රාජ්‍ය මූල්‍ය
රාජ්‍ය මූල්‍ය යනු, සාමුහික හෝ රජයේ කාර්යභාරයන්ද, එවැනි කාර්ය භාරයන් නිර්මාණය කිරිම හා පරිපාලනයද, සලකා බලන ආර්ථීක විද්‍යාවේ ක්ෂේත්‍රයකි. රජය හෝ සාමුහික සංවිධාන, කළයුත්තේ හා කරන්නේ කුමක්ද, හා මෙම කාර්යභාරයන් සඳහා ගෙවීම් කරන්නේ කෙසේද, යන ප්‍රශ්නවලට මෙම ක්ෂේත්‍රය බෙදනු ලැබේ. මෙය නිරතුරුව, පුළුල් (රාජ්‍ය ආර්ථික විද්‍යාව) හා පටු (රාජ්‍ය මූල්‍ය) යන දෙයාකාරයෙන්ම හඳුන්වනු ලැබේ.
රාජ්‍ය මූල්‍ය විශ්ලේෂණය
සංස්කරණයරජයේ නියම කාර්යභාරය, රාජ්‍ය මූල්‍ය විශ්ලේෂණය සඳහා ආරම්භයක් සපයයි. යම් යම් කොන්දේසි සංතෘප්ත වන්නේ නම්, පෞද්ගලික වෙළෙඳපල මගින් පුද්ගලයන් අතර භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා හරිනු ඇත (අපතේ යාමක් සිදුනොවේය හා ආර්ථිකයේ ඵලදායී හැකියාවන් පුද්ගල රුචිකත්වයන් සමග ගැලපේය යන අර්ථයෙන්). කාර්යක්ෂම නිෂ්පාදන සැපයීමට පෞද්ගලික වෙළෙඳපලට හැකි වූයේ නම් හා ආදායම් ව්‍යාප්තිය නිරතුරුව සමාජයට පිළිගත හැකි ආකාරයේ නම්, එවිට රජයට සිදුකිරීමට කාර්යභාරයක් නොමැති වේ. කෙසේවුවද, බොහෝ සිද්ධීන් වලදී, පෞද්ගලික වෙළෙඳපල කාර්යක්ෂමතාවය සඳහා වන කොන්දේසි කඩවේ. උදාහරණයක් ලෙස; බොහෝ පුද්ගලයන්ට සමාන භාණ්ඩයක් එකම කාලයක් තුළදී පරිභෝජනය කළ හැකිනම්, (සතුරන් නැත, බැහැර කළ නොහැකි පරිභෝජනය) එවිට, එම භාණ්ඩයෙන් ඉතා සුළු ප්‍රමාණයක් පෞද්ගලික වෙළෙඳපල මගින් සපයනු ඇත. තරඟකාරී නොවන පරිභෝජනය හෝ පොදු භාණ්ඩ සඳහා එක් උදාහරණයක් වන්නේ රාජ ආරක්ෂාවයි.
පෞද්ගලික වෙළෙඳපල මගින් භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා නොහරින විට “වෙළෙඳපල අසමත්වීම්” ඇතිවේ. වෙළෙඳපල අසමත්වීම් පැවැතීම මගින් සාමුහිකව හෝ රාජ්‍ය මට්ටමින් භාණ්ඩ හා සේවා බෙදාහැරීම සඳහා, කාර්යක්ෂම පදනමක් සපයයි. බාහිරතා, පොදු භාණ්ඩ, තොරතුරුමය වාසි, ශක්තිමත් පරිමානූකූල ඵල සහ ජාල ප්‍රථිවිපාක මගින් වෙළඳපල අසමත්වීම් ඇතිකරයි. රජයේ හෝ ස්වේච්ඡා සංවිධානයක් හරහා සිදුවන බෙදාහැරීම්, “රාජ්‍ය අසමත්වීම්” ලෙස හැඳින්වෙන වෙනත් අකාර්යක්ෂමතාවලට හේතුවේ.
පුළුල් උපකල්පන යටතේ, කාර්යක්ෂම විෂය පථය හා ක්‍රියාකාරකම් මට්ටම් පිළිබඳව රජයේ තීරණ, බදු ක්‍රමය නිර්මාණය කිරීමට අදාළ තීරණවලින් කාර්යක්ෂමව වෙන්කළ හැකිය. මේ දෘෂ්ටියෙන් ගත් කල, රාජ්‍ය අංශයේ වැඩසටහන්, ශුද්ධ සමාජ ප්‍රතිලාභ (සමාජ ප්‍රතිලාභ - සමාජ පිරිවැය) (පිරිවැය - ප්‍රතිලාභ විශ්ලේෂණය) උපරිම කිරීම සඳහා නිර්මාණය කළ යුතු අතර, ඉන්පසු මෙම වියදම් සඳහා ගෙවිය යුතු ආදායම්, ආර්ථික ක්‍රියාකාරකම් විකෘති කිරීම මගින් ඇතිකරන, අඩුම කාර්යක්ෂම හානි ඇතිකරන බදු ක්‍රමයක්, මගින් ඉහළ නැංවිය යුතුය. ප්‍රායෝගිකව රාජ්‍ය අයවැය සකස්කිරීම සැලකිය යුතු තරම් සංකීර්ණ වන අතර නිරතුරුව එමගින් අකාර්යක්ෂම භාවිතයන් ඇතිකරයි.
ණයගැනීම්, බදු සඳහා ආදේශකයකට වඩා, එය බදු බර කාලය තුළ බෙදා හරින ක්‍රමයක් වන නමුත්, රජයට ණය ගැනීම් මගින් වියදම් පියවිය හැකිය. හිඟය යනු රජයේ වියදම් හා ආදායම් අතර පරතරයයි. යම් කාලයක් තුළ හිඟය සමුච්චිතකරණය මුළු රාජ්‍ය ණය වේ. හිඟය පියවීම මගින් රජයට, කාලය පුරා බදු ප්‍රතිවිපාකය බෙදාහැරීමට ඉඩ ලබා දෙන අතර, එමගින් රජයට වැදගත් ෆිස්කල් ප්‍රතිපත්ති උපකරණයක්ද ලබා දෙයි. හිඟය මගින් අනුප්‍රාප්තික රජයට ඇති කැමැත්ත අඩුකළ හැකිය. රාජ්‍ය මූල්‍ය, ආදායම් ව්‍යාප්තියේ හා සමාජ සමානත්වයේ ගැටලුවලට බෙහෙවින් සම්බන්ධ වේ. සංක්‍රාම ගෙවීම හෝ ඉහළ හා පහළ ආදායම් ලබන කුටුම්භයන්ට වෙනස් ආකාරවලින් සලකනු ලබන බදු ක්‍රමයක් නිර්මාණය කිරීම, මගින් රජයකට ආදායම ප්‍රතිව්‍යාප්ත කිරීමට හැකිවේ.
රාජ්‍ය මූල්‍යයේ “පොදු තේරීම” ප්‍රවේශය මගින් ඡන්ද දායකයින්, දේශපාලකයින් හා පරිපාලන නිලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්නට වඩා සැබැවින්ම කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට උත්සාහ දරයි.
සටහන්
සංස්කරණයPublic_finance |