රූපවාහිනී - වැඩසටහන්ගත කිරීම

රූපවාහිනී වැඩසටහන්ගත කිරීම මහජනයාට පෙන්වීම බොහෝමයක් ආකාරවලින් සිදු විය හැක. නිෂ්පාදනයෙන් පසු ඊළඟ පියවර වන්නේ වෙළඳ පොළ වන අතර එමඟින් වෙළඳ පොළ විවෘත ඕනෑම තැනකට නිෂ්පාදනය බෙදා හරී. මෙය සිදු වන්නේ මට්ටම් 2ක් මතය.

1. පළමු ධාවනය - නිෂ්පාදකයෙක් ඒක හෝ බහු කථාංගවලින් යුත් වැඩසටහනක් නිර්මාණය කරන අතර එය නිෂ්පාදනය සඳහා ගාස්තු ගෙවා ඇති හෝ නිෂ්පාදකයා මඟින් අවසර ලබා දී ඇති ජාලයක් මත ප්‍රදර්ශනය කරයි. 2. ව්‍යාපාරගත කිරීම - මෙය ද්විතීක වැඩසටහන්කරන භාවිත විස්තර කිරීම සඳහා පුළුල්ව භාවිතා වන වදනකි. මෙයට ප්‍රථම නිකුත් කිරීම සිදු කළ රටෙහි ද්විතීක ධාවන මෙන්ම නිෂ්පාදකයා විසින් පාලනය කරන ‍හෝ නොවන ජාත්‍යන්තර භාවිත ද ඇතුළත් වේ. බොහොමයක් අවස්ථාවලදී වෙනත් කම්පැනි රූපවාහිනී නාලිකා හෝ පුද්ගලයන් ව්‍යාපාර කිරීමේ කාර්යය යෙදී ඇත. වෙනත් වචනවලින් ප්‍රකාශන හිමිකම් ධාරකයන් ගෙන් හෝ බොහෝමයක් අවස්ථාවල නිෂ්පාදකයන්ගෙන් අවසර ලැබී ඇති වෙළඳ‍පොළ සඳහා නිෂ්පාදන විකිණීම ලෙස ද මෙය හැඳින්විය හැක.

එක්සත් ජනපදයෙන් පිට ප්‍රථම ධාවන වැඩසටහන්ගතකරණය ග්‍රාහක සේවා මත වැඩියෙන් පවතින නමුත් සමහරක් ගෘහස්තව නිෂ්පාදනය කෙරුණු වැඩ සටහන් ගෘහස්ථ FTA මත ව්‍යාපාරගත වේ. කෙසේ නමුත් මෙම ක්‍රියා පිළිවෙල digital only FTA නාලිකාවල හෝ subscriber – only ප්‍රථම ධාවන ද්‍රව්‍ය මත වර්ධනය වේ.

එක්සත් ජනපදය මෙන් නොව FTAජාල වැඩසටහන්වල නැවත FTA තිරගත කිරීම සිදු වන්නේ එම ජාලයේ පමණි. තවද අනුබන්ධකයින් දේශීය අවස්ථා මත පදනම් නොවූ ජාල ‍ගත නොවූ වැඩසටහන්ගත කිරීම් මිළ දී ගැනීම හෝ නිෂ්පාදනය කිරීම සිදු කරන්නේ ඉතා කලාතුරකිනි.