රාජ්‍ය පෙළපත් බලය බිද වැටීම

නිල නොවූ ‍‍තෛ රාජධානි සමයේ ආරම්භය ලෙස සාම්ප්‍රදායික ව සැළකුණේ ස්හැන්ග් පියාඕ විසින් මෙහෙය වූ කහ තුර්බානු විප්ලවයයි. වසරක් පුරාවට දිවුණු කරැල්ලෙන් දකුණු චීනය වැනසී ගියේය. ස්හැන්ගේ ආගමික නිකාය හා සාමයේ මාවත හේ ජින් විසින් මෙහෙයවූ දුර්වල වූ හාන් අධිරාජ්‍යයාගේ හමුදාව සමග යුධ වැදුණේය. දූෂිත වූ රාජ්‍ය පද්ධතිය යටතේ පීඩාවට ලක්වූ ගොවීන් ගෙන් මුලිකවම සමන්විත වූ සාමයේ මාවත ස්හැන්ග් ජියාඕ විසින් මෙලෙස අළුත් සාමකාමී ලොක්යක් නිර්මාණය කිරිමට ලෙහෙසියෙන්ම හරවා ගන්නා ලදි. රෝගයක් හේතුවෙන් සිදු වු ස්හැන්ග් ජියාඕගේ මරණයත් සමග විප්ලවය අවසාන වූ නමුත් එය විසින් නිර්මිත ව්‍යාකූලත්වය එම කාලසීමාවේ දී ම චීනය වවසාගත් ස්වාභාවික ව්‍යවසනයන් සමග එක්වී හාන් රජ පෙළපත අස්ථාවර කොට පරිහානිය කරා රැගෙන ගියේය. මධ්‍යම රජයේ විසින් ප්‍රාදේශිය රාජ්‍යයන්ගේ හමුදාමය බලය සදහා වූ  දීමනාව වැඩි නිරිමට ද කැරැල්ල හේතුවක් විය.

රාජ්‍ය පෙළපත් බලය බිද වැටීමටත්, කාඕ කාඕ පිබිදීමටත් මුලික වූ සිද්ධිය දාමය අතිශයින් සංකීර්ණ ය. 189 දී සිදුවු ලිං අධිරාජ්‍යයාගේ මරණය ප්‍රධාන ජෙනරාල් හේ ජින් අතට පත්වූ අස්ථාවර ආධිපත්‍යය කට මුලික වු අතර පණ්ඩකයන්ගේ පාර්ශව හා සාමාන්‍ය සිවිල් නිලබලවාදය අතර විරෝධය අළුිතන් ආරම්භ කළේය. හේ ජින් ඝාතනයට ලක්වීමට පසුව ඔහුගේ ප්‍රධාන පාක්ෂිකයා වූ සෙසු භටයින්ගේ ලුතිනන් කර්නල් යුආන් ෂාඕ ගේ මෙහෙයවීමෙන් ලූ යැන්ග් හිරාජකීය නිවෙස් හි දි පණ්ඩකයන් ඝාතනය කරන ලදි. මෙම සිදුවීම දේශසීමාවේ වූ ජෙනරාල් දොන්ග් යුධ , ලු යැන්ග් වලට චීනයේ වයඹ දිග සීමාවෙන් ඇතුළු වීමට පෙළඹවීය. එම කාලයේ දී චීනය බලවත් වනචාරී ක්වියැන්ග් ගෝත්‍රයට ද වයඹ දිගින් මුහුණ දුන්නේය. මෙලෙස දෝන්ග් සුඕ උසස් පුහුණුවකින් යුත් විශාල හමුදාවක් පාලනය කළේය. චීනය පුරා යුද්ධය පැවති සමයක ලූ යැන්ග් කරා හමුදාව ගෙන ගොස් දෙපාර්ශවයේ ම හමුදා ලෙහෙසියෙන් ම මැඩපැවැත්වීමටත්, රාජකීය මැදුරේ පාලනය අතට ගැනීමටත් ඔහුට හැකි විය.

දොන්ග් සුඕ ඥානාන්විතව හැකියාවෙන් පරිපුන් අයකු අධිරාජ්‍යා කරවීමේ අටියෙන් අනුප්‍රාප්තිකයන් මෙහෙය විම. පුයැන්ග් කරා යන ගමනේ දී ලින්ග් අධිරාජ්‍යයාගේ පුතුන් දෙදෙනා ආරක්ෂා කරමින් යුධ කලාපයෙන් පළා යන කුඩා සෙබළ කණ්ඩායම් 2ක් ඔහුට හමු විය. එම මුණගැසීමේ දී දොන්ග් සුඕ කෝපයෙන් තර්ජනාත්මකව හැසිරැණු අතර එහිදී බාල සොහොවුරා හෙවත් අනාගත අධිරාජ්‍යා ක්ෂයන් සන්සුන් ව ප්‍රතිචාර දක්වමින් රජකීය පවුල අතුළු එහුගේ හමුදාවට අධිරාජ්‍යයෙේරජ මැදුරට යාමට ආරක්ෂා කරන මෙන් දොන්ග් සුඕ ට අණ කරද්දි ඔහුගෙේවැඩිමහල් සොහොයුරෙකු වූ අනෙකා භියින් භිරාන්තව ගියේය.

දොන්ග් සුඕට සත්‍ය වශයෙන් ම හාන් අධිරාජ්‍යය නැවත ස්ථාපිත කිරිම‍ට අවශ්‍ය වු නිසා සියළ දේශපාලන ගැටුම් හොදින් කළමණාකරණය කළේය. ඔහුගේ දේශපාලන හැකියාව යුධමය නායකත්වයට වඩා දුර්වල විය. එහුගේ හැසිරීම ක්‍රමයෙන් දරැණු හා ඒකාධිපති බවත් ඉසිලීය. ඔහුට විරැද්ධවන සියල්ලන්ම නෙරපා හැරිම හෝ එල්ලා මරණයට පත් කිරිම සිදුවියත අධිරාජ්‍යයට දක්වන සැළකිල්ලල ක්‍රමයෙන් අඩුවිය. රාජකීය සම්ප්‍රදායන් නොසළකමින් රජ මැදුරට පවා ආයුධ සන්නද්ධව පිවිසියේය.

190 දී යු ආන් ෂාඕ විසින් අධිරාජ්‍යයයේ නැගෙනහිර පළාත්වල අධිකාරීන් ඒකාබද්ධ කොට දොන්ග් සුඕට විරැද්ධව සන්ධානයක් ගොඩනගන ලදි. දකුණු දිග යුධ පෙරමුණේ සුන් ජියාන් හමුවේ පෙරළා නැවත නැවත අත්වු පරාජයන් ගේ පීඩනය හේතුවෙන් හාන් අධිරාජ්‍යය‍ා ඇද වැටුණු අතර පසුව දොන්ග් සුඕ 191 මැයි මස වන විට චැන්ග් අන් දක්වා පසු බැස්සේය.