යුරෝපයේ නීතිය වර්තමානයේ විවිධ වන අතර වේගයෙන් වෙනස්වෙමින් පවතී. පුද්ගලික නීතියේ ප‍්‍රධාන ප‍්‍රවර්ගයන් දෙකක් වන සිවිල් නීතියේ හා පොදු නීතියේ පදනම වූ රෝම අධිරාජ්‍යයේ උපත සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ උපතද යුරෝපය තුල සිදුවූවක් විය.

ඉතිහාසය

යුරෝපයට විෂමවූ ඉතිහාසයක් ඇත. ජස්ටීනියන්ගේ කෝපුස් ජූරිස් සිවිලිස් මගින් රෝම නීතිය විශාල සංගෘහිත කිරීමකට ලක්විය. පසුකාලීනය මධ්‍යතන යුගයේ ශාස්ත‍්‍රඥයින් විසින් එය වර්ධනය කරනු ලැබින. මධ්‍යතන යුගයේ එංගලන්තයේ විනිසුරුවරු යුරෝපා මහාද්වීපයේ අනෙකුත් විනිසුරන්ට වඩා වැඩි බලයකට හිමිකම් කී අතර ඔවුහු පූර්වාදර්ශී දේහයක් වර්ධනය කිරීමට පටන්ගත්හ. යුරෝපයේ වැඩි ප‍්‍රදේශයක සාමාන්‍ය නීති පද්ධතිය සිවිල් නීතිය වූ අතර 17 වන සියවසේදී නෝඩික රටවල ජාතිකවාදයේ නැගීම සහ ප‍්‍රංශ විප්ලවය කාළයේ එය වෙනස් ජාතික පද්ධතීන් දෙකක් බවට වෙන්වී ගියේය. මෙය සිදුවූයේ වෙනම ජාතික නීති සංග‍්‍රහයන් නිර්මාණයවීම තුලිනි. මෙහිදී ප‍්‍රංශය නැපෝලියානු නීති සංග‍්‍රහය සහ ජර්මන් හා ස්විස් සංග‍්‍රහයන් වඩාත් බලපෑම් සහගත විය. මේ කාළය වන විට සිවිල් නීතිය පුනරුද සංකල්පයන්ද සිවිල් නීතිය තුලට පැමිණ තිබිනි. යුරෝපා සංගමයේ නීතිය සම්මුතීන් විසින් පනවනු ලැබූ සංගෘහිත කරනු ලැබූ නීති එකතුවක් මත පදනම් වෙයි. යුරෝපා සංගමයේ නීතිය යුරෝපා සාධාරණත්ව අධිකරණයේ අධිකරණ පූර්ව නිදර්ශනයන්ද අන්තර්ගත කොට ගත්තකි.

"https://si.wikipedia.org/w/index.php?title=යුරෝපයේ_නීතිය&oldid=470453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි