රාජා රාණි (රූපවාහිනී කතාමාලාව)

රාජා රාණි (දෙමළ: ராஜா ராணி) යනු සංජීව් සහ ආලියා මානසා විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන 2017 ඉන්දියානු දෙමළ ප්‍රේම වෘත්තාන්ත සෝප් ඔපෙරාවකි.[1][2] මෙය 2016 සිට ස්ටාර් ජල්ෂා නාළිකාව ඔස්සේ විකාශය වන කේ අපොන් කේ පෝර් බෙංගාලි රූපවාහිනී කතාමාලාවේ ප්‍රතිනිර්මාණයකි. 2017 මැයි 29 සිට විජයි ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා තෙක් 19:00ට (IST) මෙය විකාශය වේ.[3][4] මෙය දෙයිවම් තන්ද වීඩු කතාමාලාව විස්ථාපනය කරමින් විකාශය වේ.

රාජා රාණි
ප්‍රභේදයසෝප් ඔපෙරා
ප්‍රේම වෘත්තාන්ත
පවුල
නාට්‍ය
මත පදනම්වකේ අපොන් කේ පෝර්
අධ්‍යක්ෂණය කලේප්‍රවීන් බෙනට්
රඟපෑම
තේමා සංගීත නිර්මාණකරුඉලයවන්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ
කථාංග ගණන77
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)වෙන්කඩේශ් පාපු
සංස්කාරක(යන්)
  • ඩී. ප්‍රේම්
  • පී. ඒ. විනෝත් කුමාර්
ස්ථානය(න්)තමිල් නාඩු
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 22–24
ප්‍රචාරණය
මුල් නාලිකාවවිජයි ටීවී
මුල් ධාවනය29 මැයි 2017 (2017-05-29) – වර්තමානය
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේදෙයිවම් තන්ද වීඩු
සබැඳි දර්ශනකේ අපොන් කේ පෝර්
බාහිර සබැඳි
වෙබ් අඩවිය

කථාපුවත සංස්කරණය

මෙමගින් නිරූපණය වන්නේ රාජසේඛර්ගේ පවුලේ සේවිකාවක වන සෙන්බාගේ (ආලියා මානසා) කථා පුවතයි. රාජසේඛර් සහ ඔහුගේ බිරිඳ වන ලක්ෂ්මී යන දෙදෙනාම සෙන්බාට සලකන්නේ තමන්ගේම දියණියක ලෙසයි. නමුත් ඔවුන්ගේ ලේලියන් වන අර්චනා සහ වඩිවු ඇයට එසේ සලකන්නට මැලි වේ. රාජසේඛර්ගේ බාල පුතු වන කාර්තික් (සංජීව්) නැවත චෙන්නායි වෙත පැමිණෙන්නේ සිංගප්පූරුවේ සිට ය.

රාජසේඛර්ගේ ලේලියන් දෙපළ මෙන්ම ඔහුගේම වැඩිමහල් දියණිය පවා සෙම්බා සහ කාර්තිට එරෙහි වෙති. ඔවුන් කාර්තිව බාධාවක් ලෙස සලකන්නේ දේපළවලින් ඔවුනට හිමි වන කොටස අඩු විය හැකි නිසාවෙනි. විද්‍යාඥයකු වන කාර්ති සිංගප්පූරුවේ සිට පැමිණෙයි. මේ අතර කාර්තිගේ පෙම්වතිය වන දිව්‍යා ද සිංගප්පූරුවේ සිට පැමිණෙන්නේ ඔහුගේ පවුල හමුවීමට ය.

එක් දිනක කාර්ති වෙනුවෙන් පැවති පූජාවක දී, දෙවන ලේලිය වන වඩිවුගේ සොහොයුරා වන සංජේ සෙන්බාට අතවර කරන්නට තැත් කරයි. කාර්ති මෙය හෙළිකරයි. අනතුරුව කාර්ති සෙන්බාට විවාහයක් සිදුකොට දීමට යෝජනා කරයි. කාර්ති චෙන්බාගේ තොරතුරු මංගල වෙබ්අඩවියකට ඇතුළත් කරයි. ඇයව බැලීමට මනමාලයකු පැමිණෙන නමුත්, සංජේ ඇය පිළිබඳ අයහපත් දෑ පවසමින් එය ව්‍යර්ථ කරයි. අර්චනා ද සංජේ සමගින් වඩිවු සහ සෞම්‍යාට සහාය වන්නී ය.

මේ අතර අර්චනා කුමන්ත්‍රණයක් සැලසුම් කරමින් සිය දූරස්ථ බේබදු ඥාතියකු සෙන්බාට මනාලයකු ලෙස ගෙන එයි. මුලින් කාර්ති අර්චනා පිළිබඳ සැක කළ ද, පසුව සිය අදහස වෙනස් කරගනියි. මනාල පාර්ශ්වය දින දෙකක් ඇතුළත විවාහ යෝජනාව ගෙන එන අතර, රාජසේඛර් පවුල ද එය පිළිගනියි. සියලු දෙනාම සතුටින් යුතුව විවාහයට සූදානම් වෙති. නමුත් හෙළිවන්නේ මනාලයාට විවාහ වූ තැනැත්තකු බවත්, ඔහු සිය බිරිඳ අත්හැර සෙන්බාව විවාහ කරගන්නට උත්සාහ කරන බවත් ය.

අවසානයේ විවාහය අවලංගු කෙරෙන අතර, සෙන්බාට අනුකම්පා කරමින් සියලුදෙනා රාජසේඛර්ට දෝෂාරෝපණ නගති. අනතුරුව සෙන්බාව කාර්තිට විවාහ කොටදීමට රාජසේඛර් තීරණය කරයි. එහි දී කාර්ති තමන් දිව්‍යාට පෙම් කරන බව හෙළිකරයි. පුවලේ සියලු දෙනාම එය පිළිගනිති. මේ නිසා ඔවුහු විවාහ ගිවිස ගැනීම සෙන්බාගේ විවාහ දිනයේ පැවැත්වීමට තීරණය කරති. සිංගප්පූරු‍වේ සිට පැමිණෙන තම දෙමාපියන් රැගෙන ඒමට දිව්‍යා ගුවන් තොටුපළ වෙත යයි. වික්ෂිප්ත ළුූ රාජසේඛර් කාර්තිට සෙන්බාව විවාහ කරදීමට සැරසෙයි. අවසානයේ කාර්ති සෙන්බා සමග විවාහ වේ. අවසන් මොහොතේ දිව්‍යා පැමිණෙයි. කාර්ති සහ සෙන්බා විවාහ වී ඇති බව දැක ඇය කම්පනයට පත්වේ. කාර්ති සෙන්බාව විවාහ කරගත්තේ ඇයව බේරාගැනීමට පමණක් දැයි දිව්‍යා ප්‍රශ්න කරයි. කාර්ති නිහඬව සිටින අතර, දිව්‍යා කෝපයට පත්වේ.

දිව්‍යා පිටව යාමෙන් පසු, කාර්ති සිය කෝපය ප්‍රදර්ශනය කරමින් භාණ්ඩ පොළොවේ ගසයි. සිය පුතුගේ තත්ත්වය වටහා ගන්නා මව ද කෝපයට පත්වන අතර, ඇගේ සැමියාට සහ සෙම්බාට විරුද්ධව ඇය කටයුතු කරන්නේ සෙම්බා යනු සේවිකාවක බව පවසමිනි. කාර්ති පිළිබඳ බලාපොරොත්තු තබානොග්නනා සෙම්බා තවදුරටත් සේවිකාවක ලෙස කටයුතු කරයි.

එක් දිනෙක කාර්තිගේ බිරිඳ හමුවීමට කාර්තිගේ මව වන ලක්ෂ්මීගේ මිතුරියක පැමිණෙයි. සත්‍යය වටහා නොගන්නා ඔවුහු සේවිකාවක ලේලිය කරගැනීම පිළිබඳ සමච්චල් කරති. අවමානයට පත් ලක්ෂ්මීව පොළඹවන අර්චනා සහ වඩිවු නැවත දිව්‍යාව කැඳවති. මේ අතර රාජසේඛර් නව යුවළ පිළිගැනීමට උත්සවයක් සංවිධානය කරයි. ඔහුගේ තීරණයට සොහොයුරා, බෑණා සහ බාල දියණිය හැර අන් කිසිවකු සහාය නොදේ. එහි දී දිව්‍යා රංගනයක යෙදෙන අතර, සියලු දෙනා ඉදිරියේ කාර්ති සෙම්බාරුතී සිය බිරිඳ වශයෙන් පිළිගනිමින් දිව්‍යාව අපහසුතාවයට පත්කරයි. අනුතරුව කාර්ති සහ සෙම්බාගේ ප්‍රථම රාත්‍රිය පැමිණේ. ඔවුන් දෙදෙනා කාමරයේ සිටින අතරතර කාර්තිගේ මවට හෘදයාබාධයක් ඇතිවේ. කලබලයෙන් යුතු කාර්ති ඇය වෙත දිව යයි. ඇයට කිසිවකු ලක්ෂ්මීව හමුවීමට අවස්ථාව නොදේ. සෙම්බා තනිව සිට කුටියෙහි නිදාගනියි. ඊළඟ දිනයේ සුපුරුදු පරිදි සෙම්බා සිය නිවසේ ආවතේව කටයුතු සිදුකරන්නී ය...

චරිත නිරූපණය සංස්කරණය

  • සංජීව්, කාර්තික් ලෙස[5]
  • ආලියා මානසා, චෙම්බාරුතී (චෙම්බා) ලෙස[6]
  • රාජ්‍ය ලක්ෂ්මී, ලක්ෂ්මී රාජසේඛර් ලෙස
  • ඕඩිටර් ශ්‍රීධර්, රාජසේඛර් ලෙස
  • එම්. ජේ. ශ්‍රීරාම්
  • ඊශ්වර්, මුකුන්දන් ලෙස
  • ශ්‍රීදේවී, අර්චනා ලෙස[7]
  • ෂබ්නම්, වඩිවු මුකුන්දන් ලෙස[8]
  • පවිත්‍රා, දිව්‍යා ලෙස
  • කාර්තික් සසිධරන්
  • කෝවෛ බාබු
  • වෛශාලි, විනෝදිනී ලෙස
  • කේ. එස්. ජෙයලක්ෂ්මී
  • ඓස්වර්යා

නළුවරණය සංස්කරණය

මෙම ආදර කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ වෙන්කඩේශ් පාපු විසිනි. කුලිර් 100°, නීයුම් නානුම් සහ ආංගිල පාඩම් වැනි විවිධ දෙමළ චිත්‍රපටවල චරිත නිරූපණය කොට ඇති නළු සංජීව් මෙහි ප්‍රධාන චරිතය වන කාර්තික් සඳහා තෝරාගැනිණි. ආලියා මානසාගේ ප්‍රථම කතාමාලාව ද මෙයයි. ඇය වඩාත් ප්‍රචලිත වූයේ නර්තන වැඩසටහන්වලිනි.

සංවර්ධනය සංස්කරණය

2017 මැයි 15 දින වැඩසටහනේ ප්‍රථම ප්‍රචාරක පටය වන 'Lunch Time' විජයි ටීවී මගින් යූටියුබ් ඔස්සේ මුදාහරින ලදී.[9] 2017 මැයි 21 දින, දෙවැන්නත්, 2017 මැයි 29 තෙවන සහ සිව්වන ප්‍රචාරක පටයන් ද විජයි ටීවී වෙතින් මුදාහරින ලදී.

සටහන් සංස්කරණය

  • දෙමළ බසින් ප්‍රතිනිර්මාණය වූ ප්‍රථම බෙංගාලි කතාමාලාව මෙයයි.
  • ප්‍රධාන චරිත නිරූපණය කරන සංජීව් සහ ආලියා මානසාගේ ප්‍රථම දෙමළ රූපවාහිනී කතාමාලාව ද මෙයයි.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Vijay TV launches new serial Raja Rani". timesofindia.indiatimes.com.
  2. "All about love, hatred and conflicts". timesofindia.indiatimes.com.
  3. "விஜய் டிவியில் புதிய தொடர் ராஜா ராணி". cinema.dinamalar.com.
  4. "Vijay TV to launch new fiction show Raja Rani at 7 PM". tvnews4u.com.
  5. "தமிழ் திரைப்பட நடிகர் சஞ்சய் நடிக்கும் முதல் தொடர் ராஜா ராணி". cinema.dinamalar.com.
  6. "Iam Acting Raja Rani serial for the director says Alya manasa". cinema.dinamalar.com.
  7. "Sridevo acting in Raja Rani Serial". cinema.dinamalar.com.
  8. "ஷப்னம், அடுத்து விஜய் தொலைக்காட்சிக்காக 'ராஜா ராணி' என்ற புதிய தொடரில் நடிக்க ஒப்பந்தமாகியுள்ளார்". tamil.thehindu.com.
  9. "Raja Rani - 29th May 2017 - Promo 1". Youtube Vijay TV. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)

බාහිර සබැඳි සංස්කරණය