මූලික පුහුණුවීම් ප්‍රතිසමාජානුයෝජනය

සමාජ විද්‍යාත්මක සංකල්පයක් වන "ප්‍රතිසමාජානුයෝජනය" මගින් යම් පුද්ගලයෙකු, ඔහු හෝ ඇය හුරුවී ඇති පරිසරයට ඉතා වෙනස් වූ පරිසර වටපිටාවක හැසිරීමට පුරුදු පුහුණු කරයි. මෙය සම්පූර්ණ පෞරුෂත්ව වෙනසකට මග පෑදීමක් ලෙස හැඳින්විය හැකිය. හමුදාවකට නව සාමාජිකයින් බඳවා ගැනීමේදී සිදුකරන පුහුණුවීම් මෙයට හොඳම උදාහරණයකි.මෙහිදී ඔවුන්ට හමුදා භටයින් ලෙස හැසිරීමටත්, එමෙන්ම ඔවුන්ගේ රැකියාව අවසන් වීමෙන් පසු නැවත සාමාන්‍ය සමාජයට මුසු වීමටත් අවශ්‍ය ඉගැන්වීම් සිදුකරයි.

නව බඳවා ගැනීමකදී ලබා දෙන උපදෙස් "සරඹ" ලෙස හඳුන්වයි. මෙහිදී සාමාන්‍යයෙන් ක්‍රමානුකූලව සිට ගැනීමට, ගමනේ යාමට සහ විධානයන් නියමානුකූල ලෙස පිළිපැදීමට උගන්වයි. සරඹ යනු 18 වැනි ශතවර්ෂයේ පෞරාණික යුධ උපක්‍රම මඟින් අභාෂනය ලැබුවකි. මෙවැනි පැරණි ක්‍රම දැන් යල් පැන ගොස් ඇතත්, සරඹ මගින් යම් කිසිවෙකු විධානයන්ට නතුවන ලෙසට හුරුකරවන අතර සටන් බිමට මුහුණ දිය යුතු ආකාරයද පහදා දෙයි. මෙමගින් යම් පාබල සොල්දාදුවෙකුට සමතලා නොමැති බිමක ඉදිරියට ගමන් කිරීමේදී තම සගයන් සමඟ, ඔවුනට සාපේක්ෂව, නියමිත ගමනක යෙදීමට හුරු කරවයි. සරඹ මගින් යම්කිසිවෙකු තුල නායකත්ව සංවර්ධනයක්ද ඇති කරයි. මෙමඟින් හමුදා භටයන්, ඉක්මන් විධානයන්ට ප්‍රතිචාර දක්වන ආකාරයට නැඹුරු වන අතර එමඟින් ඔවුන් හුදෙක් අවිගත් සැහැසියන්ය යන තත්ත්වයෙන් මුදාහැර, වැදගත් හික්මුණු පිරිසක් බවට පත් කරයි.

ෆින්ලන්ත හමුදාවට අනුව කරුණු 4 ක් අරබයා සරඹ සිදුකරයි.

1. යුධ බිමේදී මමත්වය සහ ඒකාබද්ධතාවය දියුණු කරයි.
2. අලුත් සාමාජිකයින් තුළ විධාන පිළිබඳව සහජ අවනත බවක් ඇති කරයි.
3. විශාල පිරිසකට පිළිවෙලට සහ සංවරව ගමනේ යාමට හුරුකරවයි.
4. යුධ බිමේ කාර්යයන්ට මූලික අඩිතාලමක් එක් කරයි.

චර්යාවාදයට අනුව සරඹ මගින් කිසිවෙකුත් විවරණෝපයෝගී ඉගෙනුමක් නොලබන අතර හුදෙක්ම විධානයන්ට අවනත වීමක් පමණක් සිදු වේ. එමනිසා මෙය අසාර්ථක ක්‍රමයක් සහ අවිපුහුණුවේ සම්පත් අපතේ යාමක් ලෙස දැක්විය හැකිය.

අලුත් සාමාජිකයින් බඳවා ගැනීමේදී ලබාදෙන තදබල ශාරීරික පුහුණුවීම් වල අරමුණ නම්, යුධ භූමියේ කටයුතු වලට හුරු කිරීමත්, එමෙන්ම අඩු හැකියාවෙන් සහ අවප්‍රේරිත පුද්ගලයන් අවම කිරීමත්ය. එමෙන්ම මෙමගින් චිත්ත ධෛර්යයද ඉහල නංවයි.

යුධ හමුදාවන්හි සහ නාවික හමුදාවන්හි පුහුණුවීම් වලට සාමාන්‍යයෙන් ඉලක්කයට වෙඩි තැබීම්, ගිනි අවි හැසිරවීම හා පවත්වාගෙන යාම, ශාරීරික පුහුණුව, ප්‍රථමාධාර ක්‍රම, ගැලවී යාමේ උපක්‍රම ආදිය අතුලත් වේ. නාවික හමුදා සහ වෙරළාරක්ෂක සේවයේ පුහුණුවීම්; ගලවාගැනීම්, ශාරීරික යෝග්‍යතාවය, මූලික නාවික ශාස්ත්‍රය, නැව් තට්ටුවේදී වෙඩි තැබීම, මූලික ඉංජිනේරු විද්‍යාව සහ සංඥා යනාදිය පිළිබඳව ඉගැන්වීම් වලට මුල්තැන දෙයි. ගුවන් හමුදා ඉගැන්වීම් වලට සාමාන්‍යයෙන් ශාරීරික පුහුණුවීම්, හමුදා හා පන්ති නීතිරීති, භූමියෙහි පුහුණුවීම්, වෙඩි තැබීම, ප්‍රථමාධාර ක්‍රම, ආරක්ෂක උපකරණ භාවිතය අඩංගු වෙයි.

සටහන සංස්කරණය

Basic_training Resocialization