යූරල් ආර්ථික ප්‍රදේශය

යූරල් ආර්ථික ප්‍රදේශය (රුසියානු: Ура́льский экономи́ческий райо́н; tr.: Uralsky ekonomichesky rayon) යනු, රුසියාවේ ආර්ථික ප්‍රදේශ දොළස අතරින් එකකි. මෙම ප්‍රමුඛ ආර්ථික ප්‍රදේශය, පහත දැක්වෙන උපකොට්ඨාශ වලින් සමන්විත වෙයි (පරිපාලන කේන්ද්‍රයන්ද සඳහන් කර ඇත): බැෂ්කෝටස්තාන් (ඌෆා), චෙල්යාබින්ස්ක් ඕබ්ලස්ටය (චෙල්යාබින්ස්ක්), කූර්ගාන් ඕබ්ලස්ටය (කූර්ගාන්), ඕර්න්බර්ග් ඕබ්ලස්ටය (ඕර්න්බර්ග්), පියැර්ම් ක්රායි (පියැර්ම්), ස්වර්ඩ්ස්ලොක් ඕබ්ලස්ටය (යෙකැතරින්බර්ග්) සහ උඩ්මූර්ට් ජනරජය (ඉෂීස්ක්). එය බොහෝ ලෙසින් පිහිටා ඇත්තේ යුරල් ප්‍රදේශයන්හී මධ්‍යම කොටසෙහි හා, අඩ වශයෙන් එහි දකුණු සහ උතුරු කොටස් තුල වන නමුත් නැගෙනහිර යුරෝපියානු සහ බටහිර සයිබීරියානු තැනිතලා වල කොටස්ද එයට අයත් වෙයි. එහි ප්‍රමාණය, යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කයේ ප්‍රමාණයට වඩා වෙනස් වෙයි.

යූරල් ආර්ථික ප්‍රදේශය
Ура́льский экономи́ческий райо́н
(Uralsky ekonomichesky rayon)
ආර්ථික ප්‍රදේශය
රුසියාවේ සිතියම මත යූරල් ආර්ථික ප්‍රදේශය
රුසියාවේ සිතියම මත යූරල් ආර්ථික ප්‍රදේශය
රට රුසියාව
"https://si.wikipedia.org/w/index.php?title=යූරල්_ආර්ථික_ප්‍රදේශය&oldid=302943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි