මොහිනියාටම් කේරළයේ සාම්ප්‍රදායික නර්තනයකි. මෙය ගැහැණුන් විසින් කරන තනි පුද්ගල නර්තනයකි. මොහිනියාටම් සැදී ඇත්තේ මොහින් (නරඹන්නන් වශී කරන්නා) හා ආටම් - ශරීරයේ රිද්මය යන එකතුවෙනි. මෙහි විෂ්ණු දෙවියන් මෝහිනි ලෙස වෙස් ගත් කතන්දර 2 ක් ඇත. ඒවා නම්,

  1. ඔහු මෝහිනි ලෙස වෙස් ගෙන යක්ෂයන් පලවා හරින බව.
  2. විෂ්ණු දෙවියන් මෝහිනි ලෙස වෙස්ගෙන ශිව දෙවි බග්මපුර යක්ෂාවේශයෙන් ගලවා ගන්නා බව.
tiny globe
මනහර මොහිනියාටම් නර්තනයකින්

මෙය විෂ්ණු දෙවියන් ආශ්‍රයෙන් එන නර්තනයක් විය හැකි බැවින් නර්තනයේ තේමාව වන්නේ දෙවියන් කෙරෙහි ඇති ආලය හා බැඳීමයි. දේවදාසින් මෙය තොවිල් බලි ප්‍රදර්ශනය කොට තිබේ. මෙහි නෝතු හා නෝටියාටම් යන අවස්ථා 2ක් ඇත . මෙම නර්තනයේ දකුණු ඉන්දියානු ආභාශයන් වන භාරත නාට්‍යම් හා කතකලි අංග 2 ක් ඇතුලත් කර ඇති අතර, මෙය ආරම්භ කර ඇත්තේ ස්වාධි පිරුනාල් යන රජු සමයේ ය. මෙම නර්තනයේදී උකුල් ප්‍රදේශයේ පැද්දීම හා ශරීරයේ පැද්දීම උපයෝගී කොට ගනී. මෙහි මුලික චලන 40 ක් තිබෙන අතර මෙය අමාවුනල් වේ. මෙහි ඇඳුම වන්නේ සුදු සාරියක් හා රත්තරන් පාටින් ඔප දැමූ කසාබු නමැති වාටියයි. මෙහි පදමාලාවන් හස්ත ලක්ෂණ ලීපිකා වන මුද්‍රා ස්වරූපයන් ගනී. ස්වර සංගීතය විවිධ නාද රටාවන් වන ඩෝලු නමින් හඳුන්වයි. මෙහි ගී තනු මනිප්‍රාවලම් වන අතර එය සංස්කෘත හා මලයාලම් වලින් යුක්ත වේ. නර්තන ශිල්පියා තම දෑත් විවිධ ලෙස හසුරුවන අතර මෙහි පදනම වන්නේ මනස ප්‍රබෝධමත් කිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=මොහිනියාටම්&oldid=471498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි