යොෂිහිකෝ නෝඩා මහතා ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයෙකු වන අතර එරට ව්‍යවස්ථාදායකය වන ඩයට් සභාවේ, පහල මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජිකයෙකි. හිටපු අගමැති නඔටෝ කාන් මහතා ඉල්ලා අස් වීමෙන් පසු නව අගමැතිවරයා ලෙස නෝඩා මහතා පත් වීමට නියමිත ය.

යොෂිහිකෝ නෝඩා
Prime Minister of Japan
Designate
පදවි ප්‍රාප්තිය
2 September 2011
MonarchAkihito
අනුප්‍රාප්තිකNaoto Kan
Minister of Finance
In office
8 June 2010
අග්‍රාමාත්‍යවරයාNaoto Kan
පූර්වප්‍රාප්තිකයාNaoto Kan
අනුප්‍රාප්තිකයාTBD
Senior Vice Minister of Finance
In office
2009 – 8 June 2010
අග්‍රාමාත්‍යවරයාYukio Hatoyama
පූර්වප්‍රාප්තිකයාWataru Takeshita
Masatoshi Ishida
අනුප්‍රාප්තිකයාMotohisa Ikeda
Naoki Minezaki
Personal details
උපත20 මැයි 1957 (1957-05-20) (වයස 67)
Funabashi, Japan
දේශපාලන පක්ෂයDemocratic Party (1998–present)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
Japan New Party (1992–1994)
Alma materWaseda University
වෙබ් අඩවියOfficial website

මුල් අවධිය

සංස්කරණය

1957 මැයි 20 වනදා, චිබා ප්‍රාන්තයේ ෆුනබාෂි නගරයේ දී ජන්ම ලාභය ලද යොෂිහිකෝ නෝඩා සාමාන්‍ය ගොවි පවුලකින් පැවතෙන්නෙකි. ඔහුගේ පියා ජපන් ආරක්ෂක හමුදාවේ සාමාජිකයෙක් විය. වසේදා සරසවියෙන් 1980 දී දේශපාලන විද්‍යාව පිලිබඳ උපාධිය ලබාගත් ඔහු ඉනික්බිති මට්සුෂිටා පරිපාලන සහ කළමනාකරණ ආයතනයේ සේවයට බැඳුණි. 1987 දී නෝඩා චිබා ප්‍රාන්ත සභාවට තේරී පත් විය.

ඩයට් සභාවේ සාමාජිකයෙකු ලෙස

සංස්කරණය

1993 දී, නෝඩා මහතා පළමු වතාවට ඩයට් සභාවේ පහල මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් වූයේ ය. ඒ දැනට අභාවයට පත්ව ඇති ජපන් නව පක්ෂය නියෝජනය කරමිනි. 1996 දී ඔහු පරාජයට පත් වූ අතර, 2000 වසරේදී යලි පහල මන්ත්‍රී මණ්ඩලයට පත් වූයේ ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි.

2009 අගෝස්තු 30 වනදා පැවති මහා මැතිවරණයෙන් ජපන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ට ජයක් ලබා ගත අතර, සැප්තැම්බරයේදී, නෝඩා එරට මුදල් උප ඇමති බවට පත් විය. 2010 ජූනි මාසයේදී, එවකට මුදල් ඇමතිවරයා වූ නඔටෝ කාන් මහතා අගමැති ධූරයට පත් වූ පසු නෝඩා මහතා මුදල් ඇමති ධූරයට පත් කරන ලදී.

කාන් මහතා 2011 අගෝස්තුවේ අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ පසු, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් නෝඩා මහතා ජය ලැබීය.[1] මේ අනුව ඔහු ඊළඟ අගමැතිවරයා ලෙස පත් වීමට නියමිතය.

ප්‍රතිපත්ති

සංස්කරණය

මුදල් ඇමති ලෙස ජපන් ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙර දරන අතර නෝඩා මහතා ස්වදේශ කටයුතු පිලිබඳ සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් දැරීය. කෙසේ වුවද, විදෙස් කටයුතු පිලිබඳ ඔහුගේ ඇතැම් ප්‍රකාශයන් අසල්වැසි රටවල, වෙසෙසින්ම චීනයේ සහ දකුණු කොරියාවේ දෝෂ දර්ශනයට හේතු විය. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුධ අපරාධවලට දඬුවම් ලැබූ ජපන් ජාතිකයන්, යුධ අපරාධ පිලිබඳ වරදකරුවන් නොවන බව වරක් ඔහු විසින් ප්‍රකාශ කිරීම එයට මූලික විය. එසේම, චීනයේ ආරක්ෂක වියදම් පිලිබඳ නෝඩා මහතා විසින් එරට රජය දැඩි ලෙස විවේචනය කරන ලදී.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Yoshihiko Noda wins Japan leadership race". BBC. 2011-08-30.
"https://si.wikipedia.org/w/index.php?title=යොෂිහිකෝ_නෝඩා&oldid=612293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි