යුධෝපක්‍රම (ග්‍රීක Takkike : හමුදාවක් සංවිධානය කිරීමේ කලාව) යනු සටනේ දී සතුරාව පරාජයට පත් කිරීම සඳහා අවිආයුධ හා හමුදා ඒකක සංකලනය කර භාවිත කිරීමේ ක්‍රමවේදයයි. දර්ශනයේ හා තාක්ෂණයේ සිදුවු වෙනස්කම් යුධෝපක්‍රම වල වෙනස් වීම් වලට බලපා ඇත.

දහනවන වන සියවස දක්වාම විවිධ යුධෝපක්‍රම විවෘත භූමි වලදී හමුදා ඒකක හැසිරවීම වැනි සටන් බිමේ කරුණු වල පමණක් සීමා විය. වර්තමාන හමුදා චින්තනය තුළ යුධෝපක්‍රම යනු, පුද්ගලයින් දුසිම් ගණනක සිට සිය ගණනක් අන්තර්ගත වන පහළම මට්‍ටමේ සලසුම් කිරීමයි. බළ ඇණි වල ක්‍රියාකාරී යොදාගැනීම නම් උසස් සැලසුම් කිරීමේ මට්ටමක් ඇතුලත් වන හැඩගැසීම් වලට ඒකක සංවිධානය කරයි. හමුදා සැලසුම් වල තුන්වන ශ්‍රේණිය වන්නේ සැලසුම් සකස් කිරීම වන අතර, දිගුකාලීන අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් හා ක්‍රියාමාර්ග පිලිබඳ කටයුතු කරයි. ක්‍රියාකාරී යුධ මාර්ග ඒ අනුව ගත් කල සැලසුම් (ඉහළ ශ්‍රේණිය) යුධෝපක්‍රම (පහලම ශ්‍රේණිය) දක්වා පරිවර්ථනය කර අතරමැදි ශ්‍රේණියකි.

ගොනුව:Disguisetactics.jpg
ගහක් ලෙස හැඩගැස්වූ 1 වන ලෝක යුධ සමයේ ජර්මානූ නිරික්ෂණ කුළුණක්

විවිධ අවස්ථාවන්ට විශේෂිත වූ යුධෝපක්‍රම ඇත. කාමරයක් හෝ තනි ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනිමේ සිට යම් කලාපයක් පුරාවට ගුවන් බලය පවත්වා ගැනීම වැනි විශාල පරිමාණයේ මෙහෙයුම් දක්වා ඒවා විහිදේ. වර්තමානයේදී තනි සෙබළුන්, සෙබල කණ්ඩායම් සිට සම්පූර්ණ හමුදාවන් දක්වා සියළුම අණදෙන ‍ ශ්‍රේණි වලදී යුධෝපක්‍රම භාවිතා කරයි. අනිවාර්යයෙන්ම යුද්ධයේදී භාවිතා කරන ඒකක එම කාලයේ පවතින යුධෝපක්‍රමවල ප්‍රතිබිම්භයක් වන අතර ඒවායේ විශාලත්වය හා සැදුම්ලත් සම්මිශ්‍රණය අදාල ලෙස වෙනස් වේ.

එක්සත් ජනපද හමුදා ක්ෂේත්‍ර අත් පොත 3-0 යුධෝපක්‍රම සම්බන්ධයෙන් පහත නිර්වචන ලබා දෙයි.

යුධෝපක්‍රම- (ආරක්ෂක දෙපාර්තමේන්තුව)

1. සටන් වලදී හමුදා ඒකක වල භාවිතය.

2. ස්වයංක්‍රීය සම්පූර්ණ විභවය භාවිතා කල හැකි පරිදි තම තමන්ට හෝ හතුරාට සාපේක්ෂව හමුදා ඒකක ක්‍රමානුකුල සකස් කිරීම හා ස්ථානගත කිරීම මේ සඳහා තම තමන්ටත්, භුමියටත් සතුරාටත් සාපේක්ෂව ක්‍රමානූකූලව ඒකකයක් හැසිරවීම මඟින් සටන් කිරීමේ හැකියාවේ විභවය සටන් ජයග්‍රහණය දක්වා පරිවර්ථනය කිරීම අදාල වේ. (FM 3-0)

එක්සත් ජනපද හමුදාව සාමාන්‍ය ශ්‍රේණි 3 ක් ඔස්සේ යුද්ධය නිර්වචනය කරයි.

1. සැලසුම් ශ්‍රේණිය: මේ සඳහා ජාතික මෙන්ම සටහන් ආඥා කාලයද ඇතුලත් වේ.

2. මෙහෙයුම් ශ්‍රේණිය: ඒකාබද්ධ කාර්ය සාධක බලකාය (භුමි මෙහෙයුම් ඒකකය, උපාය ඒකක, ගුවන් හා නාවික යන බලමුළු වල එකතුවෙන්) සිට භට කණ්ඩායම් පෙළගැස්වීම දක්වා විහිදේ.

3. යුධෝපක්‍රම ශ්‍රේණිය: භට කණ්ඩායම් හැසිරවීමේ සිට තනි තනි ‍සොල්දාදුවා දක්වා වූ පහලම සටන් ඒකක දක්වා විහිදේ.

බොහෝ දෙනා හමුදා වචන මාලාව දැනගෙන සිටිමුත් සැලසුම් හා යුධෝපක්‍රම යන වචන දෙක හුවමාරු කිරීමට පෙලඹේ.

යුධෝපක්‍රම යනු විද්‍යාවක් හා කලාවකි. දෙන ලද අවස්ථාවකට ස්වයංක්‍රීයව ප්‍රතිචාර දැක්වීමට හුරුකරවන ‘සටන් සරඹ’ හා විශාල උපදෙස් හා අවවාද මාලාවක් සියවස් ගණනක් ඔස්සේ ලියවී ඇත. සමහරුන්ට යුධෝපක්‍රම සහ‍ජයෙන්ම පිහිටා ඇත. සමහර අවස්ථා වලදී ඒවා ඉගැන්විය හැක. නමුත් මූලිකවම යුධෝපක්‍රම යනු මනෝ විද්‍යාව, භෞතික විද්‍යාව හා සංඛ්‍යාලේඛන අඩංගු වු වෙනස් වන සම්මිශ්‍රණයකි.

සමහර භාවිතයන් හා පුරුදු යුද්ධයන්හි ආරම්භ‍යේ සිටම නොවෙනස්ව පවතී. සැගවී සිට පහරදීම්, සොයාගෙන ගොස් වටකිරීම, තොරතුරු රැස් කිරීම, පවත්වා ගැනීම, බාදක හා ආරක්ෂක විධිවිධාන සකස් කිරීම හා භාවිතය වැනි නොයෙකුත් කරුණු මෙයට අඩංගු වේ. භූමිය උපරිම වාසිදායක ලෙස යොදා ගැනීම ද නොවෙනස්ව පැවතී ඇත. උස්බිම්, ගංගා හා වගුරු බිම්, කුඩා දිය ඇලි, ස්වභාවික සැඟවුම් ස්ථාන යන මේ සියල්ලම විවිධ ආකාරයට භාවිතා කල හැක.

නිරන්තරයෙන්ම වෙනස් වන කොටස වන්නේ තාක්ෂණික මානය හා සටන්කරුවන්ගේ සමාජවිද්‍යාත්මක පැතිකඩයි. රෝම සොල්දාදුවකු, මොන්ගෝලියානු අශ්වාරෝහයෙකු,දුනුවායෙකු, චීන හරස් දුනුකරුවකු, බ්‍රිතාන්‍ය රෙඩ්කොට් වරයෙක්, ගුවන් භටයෙකු වැනි විවිධ වර්ගයේ භටයින් නිර්මාණය කිරීමට බලපෑ තාක්ෂණික හා සමාජ විද්‍යාත්මක වෙනස්කම් මොනවාදැයි කෙනෙකු සිතා බැලීමට තීරණය කළ හැක. මොවුන් තම ආයුධ, හමුදා උපකරණ සැපයීමේ ක්‍රියාමාර්ග හා සමාජීය තරාතිරම මඟින් සීමා කරනු ලැබ, සටන් බිම විවිධ අයුරින් භාවිත කිරීමට පෙළඹුන ද සාමාන්‍යයෙන් ඔවුන්ගේ යුධෝපක්‍රම භාවිතයෙන් එකම අරමුණක් සාක්ෂාත් කිරීමට පෙළඹේ.

Military tactics
"https://si.wikipedia.org/w/index.php?title=යුධෝපක්‍රම&oldid=471676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි