රට තුලට කඩා වැදිම (ආක්රකමණය) සහ පාලනය

histo A0944 A0944.doc රට තුලට කඩා වැදිම (ආක්රකමණය) සහ පාලනය

චූල වංශයෙහි මාඝ ගැන සියලු තොරතුරු සිත් ගන්නා අන්දමින් ඉදිරිපත් කරයි. මෙය සාමාන්යoයෙන් සංක්ෂිප්ත ලේඛණයක් මගින් ඉතා කලාතුරකින් ඉදිරිපත් කෙරෙන්නකි. ඵහි Lxxx වැනි පරිච්ඡේදයෙහි මෙසේ කියා ඇත.

"ලක්වාසී ජනතාවගේ බොහෝ දුශ්චරිත ක්රිපයාවන් නිසා ලංකාවේ ආරක්ෂාව භාරව සිටි දේවතාවුන්ට ඵම ආරක්ෂාව සැපයීමට නොහැකි විය. මේ අවස්ථාවේ මිසදිටු මනුෂ්ය යෙක් ලංකාවට ගොඩ බැස්සේය. ඔහු කෲර රාජ්ය පාලකයෙකි. ඔහු යහගුණ නමැති වනය පුළුස්සා දැමූ ලැව් ගින්නකි. ඔහු හොඳ ප්රයතිපත්ති නම් වූ රෑ නෙලුම් මිලින කළ සූර්යයා මෙන් විය. සාමය නැමති දවල් නෙලුම් මිලින කළ චන්ද්රවයා විය. මාඝ නැමති ඔහු කාලිංග නම් පරපුරෙන් පැවති කෲර රජුය.

මාඝ තම 24000 ක්වූ හමුදාව සමග ලංකාවේ රජ රටට පැමිණීමට පෙර මාඝ ගැන කිසිවක් දැන නොතිබුනා මෙන්ම ලංකාවේ ඔටුන්න ලබා ගැනීමට ඔහුට තිබුණු හිමිකම ගැනද කිසිවක් දැන ගැනීමට නැත. ඔහු මෙහි පැමිණීමට පෙර වූ අවුරුදු කිහිපය තුළ ලංකාවේ දේශපාලන තත්වය නරක අතට වර්ධනය වෙමින් පැවතුනේය. රජුන් නම දෙනෙකු අවුරුදු 20ක් තුළ රජකමට පත් වූහ. ආක්රවමණයන් තුනකට මුහුණ දීමට ද සිදු විය. නිශ්ශංක මල්ල රජු විසින් 1187 දී පිහිටවුවන ලද කාලිංග රාජ වංශය මාර්ගයෙන් මාඝට උරුමකමක් තිබෙන්නට ඇතැයි අනුමානයක් තිබේ. ඔහු විසින් දක්වන ලද හේතුවල සත්යටතාවය කුමක් වුවත් ඔහුගේ ආක්රිමණයන් මගින් ඇති කළ ප්රිචණ්ඩත්වය නිසා මහජනතාවගෙන් ලැබිය යුතු සහයෝගය ඉක්මණින් අහිමි විය.

රජරටට හා සිංහලයින්ට දකුණු ඉන්දීය රාජ්ය යන් සමග දිර්ඝ ඵෙතිහාසික,සංස්කෘතික,ආගමික මෙන්ම ලේ නෑ සබඳතාවයන් ද තිබුනේ පාණ්ඩ්ය් හා චෝල රජ පවුල් සහ දිවයිනේ රජ පවුල් අතර නිරන්තර විවාහ සම්බන්ධතා තිබුණු හෙයිනි. අනිකංග (1209) සහ පරාක්රරම පණ්ඩු (1212 දී ) වැනි ආක්ර්මණිකයින් බොහෝ විට පිළිගැනුනේය. සමහර විට මෙවැනි ආක්ර්මණිකයින්ගෙන් ප්ර2සිද්ධම තැනැත්තා ඵළාර විය හැකිය. ඔහු ඊට අවුරුදු දහයකට පමණ පෙර ලංකාව ආක්රරමණය කළා පමණක් නොව භික්ෂූන්ගෙන් පවා "ධර්මරාජ්" නම් පටබැඳි ගෞරව නාමය ලබා ගැනීමටද සමත් විය. ඵපමණක් නොව ඔහු ශ්රිැ ලංකා ඉතිහාසයේ ඉතාම හොඳ පාලකයින්ගෙන් කෙනෙකු ලෙසද ගෞරවයට පාත්රහ විය. ඔවුන් වැනි පාලකයින් දේශීය ප්ර්භූවරු ද පාලනයට හවුල්කරගත් අතර දේශීය ආගම වූ බුද්ධාගමට ද ගරු කළහ. චූලවංශය මාඝ ගැන විස්තර දක්වද්දී ඔහු ගැන අප්රේසන්න අන්දමින් කථා කරන්නේ ඔහු සිංහල ජනතාවගේ සංස්කෘතියට හා ආගමට නිසි තැන දීම ප්රදතික්ෂේප කිරීම හේතුවෙනි.

මාඝගේ ආක්ර මණයේදී ඔහුගේ හමුදාවන් මහා පරිමාණ හොරකම් මංකොල්ලකෑම් කළ බවත් දේපළ විනාශ කිරීම්,පැහැරගෙන ගොස් හිරිහැර කිරීම (චූල වංශය ළමයින්ට තැලීම විශේෂයෙන් සඳහන් කර ඇත) අත් පා කපා දැමීම්වල යෙදුණු අතර රජරට ප්රීභූ පිරිස් වහලුන් ලෙසද යොදා ගත්හ. මේ සඳහා ආක්රශමණිකයින්ගේ දැඩි කෑදරකම පරාක්රූම පණ්ඩු රජුගේ ඉරණමෙන් පැහැදිලි වේ. ඔහු අන්ධ කරන ලදුව මරණයට පත්කරණ ලදී. මෙයිනුත් පසුව හමුදාව රජරට පූජනීය පෙදෙස් බොහොමයක් විනාශ කිරීමද අපවිත්රප කිරීමටද ක්රිමානුකූලව කටයුතු කළේය. දාගැබ් විනාශ කරනු ලැබිණි. කෞතුක වස්තු ආදිය අතුරුදන් විය. පොත් ඉරා විසිකර දැමිණ. භික්ෂූන්ට පහර දී පන්සල්වල දේපළ කොල්ලකන ලදී. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් ලංකාවේ පැරණිතම ස්ථූපය වූ ථූපාරාමයත් දුටු ගැමුණු රජුගේ ප්රිෂයතම රුවන් වැලි සෑයත් අපවිත්ර කිරිමයි.

පරාක්ර ම පාණ්ඩ්යද මරා අනුරාධපුර සහ පොළොන්නරුවේ විහාර සතු දේපළ ද කොල්ලකෑමෙන් පසු මාඝගේ හමුදාව විසින්ම මාඝ පූජනීයත්වයට පත් කරනු ලැබීය. පසුව ඔවුහු පුලත්ති නගර නම් අගනුවර වාසස්ථානය කර ගත්හ. ඔහුගේ පාලනයේ මුල් තැන ගත්තේ භූමියෙන් ගත හැකි උපරිම දේ ගැනීම හා හැකිතාක් දුරට රජරට පැවති සම්ප්රනදායයන් නැතිකිරීමත්ය. පූජනීය ස්ථාන සහ පන්සල් ඔහුගේ සහචරයින්ට වාසස්ථාන හැටියට පාවිච්චි කිරීමට තෑගි වශයෙන් ප්රේධානය කළ ආකාරයත් ස්වදේශික ජනයාගෙන් බලෙන් ලබා ගත හැකි උපරිම ධනය සූරා ගැනීමත් මහජනතාවගෙන් වැඩි දෙනෙක් වහලුන් ලෙස සේවයේ යෙදු ආකාරයත් චුලවංශයේ නැවතත් විස්තර කරයි.



http://en.wikipedia.org/wiki/Kalinga_Magha#Invasion_and_Reign