යේසුස් ගේ සමයෙහි ජුදියා සහ ගලීලය Main articles: Ministry of Jesus, Sermon on the Mount, Sermon on the Plain, Twelve Apostles, and Transfiguration of Jesus ශුභාරංචි වලට අනුව යේසුස් වහන්සේ හෙවත් ගැලවුම්කරුවානෝ තම ජීවිතය වෙනත් බොහෝ දෙනා වෙනුවෙන් පරිත්‍යාග කිරීම සඳහාත් දෙව්ලොව ශුභාරංචිය දේශනයටත් පැමිණි බව සඳහන් වේ. සිය සභා වකවානුව තුල යේසුස් වහන්සේ විවිධාකාරයේ ප‍්‍රාතිහාර්යයන් පෑ බවත් ඒවා අතර සුව කිරීම්, යකුන් දමනය කිරීම්, ජලය මත ඇවිදීම්, ජලය වයින් බවට පත් කිරීම්, වයින් ජලය බවට පත් කිරීම් හා ලාසරුස් වැනි පුද්ගලයන් කිහිප දෙනෙකු මළවුන්ගෙන් නැගිටුවීම් ආදිය ඇතුලත් බවත් පැවසේ. (ජෝන් 11:44) මැතිවු 9:25 සහ ලූක් 7:15)


කන්ද උඩ දේශනාව කාර්ල් හෙන්රික් බ්ලොක් 19 වන සියවස.
"කන්ද උඩ දේශනාව", කාර්ල් හෙන්රික් බ්ලොක් 19 වන සියවස.

ශාන්ත ජෝන් ගේ ශුභාරංචියේ යේසුස් වහන්සේ ගේ සභා වකවානුවේ පැවති විවිධ පාස්කු මංගල්‍යන් තුනක් ගැන සඳහන් වේ. ඒ අනුව යේසුස් වහන්සේ ගේ දේශනා කාලය දළ වශයෙන් වසර දෙකකු ත් මාසයක් හෝ දෙකක් ලෙස නිගමනය වේ. සාරාත්මක ශුභාරංචි වැනි ඇතැම් අර්ථ කථන එය වසරක කාලයකට සීමා කරනු ලබයි. එම සභාවේ ප‍්‍රධාන අවධානය අපෝස්තුලූවරු දොළොස් දෙනාට හිමිවිය. අපෝස්තුලූවරු දොළොස්දෙනා සහ අනෙකුත් යේසුස් වහන්සේගේ සමීපතමයෝ යුදෙව්වන් වූ බව යේසුස් වහන්සේ සිය ධර්මය ඊශ‍්‍රායෙල් ජාතිකයනට පමණක් සීමා කරන්නැයි පැවසීමෙන් ද (මැතිව් 15:24 මැතිව් 10:1-6) යේසුස් වහන්සේ ගේ මරණයෙන් පසුව අපෝස්තුලූවරු පාවුලූ සමග මෙම ඉගැන්වීම් හා ශුභාරංචි ඡර්ම ෙඡ්දනය නොකළ අන්‍ය ජාතිකයන්ට පැතිරවීමට එකඟ වීමෙන් ද (ක‍්‍රියා 15:1-31 ක‍්‍රියා 10:1-11:8) පැහැදිලි වේ .

යේසුස් වහන්සේ විනාශකාරී අනාගතයක් දේශනා කළේය. වර්තමාන ලෝකයේ අවසානය බලාපොරොත්තු විරහිත ලෙස උදාවන බවත්, එතුමා ලොව විනිශ්චයකරුවා ලෙස නැවත පහලවන බවත් දේශනා කළේය. එතුමා තම අනුගාමිකයනට සෑම කල්හිම සූදානමින් හා භක්තියෙන් සිටින්නැයි දේශනා කළේය. එසේම එතුමා නිරයෙන් ගැලවීම සඳහා පසුතැවීම අත්‍යවශ්‍ය බව දේශනා කළ අතර තමුන්ව විශ්වාස කරන්නන් ට සදාතනික ජීවිතය (ජෝන් 3:16 -18) පොරොන්දු විය.

තම සභාවේ උපරිම අවධියේ දී යේසුස් වහන්සේ දහස් ගණන් වන විශාල පිරිසක් එක් කර ගත්තේය මූලිකව ඔවුන් ගලීලය හා පෙරියා (වර්තමාන ඊශ‍්‍රායෙල හා ජෝර්දාන) ප‍්‍රදේශ වලින් විය. එතුමාගේ ඇතැම් ප‍්‍රකට ඉගැන්වීම් කන්ද උඩ දේශනාවේ සඳහන් විය. එතුමාගේ ඉගැන්වීම් බොහෝ විට උපමා වලින් සමන්විත වූ අතර නාස්තිකාර පුත‍්‍රයාගේ උපමාව හා වපුරන්නාගේ උපමාව ඒ අතර වෙයි. ඔහුගේ ඉගැන්වීම් දෙවියන් හා සියලූ මිනිසුන් අරභයා දෙවියන්ගේ වැනි ආදරයක් හා කොන්දේසි විරහිත ආත්ම පරිත්‍යාගයක් උනන්දු කළේ ය. එම ඉගැන්වීම් අතර සේවා සහ නිහතමානීත්වය, පව් ක්ෂමා කර ගැනීම, ඇදහිල්ල, අනෙක් කම්මුලත් පෑම, මිතුරාට මෙන්ම සතුරාට ද පේ‍්‍රම කිරීම සහ නීතියේ සාරය පසුපස ගමන් කිරීමේ අවශ්‍යතාව ආදිය වේ.

යේසුස් වහන්සේ නිරන්තරයෙන් සමාජයෙන් බැහැර කළවුන් හමුවිය. ඔවුන් අතර අධිරාජ්‍යයේ නියෝගය පරිදි මුදල් බලයෙන් ලබාගැනීම නිසා සමාජයෙන් පිළිකුල් කරනු ලැබූ බදු එකතුකරන්නෝ ආදින් විය. ශාන්ත මැතිව් ද එවැන්නෙකි. ව්‍යාජ භක්තිකයෝ යේසුස් වහන්සේ දේවානුගාමියනට වඩා පවුකරන්නන් හමුවන්නේ යැයි චෝදනා කළ විට යේසුස් වහන්සේ වෙදැදුරෙක් අවශ්‍ය වන්නේ රෝගීන්ට විනා නීරෝගී පුද්ගලයනට නොවේ යැයි දේශනා කළ සේක (මැතිව් 9:9-13) . ලූක් ට හා ජෝන් ට අනුව යේසුස් වහන්සේ සිය සභාව ඊශ‍්‍රායෙල ආගමේ වෙනත් ප‍්‍රභේදයක් අනුගමනය කළ සමේරියානුවන්ට ව්‍යාප්ත කිරීමට උත්සාහ කළේය. සාරාත්මක ශුභාරංචි වලට අනුව යේසුස් වහන්සේ තමුන්ගේ අපෝස්තුලූවරු තිදෙනෙක් වන පීටර්, ජෝන් සහ ජේම්ස් යාඥා සඳහා කඳු මුදුනකට රැගෙන ගිය අතර එහිදී අන්‍යරූපවේෂණය විය. එතුමාගේ මුහුණ හිරු මෙන් බැබලූණු අතර වස්ත‍්‍ර දීප්තිමත් සුදු පැහැයක් ගත්තේය. එලිජා සහ මෝසස් උන්වහන්සේ අසල සිටියෝය. දීප්තිමත් වලාකුලක් උන්වහන්සේ මත පිහිටි අතර අහසේ සිට නැගුනු හඬක් මේ මාගේ ආදරණීය පුත‍්‍රයායැයි ප‍්‍රකාශ කළේය. ශුභාරංචි වලට අනුව සිය සභාවේ අවසාන භාගයේදී යේසුස් වහන්සෙ තම අනුගාමිකයන්ට සිය මරණය හා උත්ථානය පිළිබඳ අනාගත වාක්‍ය පැවසූ සේක (මැතිව් 16:21 - 28) .


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Jesus#Ministry

"https://si.wikipedia.org/w/index.php?title=යේසුස්_ගේ_සභාව&oldid=518087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි