රජගලතැන්න අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය සභාවේ අම්පාරේ සිට නුවර දෙසට කි.මි. 24 ක පමණ දුරින් පිහිටා ඇති ‍එෙතිහාසික වැදගත්කමක් ඇති ගමකි. මෙහි රජගලකන්ද නමින් වු එෙතිහාසික කන්දක් ඇත. එම කන්දේ රජ මාලිගාවක නටඹුන් මෙන්ම චිත්‍ර ගුහා සහ සෙල්ලිපි ගණනාවක් දක්නට ඇත.

සංචාරක ආකර්ෂණ සංස්කරණය

 
රජගල නටඹුන්
  • රජගල පුරාවිද්‍යා භූමිය - රජගලතැන්න රජගල කන්දෙහි පිහිටි පැරණි නටඹුන් 600කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අක්කර 1080ක් පමණ පුරා විහිදී ගිය, පුරාවස්තු ප්‍රමාණය අනූව අනුරාධපුරය මිහින්තලා පුරාවිද්‍යා භූමියට පමණක් දෙවන වන එෙතිහාසික පුදබිමකි.[1]
  • පියංගල ආරණ්‍ය සේනාසනය - පියංගල ආරණ්‍යය සේනාසනය, අම්පාර රජගලතැන්න ප්‍රදේශයේ පිහිටි පුරාණ ආරණ්‍ය සේනාසනයක් වේ. එය අම්පාර-මහියංගනය මාර්ගයේ, අම්පාර සිට කිලෝ මීටර 27ක් පමණ දුරින් පිහිටා ඇත.
  • පියංගල චිත්‍ර ලෙන - පියංගල ආරණ්‍යය සේනාසනයට ආසන්නව පිහිටි, පැරණි සිතුවම් සහිත ගල් ලෙනකි.

ආශ්‍රිත සංස්කරණය

  1. ප්‍රියංක කුරුගල. "නිව් ආකියෝලොජිකල් ට්‍රේනින් සෙන්ටර් ටු බී සෙට් අප්: අම්පාර රජගල". සන්ඩේ ඔබ්සවර් ඔන්ලයින්. සම්ප්‍රවේශය 31 මාර්තු 2012.
"https://si.wikipedia.org/w/index.php?title=රජගලතැන්න&oldid=352633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි