රූපවාහිනී වෙළෙඳ දැන්වීම්

සමහර රටවල රූපවාහිනි සේවයන් පවත්වාගෙන යාමට මූල්‍ය ශක්තිය වන්නේ බලපත්‍ර සඳහා අය කරනු ලබන බදු මුදලයි. ඉන් අදහස් වන්නේ වෙළෙඳ දැන්වීම් මඟින් ලැබෙන ආදායම ඉතා අඩු කාර්යක් කරන බවයි. සමහර විට වෙළෙඳ දැන්වීම් භාවිතය කෙසේවත් නොකරන බව ද පැහැදිලි වේ. සමහර රූපවාහිනී සේවයන් වෙළෙඳ දැන්වීම ප්‍රචාරය කිරීම ඉතා අඩුවෙන්ම හෝ ප්‍රචාරය නොකරන තත්ත්වයේම ඇත. පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

එක්සත් රාජධානියේ BBC සේවය හා ඕස්ට්‍රේලියාවේ ABC සේවය. සංස්කරණය

BBC සේවය කිසිම වෙළෙඳ දැන්වීමක් ප්‍රචාරය නොකරන අතර එහි මුල්‍යමය අවශ්‍යතා සපුරා ගනුයේ රූපාවාහිනී පාවිච්චි කරන්නන්ගෙනි. අයකර ගන්නා බලපත්‍ර රජය මඟින් නියම කරනු ලැබූ ද BBC ආයතනයේ ඊට ප්‍රතිචාර නොදක්වයි. එපරිදි BBC ආයතනය ස්වාධීන ආයතනයක් ලෙස සිය තීරණ ගනු ලබයි. මෙසෙ අය කරන ගන්නා බදු මුදල් රේඩියෝ සේවයන්, විකාශන මධ්‍යස්ථාන හා BBC වෙබ් අඩවි සඳහා මූල්‍ය ශක්තිය ලබා දේ.

ලෝක ජනගහනයෙන් 90% සෑම සතියකම BBC සේවය නරඹනු ලබන අතර 27%කගේ දායකත්වයක් නරඹන්නන්ගෙන් චරිත නිරූපණය කරන අයට ලැබේ. මෙම දායකත්වය නිසා විවිධ චැනලයන් නැරඹීමේ 85% ක හැකියාවක් ඇති ජන කොටසක් සිටියි. ඉන් 42% එම සේවයන් නරඹන්නේ චන්ද්‍රිකා තාක්ෂණ ඔස්සේ චැනලයන් 200ක් නැරඹීමේ හැකියාව තිබිය දීය. එසේම තවත් 43%ක ප්‍රමාණයකට නිදහස් දර්ශකයන් 30ක් සමග ලබා ගැනීමේ පහසුකම ද ඇතුළත් වේ. මෙම බදු ආදායම්වලින් මූල්‍ය ශක්තිය ලබා දෙන BBC රූපවාහිනී සේවයට එනම් වෙළඳ දැන්වීම් භාවිතා නොකරන ආයතනයනට වැයවන මුදල වාර්ෂිකව පවුම් 136 ක මුදලකි. එය තම ආයතනය සතුව ඇති රූපවාහිනී ප්‍රමාණයට වැයවන මුදලට අමතරවය. BBC චැනලය හා වාණිජමය චැනලය යන දෙකෙහි ක්‍රීඩා තොරතුරු ඉදිරිපත් කිරීමේ දී BBC චැනලය නිතරඟයෙන් නරඹන්නන් අතර වැඩිම ආකර්ශනයක් දිනාගන්නට සමත්වෙයි. එයට හේතුව නම් ක්‍රීඩා තරඟ නරඹන්නන් බාධාවකින් තොරව නොවී නැරඹීමට වඩා රුචි කරන බැවිනි.


ABC ඕස්ට්‍රේලියානු ප්‍රචාරක සංස්ථාව වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය නොකරන අතර එසේ ප්‍රචාරය කිරීම 1983 පනවනු ලැබූ ව්‍යවස්ථාවකට අනුව තහනම් කිරීමට ලක් කර ඇත. සිය මූල්‍ය අවශ්‍යතා ඕස්ට්‍රේලියානු රජය මඟින් සෑම අවුරුදු තුනකට සැරයක් ලබා දීම සිදු කෙරේ. 2006/2007 අයවැයෙන් ABC ආයතනය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 822.67 ලැබූ අතර එය සිය වියදම් හා වගකීම් පියවීමට ප්‍රමාණවත් විය. එසේම ABC සාප්පු සංකීර්ණයන්ගෙන් ද සිය අරමුදල තර කර ගැනීමට අවශ්‍ය තරම් මුදල් උපයා ගනී. රූපවාහිනී දැන්වීම්

දැන්වීම් ප්‍රචාරණය මිනිසුන්ගේ හැසිරීම හා විශ්වාස වලට බලපෑම් ඇතිකරන නිසා රූපවාහිනිය දැන්වීම් ප්‍රචාරය කිරීමේ බලවත් මාධ්‍යයක් වේ. රූපවාහිනි ස්ථාන ඔවුන්ගේ ගුවන් කාලය ප්‍රචාරණය කරන්නන්ට විකිණීම හරහා තම වැඩසටහන් වලට අරමුදල් සපයා ගැනීම සිදුකරයි.

ඇමරිකා ජනපදය සංස්කරණය

එහි 1940 ඇමරිකාවේ ආරම්භයේ සිට රූපවාහිනී වාණිජ දැන්වීම් භාණ්ඩ, විශේෂයෙන්ම පාරිභෝගික භාණ්ඩ, විකිණීමේ වඩා කර්යක්ෂම හා ජනප්‍රිය ක්‍රමයක් බවට පත්ව ඇත. ඇමරිකානු දැන්වීම් ගාස්තු මූලිකවම "නියෙල්සන් ගාස්තු" මඟින් තීරණය කරයි. දවසේ කාලය හා චැනලයේ ජනප්‍රියතාවය රූපවාහිනී දැන්වීමේ ගාස්තු තීරණය කරයි. උදාහරණයක් ලෙස ඉතා ප්‍රසිද්ධ "ඇමරිකානු අයිඩල්" වැඩසටහන තප්පර 30 වාණිජ කාලයක් සඳහා ඩොලර් 750,000 පමණ ද, "ලෝක කුසලාන" හෝ "සුපර් බව්ල්" (Super bowl) වැඩසටහන් ඩොලර් මිලියන ගණනක් අයකල හැක.

මෑත අවුරුදු වලදී, ගෙවන ලද වැඩසටහන් හෝ දිගු වාණිජ දැන්වීම් (බොහෝ විට විනාඩි ‍30 හෝ පැයක් පමණ ඒවා) ප්‍රසිද්ධියට පත්වී ඇත. සමහර ‍ෙඖෂධ ආයතන වැඩසටහන් අධ්‍යක්ෂකවරුන්ට මුදල් ගෙවා ප්‍රවෘත්ති අංග ප්‍රචාරණය කරවයි.

සමහර TV වැඩසටහන්, වෙළඳ දැන්වීම් තම දර්ශන වලට ද එකතු කරගනනී. මෙය "භාණ්ඩ ස්ථාපනය" (Product Placement) ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස චරිතයක් එක්තරා වර්ගයක බීමක් පානය කිරීම, එක්වර්ගයක ආපන ශාලාවකට යාම වැනි දර්ශන, සමහර අවස්ථාවල දී නියමිත වෙළඳ නාමයක් හෝ ගායකයෙකුගේ හෝ කණ්ඩායමක ගේ සංගීතය දර්ශන වලට යොදාගනී. (මෙයට සමර ශිල්පීන්ගේ ආගන්තුක ඉදිරිපත් කිරීම් (Guest appearance) අයත් නැත)

එක්සත් රාජධානිය සංස්කරණය

රූපවාහිනී නියාමකයන් එක්සත් රාජධානියේ දැන්වීම් පාලනය කරයි. එහි සීමා කිරීම් වාණිජ රූපවාහිනියේ මුල් කාලයේ සිටම පැවත එයි. එසේ වුවත්, රූපවාහිනී ප්‍රධානී ලූ ග්‍රේඩ් (Lew Grade) "ප්‍රචාරය කිරීමේ බලපත්‍රය" "මුදල් මුද්‍රණය කිරීමේ බලපත්‍රයක්" කට සමාන බව පවසයි. මෙම සීමා කිරීමට අනුව ප්‍රධාන ජාතික චැනල තුන්වන, ITV, චැනල් 4 හා 5 වලට පෙන්විය හැක්කේ උපරිම වශයෙන් පැයකට විනාඩි 7 ක ප්‍රචාරය කිරීමක් පමණි. (කාර්යබහුල වේලාවන් වල විනාඩි 8ක්) අනිකුත් ප්‍රචාරය කරන්නන්ට උපරිම වශයෙන් පැයකට විනාඩි 9 ක දැන්වීම් කාලයක් ලබා දී ඇත. (කාර්ය බහුල පැය වල විනාඩි 12 ලෙස). මේ නිසා ආනයනය කරන ලද ඇමරිකානු වැඩසටහන් වල අස්වාභාවික නැවතීම් දැකිය හැකි අතර මේවා එකස්ත් රාජධානි ආයතන වලින් ඇමරිකානු දැන්වීම්වලට ඉඩදීමට සංස්කරණය කල ඒවාය. කාලීන වාර්තා හෝ ප්‍රවෘත්ති වැඩසටහන් තුලට වෙළඳ දැන්වීම් ඇතුලත් නොකල යුතුයි. එලෙසම ආගමික වැඩසටහන්, පාසල් වැඩසටහන්, ආගමික භක්තිය පිළිබඳ වැඩසටහන් හා රජකීය උත්සව වැනි දර්ශන තුලට දැන්වීම් ඇතුලත් නොකල යුතුය. එලෙසම වැඩසටහන් හා දැන්වීම් අතර පැහැදිලි කාල බෙදීමක් පැවතිය යුතුය.

BBC ය, වාණිජමය නොවන අතර දැන්වීම් පෙන්වීමට ඉඩදෙන්නේ නැත. ඔවුන්ගේ ආදායමෙන් විශාල කොටසක් TV බලපත්‍ර මඟින්ද ඔවුන්ගේ වැඩසටහන් අනිකුත් ප්‍රචාරය කරන්නන්ට අලෙවියෙන්ද උපයා ගනී. එක්සත් රාජධානියෙන් පිටත පෙන්වන BBC වැඩසටහන් වලට දැන්වීම් ඇතුලත් විය හැක. ඊට හේතුව වන්නේ ඒවා බලපත්‍ර කුලී නොගෙවන බැවිනි.

සටහන් සංස්කරණය

Television Content