින් ජනගහනය වැඩි පෙදෙස් වලට ඉදුරින් පිහිටයි. ඒ රෙදෙවු, තෙලදසුන්, රේඩාර්, බමවන රිය හා අනෙකුදු මිනිසුන් තැනූ විදුරොන් අටව්වලින් හා වන විදු-යකැති අතුරුවැදීම්[?][10] වළක්වා ගනුවයි.

අජට'හසෙහි සිටැ එන රෙදෙවු තරංග ඉදිකුරු කාල් ගුතේ ජැන්ස්කි විසින් 1932 දී නිව් ජර්සිහි හොල්ම්ඩෙල්හි බෙල් තෙලබණු විදුගරෙහි දී රෙදෙවු ග්‍රාහක අවසද හදාරනුව සෑදු ඇහැසියක් මඟින් පළමු වරට අනාවරණය කැරැ-ගැනිණි. අරමුණක් ඇති වැ තැනූ පළමු රෙදෙවු තෙලික්සුව වූයේ රෙදෙවු දුහුනු[11]ග්‍රෝට් රෙබර් විසින් 1937 දී ඉලිනොයිසයේ වීටන්හි ඔහුගේ පසු-මිදුලේ ඉදිකැරුණු මීතර 9ක පරාවලයික දීසියෙකි. ඔහු විසින් කැරුණු අහස් මිනික්සුම[12] බොහෝ විටැ රෙදෙවු තරුවිදු පිටියෙහි ඇරැඹුම ලෙස සැලකේ.

  1. ^ Live televised video
  2. ^ රෙඩියෝ දුරේක්ෂය
  3. ^ antenna / aerial
  4. ^ Optical telescopes
  5. ^ Electromagnetic spectrum
  6. ^ Radio frequency
  7. ^ Radio energy
  8. ^ Satellites and space probes
  9. ^ Electronically
  10. ^ Electromagnetic interference (EMI)
  11. ^ Radio amateur
  12. ^ Sky survey
"https://si.wikipedia.org/w/index.php?title=රෙදෙවු_තෙලික්සුව&oldid=681684" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි