රක්ෂා බන්ධන

(රක්ෂා බන්ධන් වෙතින් යළි-යොමු කරන ලදි)


රක්ෂා බන්ධන, (ආරක්ෂා බැඳීම) හෝ රක්ෂී යනු, ප්‍රාථමික වශයෙන් ඉන්දියාව, මුරුසිය සහ නේපාලය(මදේශීවරුන් පමණි) යන රටවල විසින් පිළිපදනු ලැබෙන, හින්දු උත්සවයක් වන අතර, එහිදී සැමරෙන්නේ සෙහොයුරන්, ඥාති සොහොයුරන් සහ සොහොයුරියන් අතර සම්බන්ධතාවයයි. ඉන්දියාවේ බොහෝ තැන්හී එය රක්ෂී පූර්නිමා ලෙසින්ද හැඳින්වෙයි. [1][2] පකිස්තානයේ සමහර කොටස්වලදීද එය සැමරෙයි.[3] මෙම උත්සවය පවත්වනු ලබන්නේ හින්දුවරු, ජෛනවරු සහ සමහරක් ෂීක්වරු විසිනි.

(රක්ෂා බන්ධන)
රක්ෂි නිදසුන්.
Official nameරක්ෂා බන්ධන
Also calledරක්ෂි
Observed byහින්දුවරු, ජෛනවරු, ෂීක්වරු
Dateෂ්‍රවන මාසයෙහි පූර්නිමා දිනය (පුර පසලොස්වක)
Related toසිබියා
ඥාති සොහොයුරා

මෙම උත්සවයේ ප්‍රධාන අංගය වනු‍යේ ආරක්ෂාව ලබා ගැනීම වස් සොහොයුරියක විසින් රාකි නමින් හඳුන්වන ශුද්ධ වූ නූල් පටක් සොහොයුරකුගේ අතෙහි ගැට ගැසීමකි. මීට ප්‍රතිචාර වශයෙන් සොහොයුරා විසින් සොහොයුරියට ත්‍යාගයක් දී ඇගේ ආරක්ෂාව සලසන බවට කැප වෙයි. සොයුරු සොයුරියන් විසින් ඔවුනොවුන්ට රස කැවිලි කැවිමද මේ උත්සවයේ විශේෂ ලක්ෂණයකි. මෙම ආරක්ෂාව සැලසීම හුදෙක් එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර පමණක්ම සිදුවිම අවශ්‍ය නොවේ . මේ සඳහා මස්සිනා, නෑනාවරු හෝ මිතුරු මිතුරියන් ඉදිරිපත් විමද සිදුවේ. මිනෝර්හි රාණි, කරුණාවති යන ස්ත්‍රියක් ඇයට බන්දුර් ෂා නැමැත්තෙකුගෙන් තර්ජන එල්ල වූ අවස්ථාවක සිය ආරක්ෂාව පිණිස නූල් පටක් ‍මෝගල් අධිරාජ්‍යයකු වූ හුමායන් වෙත යැව් බව සඳහන් වේ. මෙහිදි හුමායන් ඔහු නිරතව සිටි යුධ මෙහෙයුම නවතා ඇගේ ආරක්ෂාව සඳහා ආ බවත් සඳහන් වේ.

මෙම රාකි චාරිත්‍රය අනෙකුත් අවස්ථාවලදී ද භක්තීත්වය ප්‍රකාශ කිරිම සඳහා යොදා ගැනේ. (පවුලෙන් පිටස්තර අය සමඟ වුවද චාරිත්‍රය සිදුකල බව සඳහන් ව ඇත). ‍


ආශ්‍රිත

සංස්කරණය
  1. ^ කේ. මෝටි ගෝකුල්සිං, විමල් දිසානායක (2009-02-04), පොපියුලර් කල්චර් ඉන් ග්ලෝබලයිස්ඩ් ඉන්ඩියා, ටේලර් & ෆ්‍රැන්සිස්, 2009, ISBN 978-0-415-47667-6, සම්ප්‍රවේශය 2011-08-16, ... Raksha Bandhan: A popular festival of Indian Sub-continent where sister ties a thread on brother's wrist, seeking protection ...
  2. ^ සිල්වි ලැංලෝඩ් (2007), ද රයිට් ඔෆ් ද චයිල්ඩ් ටු රිලිජස් ෆ්‍රීඩම් ඉන් ඉන්ටර්නැෂනල් ලෝ, මාටිනස් නිජ්හොෆ් ප්‍රකාශකයෝ, 2007, ISBN 978-90-04-16266-2, සම්ප්‍රවේශය 2011-08-16, ... certain festivals which many Sikhs share with Hindus (namely Divali and Rakhri) ...
  3. ^ "රාකි ෆෙස්ටිවල් සෙලිබ්‍රේටඩ් ඉන් ටක්ෂිලා". Dawn.Com. 2011-08-12. සම්ප්‍රවේශය 2012-07-27.
"https://si.wikipedia.org/w/index.php?title=රක්ෂා_බන්ධන&oldid=342332" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි