මේළකර්තා

කර්ණාටක සංගීතයේ හමුවන සම්පූර්ණ රාග 72කින් යුත් සමූහය

මේළකර්තා යනුවෙන් හැඳින්වෙන්නේ දක්ෂිණ භාරතීය ශාස්ත්‍රීය සංගීතය වන කර්ණාටක සංගීතය තුළ හමුවන මූලික රාග සමූහයකි. මේළකර්ත රාග වෙනත් රාගයන් නිර්මාණය වීමට පාදක වන බැවින් ඒවා ජනක රාග ලෙස හැඳින්වේ. මේළකර්තා රාගයන් ඇතැම් අවස්ථාවල දී මේළ, කර්තා හෝ සම්පූර්ණ ලෙස හඳුන්වනු ලැබුව ද, සම්පූර්ණ රාගයක් හැමවිටම මේළකර්තා ගණයට අයත් නොවේ (නිදසුනක් ලෙස භෛරවී රාගය).

හින්දුස්තානී සංගීතය තුළ හමුවන ථාට මේළකර්තාවට අනුරූප වේ. හින්දුස්තානී සංගීතය තුළ ථාට 10ක් හමුවූව ද, පොදුවේ පිළිගැනෙන මේළකර්තා සැකැස්ම තුළ රාග 72ක් හමුවේ.

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මේළකර්තා&oldid=493059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි