රුඩොල්ෆ් ඩීසල්

මුල් අවධිය සංස්කරණය

රුඩොල්ෆ් ඩීසල් උපත ලද්දේ 1858 වර්ෂයේදී ප්‍රංශයේ පැරිසියේ නුවරදීය. දරුවන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු දෙවනියාය. පියා නියඩෝර්නාය. මව එලිස් ඩීසල් නම් වූවාය. ඩීසල් තම ළමා කාලය ප්‍රංශයේ ගත කළේය. 1870 පැවැති ප්‍රෑන්නෝ පර්සියන් යුද්ධයේදී ඔහු ලන්ඩනයට ගියේය. වයස අවු 12 දී ඩීසල්ව ඔහුගේ මාමා සහ නැන්දනිය‍ට භාර කෙරිණි. ඔවුන් විසුවේ ජර්මනියේ ඩස්බර්ග්හිය. වයස අවු. 14 දි රුඩොල්ෆ් තමන්ට ඉංජිනේරුවකු වීමට අවශ්‍ය බව ලිපියකින් සිය දෙමාපියන්ට සැල කළේය. 1873 දී තම මුලික අධ්‍යාපනය ඉතා ඉහලින් සමත් වූ ඔහු නව කාර්මික විද්‍යාලයට ඇතුලත් වුයේය. 1875 දී ඔහුට මියුනික් හි Royal Bavarian Polytechnic වෙතින් සම්මාන ශිෂ්‍යත්වයක් හිමිවිය.

පසු අවධිය සංස්කරණය

බෙන්ස් එන්ජින් වෙනුවට ඩීසල් ස්වකීය එන්ජිමක් නිර්මාණය කළේය. ඔහු Carnot cycle මත පදනම් වූ එන්ජිමක් නිර්මාණය කිරිමටද උත්සාහ දැරීය. අවසානයේ ඔහු ස්වකීය නිෂ්පාදනයන් කල අතර, ඒවාට පේටන්ට් බලපත්‍රද ලබා ගත්තේය. 1893 වර්ෂයේ දී ඔහු ජර්මන් භාෂාවෙන් ලියු 'Theory and design of a rational thermal engine to replace the steam engine and the combustion engines know today' යන ඉංග්‍රීසි තේරුම ඇති පොත බර්ලිනයේ ස්පිරින්ග් වෙලාර්ග් හා එකතුව ලේඛන ගත කළේය. මෙම සිද්ධාන්ත මත ඔහු නිර්මාණය කළ ඩීසල් එන්ජිම එළිදැක්විණි. බග්ස්බර්ග් හි එන්ජින් නිෂ්පාදනයක් වන MAN AG ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වූ හේන්ඩ් වොන් බස් (1833 – 1918) ඩීසල් හට තම අදහස් ක්‍රීයාවට නැංවිමට අවස්ථාවක් ලබා දුන්නේය. ඉන්පසු ඩීසල් තම නිෂ්පාදනයට ජර්මනිය තුළ හා ඇමරිකාව හා වෙනත් රටවල් තුළ පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය. 1913 සැප්තැම්බර් 29 වන දා ඔහු සමුළුවකට සහභාගී විම පිණිස නැවක ගමන් ගත්තේය. එදින රාත්‍රී ආහාරයෙන් පසු ඔහු රාත්‍රි 10 ට පමණ නින්දට ගියේ පසු දා උදැසන 6.15 ට පමණ අවදිවන අදහසිනි. එහෙත් ඉන්පසු ඔහුව ජීවමානව දැකිය නොහැකි විය. ඉන් දින 10 කට පසු 'Coertsen' හි නැවියෝ මුහුදේ පාවෙන දේහයක් දැක එය ගොඩට ගත්හ. එහෙත් ඒ වනවිට දේහය නරක් වී තිබුණු හෙයින් එහි තිබු පෞද්ගලික භාණ්ඩ පමණක් ලබා ගැනුණි. ඒ අතරින් උපැස් යුවල, සාක්කු පිහිය, පොකුට්ටුව, ආදිය ඔහුගේ පුත් පියුගල් ඩීසල් විසින් තම පියාගේ බව හඳුනා ගන්නා ලදී. ඒ 1913 ඔක්තෝම්බර් 13 වැනිදාය.

සටහන් සංස්කරණය

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Rudolf Diesel

"https://si.wikipedia.org/w/index.php?title=රුඩොල්ෆ්_ඩීසල්&oldid=470515" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි