රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය

රාජකීය ස්වීඩන විද්‍යා ඇකඩමිය (ස්වීඩන: කුන්ග්ලිගා වෙටෙන්ස්කැප්සකාඩෙමින්) යනු, ස්වීඩනයෙහි රාජකීය ඇකඩමි අතරින් එකකි. 1739 ජූනි 2 දින ඇරඹුනු එය, ස්වභාවික විද්‍යාවන් සහ ගණිතය ප්‍රවර්ධනය කරමින් සහ සමාජය තුල ඒවායේ ආභාෂය ශක්තිමත් කරමින්, විවිධ ශික්ෂාවන් අතර අදහස් හුවමාරු වීම සඳහා ආයාසය ඇති කරවීම පිළිබඳ විශේෂ වගකීමක් දරන ස්වාධීන, රාජ්‍ය-නොවන විද්‍යාත්මක සංවිධානයකි.