රසායනික විද්‍යාවට සම්බන්ධ ස්වාභාවික නීති රසායනික නීති නම්‍ වේ. රසායනික විද්‍යාවේ මූලික මතවාදය වන්නේ ස්කන්ධ සංස්ථිති නියමයයි. මෙහිදී පෙන්ණුම් කරනු ලබන්නේ සාමාන්‍ය රසායනික ප්‍රතික්‍රියාවක දී ස්කන්ධය දැකිය හැකි වෙනසක් නොමැති බවයි. නූතන භෞතික විද්‍යාව පෙන්ණුම් කරනු ලබන්නේ ඇත්තෙන්ම සුරක්ෂිත කළ යුත්තේ ශක්තිය බවයි. ශක්තිය සහ ස්කන්ධ සංස්ථිතිය එකිනෙකට සම්බන්ධ බවයි. මෙම සංකල්පය න්‍යෂ්ටික රසායනික විද්‍යාවේ දී වැදගත් වේ. ශක්තිය ආරක්ෂා කිරීම, තුලනය නැමැති වැදගත් මතවාදයට මෙන්ම තාප විද්‍යාවන්ට ද ඉඩ සලසයි.

රසායනික විද්‍යාවට සම්බන්ධ අනෙකුත් නීති ස්කන්ධය ආරක්ෂා කර ගැනීමේ නීතිය පිළිබඳ විස්තර කරයි. නියත සංයුතිය පිළිබඳ ජෝසප් ප්‍රිස්ට්ලිගේ නීතියෙන් කියවෙන්නේ ශුද්ධ රසායනික, නියත ලෙස සකස් වී ඇති සංයෝගවලින් සකස් වී ඇති බවයි. මෙම සංයෝගවල ආකෘතිමය සැකැස්ම ද වැදගත් වන බව අප දැන් දන්නා කරුණකි.

සමානුපාත පිළිබඳ ඩෝල්ටන්ගේ නීතියෙන් කියැවෙන්නේ මෙම රසායනික ඉතා කුඩා සම්පූර්ණ අංකවල කුඩා කොටස් ලෙස දක්නට ලැබෙන බවය.(i.e. 1:2 O:H ජලයේ දී) බොහෝ ක්‍රමයන්ගේ (විශේෂයෙන්ම ජීවී මහා අණු සහ ලෝහවල) අනුපාතයට විශාල සංඛ්‍යා අවශ්‍ය බව පෙන්ණුම් කරන අතර , බොහෝ විට භාග ලෙස පෙන්ණූම් කරයි. මෙවැනි සංයෝග ස්ටොකියොමිතක නොවන රසායනික සංයෝග ලෙස නම් කෙරේ.

රසායනික විද්‍යාව පිළිබඳ වර්තමානයේ බොහෝ නීති, ශක්තිය සහ පරිණාමය පිළිබඳ සම්බන්ධතාවය පෙන්ණුම් කරයි.

  • සමතුලිතතාවයේ මිශ්‍රනයක ඇති ඇණු පවතිනුයේ සමතුලිතතාවක් පවතින කාල රාමුවකට අනුකූලවය. පරිණාමනයෙන්ද නිසඟ ශක්තිය මගින් තීරණය කරනු ලබන අණුවල අනුපාතයට අනුකූලව නිසඟ ශක්තිය අඩුවන විට අණු ප්‍රමාණය වැඩිවේ.
  • ශක්ති බාධකය තරණය කිරීම සඳහා ශක්තිය ලබා දීම තුලින් එක් ආකෘතියකින් අනෙකට පරිණාමය වීම වේ. මේවා අණුවල නිසඟ ශක්තියෙන්ම පැමිණිය හැකිය. එසේත් නොමැති නම් පරිණාම වේගය වැඩි කරවන බාහිර බලවේගයකින් පැමිණිය හැක. ශක්ති බාධකය වැඩි වන්නට වැඩිවන්නට පරිණාම වේගය අඩු වේ.
  • උපකල්පිත මැදිහත්කරුවෙක් හෝ සංක්‍රමණ ව්‍යුහයක් ශක්ති බාධකයේ ඉහළ ව්‍යුහයකට සම්බන්දව පවතී. හැමොන්ඩ් ලෙෆ්ලර් ප්‍රස්තුතය දක්වන පරිදි මෙම ආකෘතිය අවසන් ප්‍රථිඵලයට බොහෝ සමාන වේ. එසේත් නොමැති නම් නිසඟ ශක්තිය ඇති ආරම්භයේ දී යොදා ගන්න‍ා ශක්ති බාධකයට ආසන්න නිසඟ ශක්තිය ඇති අමු ද්‍රව්‍යට වැඩිවෙති. රසායනික ප්‍රතික්‍රියා මගින් උපකල්පිත මැදිහත්කරුවා ස්ථායී කිරීම උත්තේජනය කිරීම එක්තරා මාර්ගයකි.
  • සියලුම රසායනික ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්ත වේ.(ක්ෂුද්‍ර ප්‍රත්‍යාවර්ත නියමය) සමහරක් ප්‍රතික්‍රියාවලට මේ සඳහා ශක්ති නැඹුරුවක් ඇතත් ඒවා ප්‍රත්‍යාවර්ත නොවේ.
"https://si.wikipedia.org/w/index.php?title=රසායනික_නීතිය&oldid=343849" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි