මේකොං ගඟ (ක්මාය්: ទន្លេមេគង្គ, //තොන්ලෙය්මේය්කොං//; ඉංගිරිසි: Mekong River //මීකොං රිවර්//) යනු නැඟෙනහිරි හා ගිනිකොණදිගු හා ආසියාවේ දේසසීමා හරහා දහරන ගඟෙකි. එය ලොවැ දොළොස්වැන්නටත් ආසියාවේ තුන්වන්නටත් දිගුතම ගඟ වේ. තිබ්බත සානුවේ සිටැ චීනය, මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය හා වියට්නාමය හා හරහා ගලන මෙහි අනුමැනි1 දිග දහසුමීටර 4,909 (සැතැපුම් 3,050) වේ. 795,000 km2 (හතරැස් සැතැපුම් 307,000) වසා අවුරුද්දකට 475 km3 (114 cu mi) දිය සුවිසුරයි2. දැහැරුමේ අදි උතුහුරු වෙනැසියාවන් හා මේකොංහි සැඩවර හා දිය ඇලි හා වීම දිය තැරුම දුකර කරයි. එසේ වුවද, ගඟ බටහිරි චීනය හා ගිනිකොණදිගු ආසියාව හා අතර ප්‍රධාන වෙළෙඳ මඟෙකි.

මේකොං ගංගා කමිසුම සංස්කරණය

1995 දී, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය හා වියට්නාමය මේකොංහි භාවිතය ද රැකබලාගැන්ම ද කළමනාකරණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම හා සඳහා මේකොං ගංගා කමිසුම (MRC) පිහිටැවී යැ. 1996 දී චීනය හා මියන්මාරය හා එහි "සංවාද හවුල්කරුවන්" බවට පත් වී යැ. 2000 දී, චීන, ලාඕස, තායිලන්ත හා මියන්මාර රජයයන් මහජන චීන සමූහාණ්ඩුව, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මියන්මාර සංගමය හා තායිලන්ත රාජධානිය අතර ලන්කාං-මේකොං ගඟේ වෙළෙඳ නාවික ගමනාගමනය පිළිබැඳි ගිවිසුමකට අත්සන් තැබී යැ. මෙය මීකොංහි ඉහළ පෙදෙස්වලැ ගඟ ආශ්‍රිත වෙළෙදාම සැබැඳියෙන් සහයෝගීතාවය සඳහා වන යාන්ත්‍රණය වේ.


1. අනුමැනි - estimated; 2. සුවිසුරයි - discharges

"https://si.wikipedia.org/w/index.php?title=මේකොං_ගඟ&oldid=553664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි