යුරෝපානු ඉතිහාසය-වසර සියයේ යුද්ධය

වසර සියයේ යුද්ධය යනු ප්‍රංශයේ ජේෂ්ඨ කේප්ටියානු රජ පරම්පරාවේ නැතිවීමත් සමග හිස්වු ප්‍රංශ රජකිරුල සදහා රාජකීය නිවාස දෙකක් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගැටුමකි. මූලික තරඟ කරුවන් දෙපල වුයේ වැලෝයිස් (Volais) නිවහන හා ප්ලේටජෙනට් (Plantaganet) නිවහනයි. වැලෝයිස් නිවහන ප්‍රංශ රජකමට ඉල්ලුම් කළ අතර එංගලන්තයේ ප්ලේටර්ජෙනට් නිවහන ප්‍රංශය හා එංගලන්තය රජ කමට ඉල්ලුම් කරන ලදී. අංජවු නිවහන ලෙසද හැදින්වු එංගලන්තයේ ප්ලේටර්ජෙනට් රජවරුන්ගේ මූල ප්‍රංශයේ අංජවු හා නොර්මැන්ඩි ප්‍රදේශ වල පිහිටා තිබුණි. ප්‍රංශ සොල්දාදුවන් දෙපැත්තෙහිම සටන් කළ අතර බුර්ගන්ඩිවරු හා ඇක්විටෙන්වරු ප්ලේටජෙනට් පැත්තට වැඩි දායකත්වයක් ලබාදෙන ලදී.

මෙම ගැටුම 1337 සිට 1453 දක්වා වසර 116 ක් පුරාවට පැවතුණි. යුද්ධය කුඩා සාමකාල කිහිපයකින් හා දිගු සාමකාල දෙකකින් අතරමග විරාම සහිතව සිදු වන ලදී. අවසානයේදී එය ප්ලේටර්ජෙනට්වරු ප්‍රංශයෙන් නෙරපාදැමීමත් සමගම ඉවත් විය. (කැලයිස් පේල් හැර) 1360 සිට 1369 දක්වා හා 1389 සිට 1415 දක්වා තිබු දිගු සාමකාල දෙක අඩු කළ විට යුද්ධය වසර 81 ක් පුරාවටම පැවති ඇත.

යුද්ධය ඇත්ත වශයෙන්ම ගැටුම් ශ්‍රේණියක් වු අතර සාමාන්‍යයෙන් කොටස් තුනකට හෝ 4 කට බෙදීම සිදු කරනු ලැබේ. ඒවා නම් එඩ්වඩ් යුද්ධය (1337 – 1360), කැරොලයින් යුද්ධය (1369 – 1389) ලැන්කස්ටර් යුද්ධය (1412 – 1431) හා ජෝන් ඔෆ් ආර්ක් (1412 – 1431) ගේ පෙනී සිටීමෙන් පසු ඉංග්‍රීසි බලමුළුව ක්‍රමයෙන් හීන වී යාමයි. අනෙකුත් සමකාලීන යුරෝපීය ගැටුම් කිහිපයක් ද එංගලන්තය හා‍ප්‍රංශය අතර ගැටුමට සෘජුවම සම්බන්ධ වී තිබේ. ඒවා නම් පරම්පරාව පිළිබද බ්‍රිටන් යුද්ධය, කැස්ටිලියානු සිවිල් යුද්ධය හා රිටර්වරු දෙදෙනාගේ යුද්ධය වෙයි. වසර 100 යේ යුද්ධය යන වදන මෙම ක්‍රියාදාම ශ්‍රේණිය විස්තර කිරීම සදහා පසුව හදුන්වා දෙන ලද වදනකි.

සාධක ගණනක් නිසා මෙම යුද්ධයට ඓතිහාසික විශේෂත්වයක් උරුම වී ඇත. මූලිකවම පෙලපත් පිලිබද ගැටුමක් වුවත් මෙම යුද්ධය මගින් ප්‍රංශය හා ඉංග්‍රීසි ජාතිකත්වය පිළිබද අදහසට වේගයක් ලබා දෙන ලදී. යුධමය වශයෙන් එමගින් නව ආයුධ හා ශිල්පීය ක්‍රම බිහිවු අතර දැඩි අශ්වා රෝහකයන් විසින් අනසක පතුරුවා ගෙන සිටි වැඩ වසම් හමුදා පති ඉවත දමන ලදී. බටහිර රෝම අධිරාජ්‍ය කාලයේ සිට බටහිර යුරෝපයේ ප්‍රථම නැගිසිටිමේ හමුදාව මෙම යුද්ධය සදහා හදුනාවාදුන් අතර එමනිසා කුලී ජනයාගේ භූමිකාව බොහෝ සෙයින් වෙනස් විය. මේ සියල්ල නිසා මෙන්ම එහි දිගු කාලය නිසා එය මධ්‍යතන යුධ ඉතිහාසයේ වඩාත් විශේෂිත ගැටුම් වලින් එකක් ලෙස සැලකිය හැක. ප්‍රංශයේ සිදු වු ඉංග්‍රීසි ආක්‍රමණ, සිවිල් යුද්ධ, මරණීය වසංගත, දුර්භික්ෂ හා කුලී හමුදා මංකොල්ල කරුවන් බවට පත්වීම මගින් එහි ජනගහනය 2/3 කින් අඩුවන ලදී.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Hundred_Years_War