රැකි රක්ෂා නීතිය - (ජාත්‍යන්තර කම්කරු නීතිය)

රැකි රක්ෂා නීතිය - (ජාත්‍යන්තර කම්කරු නීතිය)

ගෝලීයකරණය වන ආර්ථිකය තුළ කම්කරුවන් පිළිබඳ වැදගත් සැලකිල්ලක් සහ කම්කරු අයිතීන් වැදගත් යැයි සලකන්නන්ගේ පොදු සමාජ සම්මතය වන්නේ පොදු වෙළඳ පොළ වර්ධනය සඳහා ආධාර වීමයි. කෙසේ වෙතත් යුරෝපා සංගමය තුළ පවතින කම්කරු නීතිය හැරෙන්නට කම්කරු නීතිය සම්බන්ධ සැලකිය යුතු ජාත්‍යන්තර බලාත්මක කිරීමක් නොමැත. ලෝක වෙළඳ සංවිධානයේ දෝහා වෙළඳ සාකච්ඡා වට වල දී අවධානයට ලක් වූ එක් වැදගත් කරුණක් වූයේ කම්කරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවම මට්ටමින් ක්‍රියා කිරීම ට සකච්ඡා කිරීමයි. මෙහි දී සකච්ඡ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ජිනීවා නුවර මූලස්ථානය පිහිටිවා ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානය දැනට පවතින පැරණිතම ජාත්‍යන්තර සංවිධාන වලින් එකක් වන අතර එය පළමු ලෝක යුද්ධයෙන් පසුව ජාතීන්ගේ සංගමය පිහිට වූ කාලයේ දී සිට තවමත් පවතින එකම සංවිධානයයි. එහි නියමු මූලධර්මය වනුයේ කම්කරුවා භාණ්ඩ හා සේවා නැතීනම් ප්‍රාග්ධනය මෙන් වෙළඳ පලේ විකිණෙන දෙයක් නොවන වගත් සහ සේවා ස්ථානයේ දී සමාන ව සැලකීමට සහ සාධාරණත්වයෙන් කටයුතු කිරීම මානව ගරුත්වයේ අවශ්‍යතාවක් ය යන්නයි. දැනට ජාත්‍යන්තර කම්කරු සංවිධානය පාර්ශ්ව රටවල කම්කරු ප්‍රමිතීන් කෙසේ විය යුතුද යන්න පිලිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවක් නිර්මානය කෙට ඇත. එම රටවල් එම සම්මුතීන් තම නීතිය තුල ස්ථීර කිරීමට බැඳී සිටී. මෙම සම්මුතීන් බලාත්මක කිරීමේ ක්‍රමවේදයක් නොමැතීි අතර ප්‍රායෝගික චශයෙන් බොහෝ සම්මුතීන් තුල එලෙස එකඟතාවක් නෙමැත. යුරෝපා කම්කරු නීතිය යුරෝපා වැඩ කිරීමේ කාල නියමයන් ට අනුව සතියකට වැඩ කල යුතු අවම කාලය පැය ගණන 48 කටත් සෑම පැය 24 වරක් ලබා දෙන අවම විවේක කාලය පැය 11 කටත් සීමා කොට ඇත. සියලුම යුරෝපා සංගම් නියමයන් මෙන් මෙම නියමයද සියලුම සාමාජික රටවල් තම නීතිය තුල ක්‍රියාත්මක කල යුතු නමුත් එක්සත් රාජධානිය තුළ පැය 48 සීමාවෙන් ඔබ්බට යාමට හැකියාව ඇත. ප්‍රංශයේ තුල සතියකට වැඩ කල යුතු අවම කාලය පැය 35 කට සීමා කොට ඇත.