යාපනය පුස්තකාලය ගිනි තැබීම
ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී යාපනය මහජන පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය වැදගත් ස්ථානයක් ගනී. සංවිධානාත්මක කලහකාරී පිරිසක් 1981 මැයි 31 සිට ජුනි 2 දක්වා කලබල ඇති කරමින් මහජන පුස්තකාලයද ගිනි තැබුහ. මෙය විසිවන ශත වර්ෂයේ මානව ඉතිහාසයේ පොත් පත් සම්බන්ධයෙන් ගත් කළ ඉතා සාහාසික සිද්ධියකි. ගිනි තැබීමේ අවස්ථාව වන විට 97000 කට වඩා වටිනා පොත් සහ විරල අත් පිටපත් තිබුණු එම පුස්තකාලය ආසියාවේ තිබුණු විශාලතම පුස්තකාලයන්ගෙන් එකක් විය.
යාපනය පුස්තකාලයට ගිනි තැබීම | |
---|---|
ස්ථානය | යාපනය, ශ්‍රී ලංකාව |
දිනය | 1981 මැයි 31-ජුනි 1 |
ප්‍රහාර මාදිලිය | ගිනි තැබීම, වෙඩි තැබීම |
මරණ | 4 |
තුවාලකරුවන් | නොදනී |
සැකකෙරෙන අපරාධකරුවා | ජාතිවාදීන් පිරිසක් යැයි සැක කෙරේ.[1][2][3][4] |
පසුබිම
සංස්කරණයපුස්තකාලය පියවර කීපයකින් ගොඩ නංවා තිබිණි. පුස්තකාලය 1933 දී ආරම්භ වුයේ ප්‍රමාණවත් පොත් සංඛ්‍යාවක් තිබුණු පෞද්ගලික පොත් එකතුවක් වශයෙනි. ප්‍රදේශවාසීන්ගේ මුලික සහයෝගයෙන් ඉතා ඉක්මනට එය අංග සම්පුර්ණ පුස්තකාලයක් බවට පත්විය. මෙම පුස්තකාලය, පුස්කොළ පොත්වලින්ද ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ ප්‍රාදේශීය වශයෙන් වැදගත් ඓතිහාසික ලියවලි වල මුල් පිටපත් වලින්ද, යාපනය අර්ධද්වීපයේ අවුරුදු සියයකට කලින් මුද්‍රිත වු පුවත්පත් වලින්ද යුත් අගනා ලේඛන අඩංගු වු ලේඛනාගාරයක් බවට පත්විය. ශ්‍රී ලංකාවේ සුළු ජනගහණයක් වු දෙමළ ජනයා අතර මෙම පුස්තකාලයට ඓතිහාසික මෙන්ම ඉතා වටිනාකමක් හිමිවිය.
1959 දී යාපනය නගරාධිපති ඇල්ප්‍රඩ් දොරෙයප්පා විසින් මෙම පුස්තකාලයේ ප්‍රථම ප්‍රධාන අංශය විවෘත කළේය. ඉන්දු අරාබි ගෘහ නිර්මාණ ශිල්පියා වුයේ ඉන්දියාවේ, මදුරාසියේ, නරසිංගම් නැමැත්තෙකි. ඉන්දියාවේ ප්‍රසිද්ධ පුස්තකාලාධිපතිවරයෙකු වු එස්.ආර්. රංගනාදන් එම පුස්තකාලය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තැනෙන්නේදැයි පරීක්ෂා කිරීමේ කටයුතු කළේය. යාපනයේ ජනයා අතර එම පුස්තකාලය ප්‍රෞඪත්වයේ සංකේතයක් විය. ඉන්දියාවෙන් සහ වෙන රටවල් වලින් පවා ඔවුන්ගේ පර්යේෂකගෙන් මෙම පුස්තකාලය පරිහරණය කිරීමට පටන් ගත්හ.
ආශ්‍රිත
සංස්කරණය{{ආශ්‍රලැයිස්තුව