මෙහෙයුම් පද්ධති - අනෙකුත් ‍මෙහෙයුම් පද්ධති

සුවිශේෂී ලාභදායී වෙළද පොළවල තවමත් භාවිතා වන පැරණි මෙහෙයුම් පද්ධති අතරට IBM හි OS/2; Mac OS, ඇපල්ගේ Mac OS X හි UNIX නොවන පුරෝගාමියා : BeOS; XTS – 300 ඇතුළත් වේ. ඇතැම් ඒවා විශේෂයෙන් Amiga OS හා‍ RISC OS, ඒ සදහා උනන්දුවක් ඇති ප්‍රජාව හා විශේෂ මෘදුකාංග පද්ධති සඳහා සංවර්ධනය වේ. DEC හි Open VMS තවමත් (HP) හැව්ලට් - පැකාර්ඩ් (Hewlett-packard) හි ක්‍රියාකාරී සංවර්ධනය යටතේ පවතී.

නව පරිගණක පද්ධති පිළිබද පරියේෂණ හා ඒවා නිපදවීම තවමත් සිදුවේ. GNU Hurd , Unix, සමග පසු ගැළපුම් වන පරිදි සැලසුම් කර ඇති නමුත් වැඩි දියුණු කළ ක්‍රියාකාරිත්වයකින් හා ක්ෂුද්‍ර කර්නල සැකැස්මකින් යුක්ත වේ. සින්ගියුලරටි (Singularity) යන Microsoft පරියේෂණවල, Dot Net මගින් කළමණාකරණයවන කේත ආකෘතිය මත පදනම්ව වඩා හොද මතක ආකර්ෂණයකින් සෑදුණු මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකි.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Operating_systems#Other