යක්ඛ ගෝත්‍රිකයන් යනු විජය කුමරු රජ වීමට පෙර ශ්‍රී ලංකාවේ පාලන බලය තහවුරු කරගෙන සිටි අයයි. ඔවුන්ට අයත් ප්‍රධාන නගර දෙකක් වූ අතර ඒ සිරීසවත්ථු හා ලංකාපුර යන නගරයන්‍ ය. යක්ඛ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන සංකේත දෙකක් ඇති අතර ඒ කෙටේරිය හා පද්මයයි. මෙම ගෝත්‍රිකයන්ට මාතෘ මූලික සමාජයක් තිබී ඇත. මහා රාවණා රජතුමාට පෙර රජවූ අවසන් යක්ඛ ගෝත්‍රිකයා නම් එතුමාගේ මුත්තණුවන් වන සුමාලි රජතුමාය. මෙරට රජකම් කළ අවසන් යක්ඛ ගෝත්‍රික පාලකයා වන්නේ බම්බා රාජවංශයේ තෙවැන්නා වූ කාලසේන රජතුමාය. කුවේණිය එතුමාගේ දියණියයි.


රාවණ වැනි සිව භක්තික ද්‍රවිඩ සම්ප්‍රදායේ ප්‍රබන්ධ වීර චරිත කෘතිමව උඩ නැංවීම සිදුවන්නේ මෑත කාලයේදීය. මෙය සිංහල සමාජය තුලට විකෘතීයක් ලෙස ඇතුළු කර ඇත්තේ පස්චාත් 13 වන සියවස් සිව භක්තික ද්‍රවිඩ සම්භවයක් ඇතිව පසුව සිංහලීකරණය වූ දුරාව නම් සංක්‍රමණික කුලය විසින්ය. ඔවුන් මුහුණ දුන් කුල පීඩනය සහ හීනමානයට ප්‍රතිකර්මයක් ලෙසය. ඔවුන් මහාවංශ ඉතිහාස ධාරාවට අභියෝග කිරීමට එකල සිට කැමැත්තෙන් සිටි හෙයින් එසේ සිදු විය. වසර 700ක ඉතිහාසයක් පමණක් මෙරට තුල ඇති ඔවුන්ට මහාවංශ ඉතිහාස ධාරාවට අභියෝග කිරීම හරහා තම කුල පීඩනයෙන් මිදීමට හැකි විය. [1]

  1. ^ රාවණා යලි ඉපදුනේ මාතර. | Dineth Mallikarachchy
"https://si.wikipedia.org/w/index.php?title=යක්කයින්&oldid=743298" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි