අගය මැනිය හැකි ඕනෑම අවදානමක් රක්ෂණය කළ හැක. වන්දි ලැබීමට හිමිකම් කියන නිශ්චිත අවදානම් උවදුරු (Perils) යනුවෙන් හඳුන්වයි.රක්ෂන ගිවිසුමක් , එමගින් අ‍ාවරණය කරන හා නොකරන උවදුරු පිළිබඳ ‍ෙතාරතුරු විදහා දක්වයිපෙහත දැක්වෙන්නේ දැනට පවතින රක්ෂණ වර්ග කිහිපයකි. එක් රක්ෂණ ඔප්පුවක් වර්ග කිහිපයක් අවධානම් ආවරණය කිරීම, නිදසුන් වශයෙන් වාහන රක්ෂණයකදී දේපල හා වගකීම් යනු අවධානම් දෙකම ආවරණය කිරීම දැක්විය හැකිය.ඇමරික‍ාවේ පවතින නිවාස රක්ෂණ ඔප්පු මගින් නිවාසයට හා නිවාස හිමියාට අයිති දේපල වලට සිදුවන අලාභ , දේපල අවධානම යටතේ ආවරණය කරන අතර නිවාස හිමියාට ගෙවීමට සිදු වන නීති ගාස්තු වගකීම් රක්ෂණය යටතේ ආවරණය කරයි. මීට අමතරව නිව‍ාස හිමියාගේ නිවාස තුළ සිට අනතුරට භාජනය වන අමුත්තන්‍ට පවා කුඩා ‍ෙසෟඛ්‍ය රක්ෂණයක් හිමි වේ.

ව්‍යාපාර වලට එල්ල වන ඕනෑම ආකාරයේ අවධානමක් ආවරණය කිරීම ව්‍යාපාර රක්ෂණය ලෙස හැඳින්වේ. මූලික ව්‍යාපාර රක්ෂණ වර්ග වන්නේ

A විවිධ වර්ග වලට අයත් වෘත්තිමය වගකීම් රක්ෂණය (වෘත්තිමය වන්දි පූර්ණ රක්ෂණය) B ව්‍යාපාර හිමිකරැවන්ගේ ඔප්පුව (Bop ) ,ව්‍යාපාර හිමිකරුවෙකුට අවශ්‍ය වන සියළුම ආකාරයේ ආවරණ මෙහි ඇතුළත් වේ.


සෞඛ්‍ය රක්ෂණය හා දන්ත රක්ෂණය සංස්කරණය

බොහෝ සංවර්ධිත රටවල රජය විසින් සෞඛ්‍ය සඳහා රක්ෂණ වර්ග හඳුන්වා දී ඇත.

සෞඛ්‍ය රක්ෂණ ඔප්පු නිතරම පෞද්ගලික වෛද්‍ය ගාස්තු ගෙවනු ලබයි.එසේ ගෙවනු ලබන්නේ ජාතික සෞඛ්‍ය සේවය හෝ මහජන මුදලින් ක්‍රියාත්මක වන වෙනත් ආයතනයක් ඔවුන්ට මුදල් නොගෙවන්නේ නම් පමණි.දන්ත රක්ෂණය ‍ෙසෟඛ්‍ය රක්ෂණයට බෙහෙවින් සමාන වන අතර එමගින් පුද්ගලයින්ට ඔවුන්ගේ දන්ත වෛද්‍ය ගාස්තු ආවරණය කර දෙනු ලබයි.ඇමරිකා එක්සත් ජනපදයේ දන්ත රක්ෂණය සේවකයින්ට ඔවුන්ගේ ආයතනය විසින් ලබා දෙන පහසුකම් වලින් එකකි. මෙය සෞඛ්‍ය රක්ෂණය සමඟ ලබා දෙයි.යබාහෝ රටවල් මහජන මුදලින් මහජන සෞඛ්‍ය ආරක්ෂණය කළ හැකි බව විශ්වාස කරයි.



Reference: http://en.wikipedia.org/wiki/Insurance#Types_of_insurance

"https://si.wikipedia.org/w/index.php?title=රක්ෂණ_වර්ග&oldid=145230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි