මොරිටේනියාවේ නිල නාමය 'මොරිටේනියා ඉස්ලාමීය ජනරජය'නම් වෙයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේය. මෙහි දේශ සීමා ලෙස බටහිරින් අත්ලාන්තික් සාගරයත්,නිරිත දිගට සෙනෙගල්ද, නැගෙනහිරට සහ ගිණිකොනට මාලී රටද, ඊසාන දිගින ඇල්ජිරියාව සහ වයඹින් මොරොක්කෝව විසින් පාලනය කරනු ලබන බටහිර සහරාවද වෙයි. නූතන රාජ්‍යයෙන්, පැරණි මොරිටානියා පළාතේ නිරිත දිග දිසාව දක්වාම ආවරණය වන නමුදු, මොරිටානියා හි රෝමන් පළාත සිහිගන්වනු වස් මෙරටට ඒ නම ලැබී තිබේ. අගනගරය සේම මොරිටානියාහි පිහිටි විශාලම නගරය වනුයේද අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටා ඇති 'නොවක්චොට්' (Nouachott) නුවරයි.

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය شرف إخاء عدل (අරාබි)
ජාතික ගීය "මොරිටානියාවේ ජාතික ගීය"
             සිතියම
අගනුවර සහ විශාලම නගරය නොවැක්චොට්
රාජ්‍ය භාෂාව අරාබි
රාජ්‍ය ඉස්ලාම් රාජ්‍ය
ජනාධිපති මොහොමඩ් උල්ඩ් අබ්දුල්
අගමැති මවුලය උල්ඩ් මොහොමඩ් ලාෆ්ඩෆ්
නිදහස ප්‍රංශයේ සිට
දිනය 28 නොවැම්බර් 1960
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1,030,700 වර්ග සැතපුම් 397,954
ජලය (%) 0.03
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 3,291,000
1988 ජන සංගණනය 1,864,236
ඝනත්වය වර්ග කිලෝමීටර 3.2 වර්ග සැතපුම් 8.2
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 6.326
සාමාන්‍ය ඩොලර් 2,037
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 3.029
සාමාන්‍ය ඩොලර් 975
ගිනි (2000) 39 (මධ්‍යම)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.520 (මධ්‍යම)
මුදල් උයුගුයියා (MRO)
මං තීරුව දකුණ
අන්තර්ජාල .mr
දුරකථන සංකේත 222


ජෙනරල් මොනටඩ් අවුල්ඩ් අබිදෙල් අසීස්ගේ නායකත්වයෙන් දියත් කරන ලද හමුදා කුමන්ත්‍රණයක් මගින් 2008 අගෝස්තු 6 වන දින එවකට පැවති මොරිටානියා සිවිල් ආණ්ඩුව, බලෙන් නෙරපා හරිනලදී.එම වර්ෂයේම ජූලි 19 වැනි දින පැවැත් වූ ජනාධිපතිවරණයට තරඟ කිරීම පිණිස ජනරාල් අසීස් යුධ හමුදාවෙන් ඉල්ලා අස්වූ අතර පසුව ඔහු මැතිවරණයද ජයගත්තේය. මොරිටානියාහි ජනගහනයෙන් 20% පමණ ජීවත් වනුයේ දිනකට ඇමරිකන් ඩොලර් 1.25 කටත් අඩු ආදායමක් ලබමිනි

"https://si.wikipedia.org/w/index.php?title=මොරිටේනියා&oldid=403859" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි