දින 5 ක් ගත වුවද රජය කිසිදු ප්රnතිචාරයක් දැක්වූයේ නැත. අවසානයේදී මැයි 27 දින රජය විසින් හදිසි නීතිය පනවන ලදී. ෆෙඩරල් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තහනම් පක්ෂ ලෙස ප්රිකාශ කෙරුණි. දිවයිනෙහි ෆෙඩරල් පාක්ෂික ජ්යෙaෂ්ඨ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

දින දෙකක් තුළ හමුදාව විසින් කොළඹ නගරය සන්සුන් කළ අතර පසුව මුළු දිවයින පුරා ඵය ව්යාකප්ත කළේය.

මේජර් ජෙනරාල් A.M මුතු කුමාර. O.B.E. E.D.නාමධාරී 1955 පෙබරවාරි 09 සිට1959 දෙසැ. 31 දක්වා පළමු ලාංකික හමුදාපති.

පැවති ආණ්ඩුවෙහි අලසකම හමුවේ A M මුතුකුමාර නැමැති ද්‍රවිඩ හමුදා ප්රෂධානියෙකු ගත් කාලීන ක්රිියා මාර්ග නිසා බොහෝ දෙමළ ජාතිකයින්ගේ දිවි ගලවා ගත හැකි විය.

12000 කට ආසන්න වූ දෙමළ අනාථයන් කොළඹ ආසන්නයේ වූ අනාථ කඳවුරු කරා ගියහ. රජය හොර රහසේම යුරෝපීය නැව් හයක් මගින් ඵම අනාතයන්ගෙන් වැඩි පිරිසක් යාපනයේ පදිංචි කරවීම පිණිස ජුනි මස මුලදී යැවීමට කටයුතු කළේය.

ඉන් පසු සිවිල් ජනතාව පදිංචිව සිටි දිවයිනේ අනෙකුත් පෙදෙස් වලින් හමුදාව ආපසු කැඳවන ලදී. එහෙත් අවුරුදු 25 ක් පමණ කාලයක් හමුදාව යාපනයේ සිටියහ.

උරුමය

අවුරුදු 40 ක පමණ කාලයක් තුළ සිදු වූ ප්රවධාන හර්තාලයක් ලෙස 1958 දී සිදු වූ ඵම හර්තාලය හේතුවෙන් ප්රවධාන ජනවර්ග කණ්ඩායම් දෙක අතරේ විශ්වාසය පලුදු විය. දෙපාර්ශවය ඵකිනෙකාට චෝදනා එල්ල කර ගත්හ. තව දුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නොවන බව ප්රාකාශ විනි. එපරිදි අභ්යසන්තර යුද්ධයකට මග පෑදුනේය.

ඵවකට කුඩා ළමයෙක්ව සිටි වේලුපිල්ලේ ප්ර භාකරන් පසුව ප්රකකාශ කළේ 1958 දී සිදුවූ සිද්ධීන් ඔහුගේ දේශපාලන ගමන් මග වෙනස් කළ බවයි.



http://en.wikipedia.org/wiki/Sri_Lankan_riots_of_1958#Government_response

"https://si.wikipedia.org/w/index.php?title=රජයේ_ප්ර_තිචාරය&oldid=470460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි