යුරෝපානු ඉතිහාසය-යුද්ධය ආරම්භ‍වෙයි.

ජපාන හමුදා වුහාන් සටන අතරතුරදී


1937 මැද භාගයේදී මාකෝපෝලෝ පාලම සම්බන්ධ සිද්ධියෙන් පසුව ජපානයේ සම්පුර්ණ චීන ආක්රමණයක් ආරම්භ කරන ලදී. සෝවියට් ජනපදය ක්ෂණිකව චීනයට සහය ලබාදුන් අතර එමගින් ඉතා දක්ෂ ලෙස ජර්මනිය සමග චීනයේ තිබු පෙර සබධතාව අවසන් කරවිය. ෂැන් හයි වලින් ආරම්භ කල ජපාන හමුදාව විසින් දෙසැම්බර් මාසයේ නැංජින් අගනුවරද අල්ලා ගනිමින් චීන හමුදා පිටුපසට තල්ලු කරන ලදී. 1938 ජුනි මාසයේදී චීන හමුදාව මගින් කහ ගඟ පිටාර ගැලවීමෙන් ජපාන හමුදා ඉදිරියට ඒම නවත්වන ලදී. මෙමගින් ඔවුන්ට වුහාන් නගරය ආරක්ෂා කර ගැනීමට සුදානම් වීම සදහා ප්රමාණවත් කාලයක් ඇති වු අතර එනමුත් ඔක්තෝබර් මාසයේ දී ජපාන හමුදා අයත් කර ගන්නා ලදී. එම කාලය අතර තුරදී කාසන් වැව අසබඩ ප්රදේශයේදී ජපාන හා සෝවියට් හමුදා සුළු සටන් වල නිරත විය. 1939 මැයි මාසයේදී ඔවුන් වඩාත් සංකිර්ණ හාපුළුල් යුද්ධ වල නිරත විය.

යුරෝපයේ ජර්මනිය හා ඉතාලිය ක්රමක් ක්රමයෙන් බලසම්පන්න වෙමින් පැවතුණි. 1938 මාර්තු මාසයේදී ජර්මනිය විසින් අනෙකුත් යුරෝපානු බලවල කුඩා ප්රතිචාර උද්ධිපනය කරමින් ඕස්ට්රියාව අයත් කර ගන්නා ලදී. මෙමගින් උද්ධාමයට පත් සඩෙටන් ලන්තයට ද බලපෑම් එල්ල කරන ලදී. ප්රංශය හා බ්රිතාන්ය තවත් භූමි අත්පත් කර ගැනීමක් සිදු නොකරන බවට පොරොන්දුවක් ලබා ගනිමින් ඒවා අයත් කර ගැනීමට ඉඩ ලබා දුනි. ජර්මිනිය ඉතා ඉක්මනින් එම පොරොන්දු කඩ කළ අතර 1939 මාර්තු මාසයේදී චෙකොස්ලෝවියාව සම්පුර්ණයෙන්ම අයත් කර ගන්නා ලදී.


පොලන්තයේ සර්වියට් හා ජර්මානු නිළධාරීන්

මින් කලබලයට පත් ප්රංශය හා බ්රිතාන්ය, හිට්ලර් විසින් ඩැන්සික් ප්රදේශයට තම අවධානය යොමු කිරීමත් සමග පෝලන්තයට තමන්ගේ සහය ලබාදෙන බවට සහතික විය. ඉතාලිය විසින් අප්රේල් මාසයේදී ඇල් බේනියාව ආක්රමණය කිරීම්ත සමග එම සහතිකය රූමේනියාවට හා ග්රීසියට දිගු විය. සෝවියට් එකමුතුව ද ප්රංශය හා බ්රිතාන්ය සමග මිත්රවීමට උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක වුයේ සෝවියට් අරමුණු එකමුතුවේ අරමුණු හා හැකියාවන් පිළිබද බටහිර ලෝකයෙහි වු සැක සන්කාවන් නිසාය. පෝලන්තයට ලබාදුන් ප්රංශ - බ්රිතාන්ය පොරොන්දු වලට පසු ජර්මනිය හා ඉතාලිය වානේ ගිවිසුමත් (Pact of Steel) සමග මිත්රත්වයක් ඇති කරගන්නා ලදී. සියළු ප්රබල බලමුළු සොලවා දැමු මෙම ක්රියාවෙන් පසුව ජර්මනිය හා සෝවියට් එකමුතුව ආක්රමණය නොකිරීමේ ගිවිසුමක් තීන්දු කළ අතර එයට පොලන්තය හා නැගෙනහිර යුරෝපය ඔවුන් අතර බොදා ගැනීමේ රහස් එකඟතාවක්ද ඇතුලත් විය.

1939 සැප්තැම්බර් මාසයේ ආරම්භය වන විට සෝවියට් හමුදාව විසින් ජපාන හමුදා පලවා හරින ලද අතර ජර්මානුවන් පෝලන්තය ආක්රමණය කරන ලදී. ප්රංශය බ්රිතාන්ය හා පොදුරාජ්ය මණ්ඩලය ජර්මනියට එරෙහි යුධ ප්රකාශ කළ නමුත් සාර්ලන්තයට සිදු කල කුඩා ප්රංශ ප්රහාරය හැරුණු කොට ඔවුන්ගෙන් ලැබුණේ කුඩා සහයෝගයකි. සැප්තැම්බර් මාසයේ මැද භාගයේදී ජපානයත් සමග ගිවිසුමත් අත්සන් කිරීමෙන් පසු සොවියට් එකමුතුව පෝලන්තය ආක්රමණය කිරීම ආරම්භ කරන ලදී. ඔක්තෝබරයේ ආරම්භය වන විට පෝලන්තය ජර්මනිය හා සෝවියට් එකමුතුව අතර බෙදී පැවතුණි. පෝලන්ත යුද්ධය අතරතුරදි ජපානය චීනයේ සංග්රාමික වශයෙන් වැදගත් නගරයක් වු ෂැන්සා නගරයට ප්රථම ප්රහාරය එල්ල කළ නමුත් ඔක්තෝබරයේ මුල් භාගය වන විට එයද පසු බස්වන ලදී.

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Second_World_War#War_breaks_out