මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය හා ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය
මොරගහ ජල ධාරා - කරයි අස්වනු සරු සාරා..
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් වන මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය පිළිබඳව අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වූයේ මෑත කාලයේ අප විසින් දැක ගැනීමට භාග්‍යවන්ත වූ විශාලතම ජල ව්‍යාපෘතිය එය වන බැවිනි. මෙම ජලාශ ව්‍යාපෘතිය හරහා විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම උදෙසා පියවර සැපයෙන නමුදු මෙම ලිපිය මගින් අවධානය යොමු කරනුයේ කෘෂිකර්මාන්තයට මොරගහකන්ද ජලාශය දක්වන දායකත්වය පිළිබදවයි. කෘෂිකර්මාන්තයේ දියුණුවට අමතරව මෙම මොරගහකන්ද ජලාශය හරහා ,
- ජල විදුලි උත්පාදනය
- මිරිදිය ධීවර කර්මාන්තය
- නැවත පදිංචි කිරිම්
- වාරී මාර්ග
- පිරිසිදු පානිය
- සංචාරක කර්මාන්තය
- ජල සම්පාදනය
ආදී වූ නන් පැතිකඩයන් පිළිබඳව ද අවදානය යොමු කල හැකි අතර මොරගහකන්ද ජලාශය කේන්ද්‍ර කරගනිමින් කෘෂිකාර්මික අංශයේ අභිවෘද්ධියට මෙම නවක මොරගහකන්ද ජල ධාරා තම දායකත්වය දෙන ආකාරය පිළිබද කෙටි විස්තරයක් මෙම ගින් සැපයේ. මෙරට ආර්ථික වර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ දායකත්වය වැදගත් වන අතර එය ක්‍රමයෙන් පහත වැටිමක් වර්ථමානය වන විට දැකිය හැකිය. වර්තමානයේ ඇති දත්ත අනුව ශ්‍රි ලංකා මහ බැංකුව මගින් පෙන්වා දෙන්නේ 2015 වර්ශයේ මහ කන්නයේ වපුරණ ලද බිම් ප්‍රමාණය හෙක්ටයාර් දහස් 773ක් වන අතර යල කන්නයේ එම ප්‍රමාණය 481කි.2016දි වපුරණ ලද බිම් ප්‍රමාණය මහ යල කන්න දෙකෙහි පිළිවෙලින් හෙක්ටයාර් දහස් 756 හා 358කි.2015දි අස්වැන්න නෙළාගන්නා ලද බිම් ප්‍රමාණය යල මහ කන්න දෙකෙහි පිළිවෙලින් හෙක්ටයාර් දහස් 735 හා 476කි.2016 වර්ශයේ අස්වැන්න නෙළාගන්නා ලද බිම් ප්‍රමාණය යල මහ කන්න දෙකෙහි පිළිවෙලින් 743 හා 380 කි.ඒ අනුව 2015 ට සාපේක්ෂව 2016 හි බිම් ප්‍රමාණය අඩු වීම හරහා අස්වැන්නෙහි අඩු වීමක් දක්නට ඇත. ආර්ථික කටයුතු වලදි දළ දේශීය නිෂ්පාදන සදහා කෘෂිකාර්මික අංශයේ දායකත්වය පිළිබද සැළැකෙන විට 2015 දි සියයට 7.8ක් වු එම ප්‍රතිශතය 2016 දි සියයට 7.1ක් දක්වා අඩු වී ඇති බව අවබෝධ කර ගත හැකිය .
1977 පසුව කෘෂිකර්මාන්තය හරහා දළ දේශීය නිෂ්පාදනය මගින් ආර්ථිකයට දක්වන ලද දායකත්වය පිළිබද අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටීම කෙරෙහි බලපෑ කරුණු අතර,
- වැඩි අස්වැන්නක් ලැබෙන බීජ වල හිගය
- කෘෂි නිෂ්පාදන අලෙවිය ආශිත ගැටලු
- නිෂ්පාදන පිරිවැය ඉහළ යාම
- පශ්චාත් අස්වනු හානි
- ආර්ථිකය තුළ ජල කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට නොහැකි වීම ප්‍රධාන ගැටලු අතර වේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ජල ගැටලූවට විසඳුම් සපයමින් දශක 4කට පසුව ඉදිවුණු විශාලතම යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මෙම මොරගහකන්ද කළුගහ ව්‍යාපාරය හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කෙරෙහි වැඩිවශයෙන් දායකත්වයක් දක්වනු ලබන කුරුණෑගල, පොලොන්නරුව ,අනුරාධපුර, අම්පාර හා උතුරු පළාත් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එම දිස්ත්‍රික්ක සංවර්ධනය සදහා දායකත්වයක් ලබාදීමට මෙම ව්‍යාපෘතිය අවස්ථාව වනු බව නොඅනුමානය . එක් කන්නයක් පමණක් වගා කරමින් සිටි උතුරේ හා රජරට පුරවරයේ ඇළහැර ප්‍රදේශ වල ජනතාව තම වගා බිම් වල මහ කන්නය හා යල කන්නයේ දෙකෙහිම වගා කිරීමට අවස්ථාවක් ලැබීම මෙම කලාපීය ගොවි ජනතාවට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සඳහා ජල හිඟතාවය හේතුවෙන් කුඹුරු අස්වැද්දීමට නොහැකිව අසරණ තත්ත්වයන්ට මුහුණ පා සිටි අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, ආදී වූ ගොවි ජනතාව සඳහා අහස් දියෙන් වගා කටයුතු කිරීම වෙනුවට මෙම ජලාශ ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය වු නව වාරි පද්ධති මගින් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට අවස්ථාව උදා වනු ඇත.එසේම විශේෂයෙන්ම මැදිරිගිරිය බිසෝපුර ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මෙය නව මාවතක් වන අතර එම ප්‍රදේශයේ මොරගහකන්ද ජලාශය හරහා නව භූමි ප්‍රමාණයක් අස්වැද්දීම සඳහා යොදාගෙන ඇත. ඒ අනුව හෙක්ටයාර් 5000 ක පමණ භූමි ප්‍රදේශයක් වගා කෙරෙන අතර ඒ හරහා දේශීය ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා වෙළෙඳ පළට වී මෙට්ට්‍රික් ටොන් 66000 දහසක් පමණ එකතු වේ යැයි පර්යේෂකයෝ තහවුරු කර ඇත. ශ්‍රිග්‍ර ආර්ථික වර්ධනය කරා ගමන් කරන ශ්‍රී ලංකාව ඇතුළු ගෝලිය අනෙකුත් රටවල් කාලයත් සමග ජනගහන වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ආහාර අර්බුදයට විසදුමි කිරීමට අවශ්‍ය විය .ඒ අනුව නිෂ්පාදනය වැඩි කිරීමට මෙහිදී අවධානය යොමු වූ අතර මෙහිදි අඩු බිමි ප්‍රමාණයකින වැඩ් අස්වැන්නක් ලබා ගැනීම අරමුණ බවට පත්විය. මේ අනුව ඒ සදහා වැදගත්වන ජලය ලබා ගැනීමේ මූලාශ්‍ර ඉදිකිරීමට පියවර ගත් අතර ඒ අනුව මුළු ලොව මවිත කළ වැව් තැනීමේ කලාව පසක් කරමින් ශ්‍රී ලංකාවේ ඇති ශ්‍රේෂ්ඨත්වය පසක් කරමින් විශාල ජල මූලාශ්‍ර නිර්මාණය වූ අතර, "අහසින් වැටෙන එක ජල බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදමු"යන මහ පැරකුම් නිරිදුගේ මතයේ පිහිටා අහසින් වැටුණු ජලය රැස් වෙන හැම තැනම මහා උදාර වාරී ශිෂ්ටාචාරයක් බිහි කිරීමට ඈත අතීතයේ සිංහලයෝ උරදුන්හ. ඒ තුළින් වර්තමාන භූමියෙන් හතරෙන් එකකට උරුමකම් කියන රන්දෙණිගල ,රන්ටැඹේ ,වික්ටෝරියා,කොත්මලේ , මාදුරුඔය, ආදී වු මහා ජලාශ වලට එක් වූ නවකයා ලෙස මොරගහකන්ද ජලාශය නොහොත් මහා සුවිශාල මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ලෙස මෙය හදුන්වා දිය හැකිය. කුරුණෑගල, අනුරාධපුර ,පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ වල කෙත් වතු මෙම ජලයෙන් පෝෂණය ලබන අතරම එම ප්‍රදේශයන්හි මිරිදිය ධීවර කර්මාන්තයෙහි නියුක්තික යන්ටද වාසි සලසමින් අක්කර අඩි 660000ක් පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ගොස් ඇති මොරගහකන්ද ව්‍යාපෘතිය මිරිදිය මත්ස්‍ය අස්වැන්න වාර්ෂිකව ටොන් 3000 ක් පමණ බලාපොරොත්තු වන අතර ඒ හරහා ලැබිය හැකි ආදායම රුපියල් මිලියන 225ක් ලෙස හදුනාගෙන ඇත. මොරගහකන්ද ව්‍යාපෘතිය මගින් සෘජු ප්‍රතිලාභ කෘෂිකර්මාන්තය සඳහා හිමිවන අතර රජරට කලාපයේ හෙක්ටයාර් 82000ක් සදහා යල සහ මහ දෙකන්යෙහිම ගොවින්ගේ වගා කටයුතු සදහා ජලය හිමිවේ.ඒ මගින් වගා තීව්‍රතාවයේ සාමාන්‍ය අගය ඉහළ යන අතර මෙම නිසා ඒ ප්‍රදේශ වල අස්වනු ඉහළ ගොස් වාර්ෂිකව ඔවුන් ලබන ආදායමේ වර්ධනයක් සිදු වේ යැයි ගණන් බලා ඇත
මේ අනුව ඉහත දක්වා ඇති තොරතුරු මත සමෘද්ධිමත් ආර්ථිකයක් ශ්‍රි ලංකාවට උරුම කර දීම සදහාත් කෘෂිකාර්මික කටයුතු නගා සිටුවීම සදහාත් මෑත කාලීනව නිර්මාණය වු වැදගත් ජල මුලාශ්‍රයක් ලෙස මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය හදුන්වා දිය හැකි අතර.දේශීය ආහාර ස්වයංපෝෂිත භාවය සදහාත්,දේශීය ගොවිජනතාවගේ සිහින සැබෑ වු අවස්ථාවක් ලෙසත් මෙම ව්‍යාපෘතිය හදුන්වා දිය හැකිය.