රිචර්ඩ් ගේබ්රියල්

රිචඩ් ගේබ්‍රියල්  උපත ලබන්නේ 1924 පෙබරවාරි මාසේ 19 දි මාතරදිසී ය. සිය පියාගේ හදිසි වියෝවෙන් අනතුරුව සිය පවුලේ සාමාජිකයින් සමග ඔහු උපන් ගම වන මාතරින්  දෙහිවල පදිංචියට පැමිණේ. දෙහිවල ජීවත්ව සිටියදී ඔහු අධ්‍යාපනය ලබන්නේ බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයෙනි. අවුරුදු විස්ස පමණ වියේදී ඔහු කොලඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ චිත්‍ර ගුරුවරයෙකු හැටියට සේවය කරන ලද අතර ඔහුගේ සහෝදරයෙකු වන එඩ්මන්ඩ් ගේ මාර්ගයෙන් එවක බිහිව තිබූ 43 කණ්ඩායමේ සාමාජිකයකු වන අයිවන් පීරිස් ගේ ආරාධනයෙන් ඔහු 43 කණ්ඩායමට එක් වේ. ඒ වන විට ඒ කණ්ඩායමේ සිටිය සාමාජිකයින් අතර ගේබ්රියල් ලාබාලම සාමාජිකයා වේ. ඔහු අයිවන් පීරිස් හා හැරී පීරිස් යන දෙපලගේ ශිෂ්‍යයකු වෙමින් චිත්‍ර කලාව තව දුරටත් හැදෑරු අතර 1952 දි බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් පිරිනැමූ ශිෂ්‍යත්වකින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි Chelsea School of Art හිදී කලාව පිළිබද දැනුම තව දුරටත් මුවහත් කර ගන්නා ලදි.ඔහුගේ කෘති අතර ආදම් සහ ඒව, මරණයේ හා සාමයේ දූතයා, තිම්බිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේ Bas-Relief Stations of the cross, ජේසු නිකායික දේවස්ථානයේ උත්ථානවූ ක්‍රිස්තුස් කැටයම්, ජාතික සෙමනේරියේ අඩි අටහමාරක් උස මැඩෝනා කැටයම් ආදිය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=රිචර්ඩ්_ගේබ්රියල්&oldid=454546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි