බු.ව.590 දී සිහසුන අල්ලාගත් යසලාලක තිස්ස රජු පිළිබඳව මහා වංශය ලියූ මහානාම හිමි එතරම් තොරතුරු දක්වා නොමැත හෙතෙම ලංකා පොළොවෙහි අනුරාධපුර නගරයේ සත්වසක් හා අඩ මසක් රාජ්‍ය කළ බැව් සදහන් කෙරේ

මේ රජුගේ දොරටුපාලයකු වූ සුබ නැමැත්තා රජුට සමාන රුවකින් යුතු අයෙකි යසලාලක තිස්ස රජු සුබ රාජාභරණයෙන් සරසවා සිංහාසනේ හිදුවා තම දොරටුපාලගේ වෙස්ගෙන විහිළුවට සිටින බවත් එවිට ඇමතිවරු පැමිණ රජු යැයි සිතා සුභට වදිනු බලා රජු සිනාසුනු බවත් කියවේ විහිළුවට කෙරුණ මේ අවස්ථාවක් සිය වාසියට හරවා ගත් සුබ මේ දොරටුපාලයා අවඥා සහගතව මට සිනාසෙන හෙයින් මොහුගේ හිස ගසා දමන ලෙස නියම කර රජු මරවා ඇත

ඇත්තෙන්ම ඉතිහාස කතාවලට අනුව මෙය විහිළුවක් වුවද එයට බරපතළ පසුබිමක් රාජ සභාවේ සකස් වී කිබූ බැව් පෙනේ සුබට රාජ්‍ය අල්ලා ගැනීමට අනුබල දුන් පිරිසක් රාජ සභාවේ වීමත් සුබගේ ක්‍රියාවට කිසිවෙකුගේ විරෝධයක් මතු නොවීමත් මෙහිදී සැලකිල්ලට ලක් වේ කෙසේ වුවත් දොරටුපාලයා යනුවෙන් සදහන් සුභ රාජ සභාවේ වැදගත් තනතුරක් දැරූ අයෙකු බවත් චන්ද්‍රමුඛ සීව මැරවීම ගැන ජනතාව යසලාලක තිස්ස කෙරෙහි කළකිරීමකින් සිටි මේ අවස්ථාවේ ඔහුගේ දිවි තොර කරවීමට කුමන්ත්‍රණයකින් ක්‍රියාත්මක වූයේද යන්නත් විචාරකයින්ගේ අවධානයට ලක්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=යසලාලක_තිස්ස_රජ&oldid=594468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි