යකඩ පෙනහැල්ලක් යනු, සාමාන්‍ය පේශීන්ගේ පාලනය යටතේ ශ්වසනය සිදු කල නොහැකි තත්ත්වයක් යටතේ හෝ එය සිදුකිරීමට යමෙකුහට අසමර්ථ තත්ත්වයක් යටතේ හෝ යම් පුද්ගලයෙකුට ආශ්වාස ප්‍රශ්වාස සිදුකිරීමට හැකියාව ලබාදෙන යන්ත්‍රයකි. එය වෛද්‍ය සංවාතක වර්ගයකි. නියමාකාරයෙන් හැඳුන්වූ කලෙක, එය සෘණ පීඩන සංවාතකයකි.

එමර්සන් වර්ගයේ යකඩ පෙනහැල්ලකි. රෝගියා කුටීරය තුල සැතපෙන අතර, එය ඉන්පසු වායුරෝධනය කල විට සිද්ධිදායක ලෙසින් දෝලනය වන්නාවූ වායුගෝලීය පීඩනයක් ලබාදෙයි. මෙම යන්ත්‍රය, ලුවිසියානාහී, කොවින්ටන්හී පෝලියෝ රෝගී බාර්ටන් හෙබර්ට් විසින් 1950 ගණන් වල අගභාගයෙහි සිට ඔහුගේ මරණය සිදුවූ 2003 දක්වා භාවිතා කරනු ලැබීමෙන් අනතුරුව, ඔහුගේ පවුල විසින් රෝග පාලන හා නිවාරණ කේන්ද්‍ර කෞතුකාගාරය වෙත පරිත්‍යාග කරන ලද්දකි.
"https://si.wikipedia.org/w/index.php?title=යකඩ_පෙනහැල්ල&oldid=115629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි