මුහුදුබත් වු නෞකා පිළිබද පුරා විද්‍යාත්මක සිද්ධාන්ත

මුහුදුබත් වු නෞකා පිළිබද පුරා විද්‍යාත්මක සිද්ධාන්ත


මියුක්ලොරිගේ (Muckelroy) ආකෘති

මුහුදුබත් වු නෞකා පිළිබද පුරාවිද්‍යාව වර්ගීකරණය කිරීම සදහා හා තේරුම් ගැනීම සදහා වු ක්‍රමානුකූල ආකීතියක් ප්‍රථම වරට යොජනා කරනු ලැබුවේ කෙයිත් මියුක්ලොරියෝ විසින් 1976 දීය. මියුක්ලොරිගේ පද්ධති ආකෘතිය මුහුදුබත් වීමේ ක්‍රියාවලිය හරහා සිදු වන ද්‍රව්‍ය වල අවශේෂ වල පරිණාමනය, ඒ අතරතුර සිදුවන ගලාවා ගැනීමේ මෙහෙයුම් හා පාරිසරික බලපෑම මත සිදු වන අවශේෂ වල විඝටනය වීම් හා නැවත සකස් වීම් විස්තර කරනු ලැබේ. මැක්ලොරි විසින් ඔහුගේ ආකෘතියේදී ස්වාභාවික ක්‍රියාවලි හා මනුෂ්‍ය ක්‍රියාකාරකම් සලකා බැලුව ද ඒ අතරතුර සිදුවු පරේෂණ මූලිකවම පාරිසරික හේතු වයාප්ත කළ අතර මනුෂ්‍ය ක්‍රියාවලි පිළිබදව වුයේ අඩු අවධානයකි.

මනුෂ්‍ය මැදිහත් වීම් සලකා බැලීමයි. 2006 දී මාටින් ගිබ්ස් විසින් ලියන ලද පත්‍රිකාවක් වෙසනය සිදු වන අවස්ථාවේදී මනුෂ්‍ය හැසිරීම හා මනුෂ්‍යයන් හා මුහුදුබත් වු නෞකා අතර ඇති දිර්ගකාලීන සම්බන්ධතාවය සැලකීමට මියුක්ලොරිගේ ආකෘතිය විස්තීර්ණ කරන ලදී. මෙම ආකෘතිය මුහුදුබත් වීම සිදුවන කාලය අතර තුර විවිධ පළාත් වලට මනුෂ්‍ය ක්‍රියාකාරකම් වර්ගීකරණය කිරීම සදහා මනුෂ්‍ය මැදිහත් වීම් අධ්‍යයනය කිරීමට ඉඩ සලසා දෙයි. මෙම ආකෘතිය පහත ඒවා සලකා බලයි.

· පෙර ගැටුම් තර්ජන කලාප මෙහිදි ක්‍රියාව වැළැක්වීම සදහා ගන්නා ලද උත්සාහයන් මනුෂ්‍යයන් සලකා බලන අතර එහිදි මුහුදුබත් වීමක් සිදුනොවීමට ඉඩ ඇත. එසේත් නැතිනම් අදාල තර්ජනය අවම කිරීමට අසාර්ථක උත්සාහයන් ගනු ඇත. උදාහරණ ලෙස මුහුදුබත් වීම් ස්ථානය වැඩි තර්ජනයක් මග හැරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් විය හැක. බඩු ඇසිරීම ද සමහරක් විට තර්ජනය පිළිබද සැලකීම නිරූපණය කරයි. · පුර්ව ගැටුම් අවවාධාත්මක කලාපය, මෙහිදි මනුෂ්‍යයන් විසින් ව්‍යවසනය වැළැක්වීම සදහා ක්ෂණික ක්‍රියාමාර්ග ගනු ඇත. උදාහරණ ලෙස නෞකාව ගොඩ බිමට ගෙනයාම, භාණ්ඩ ඉවතට දැමීම හෝ ඇන්කරය ඉවතට දැමීම දැක්විය හැක. · ගැටුම, මෙහිදි නෞකාව අතහැර දැමීමට හෝ දිගටම තබා ගැනීමට තීරණය කරයි. උදාහරණ ලෙස නැවත පාවීමට ප්‍රයත්න දැරීම. · පසු ගැටුම, මෙහිදි ගැලවුමු කරුවන් නැවත එකතුවන අතර උදාහරණ ලෙස ඔවුන්ගේ බඩු ගොඩ ගැනීම හෝ නඩත්තු කිරීම් සිදු කිරීම කරයි. · ගලවා ගැනීම හා පසු ව්‍යවසනය, මෙහිදි නෞකාව මුහුදු බත් වන අතර භාණ්ඩ ගොඩගැනීමේ හෝ මග පෙන්වීමට අපදාවක් වන අවශේෂ ඉවත් කිරීමට තුන් වන පාර්ෂවයක මැදිහත් වීමක් සිදු විය හැක.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Archaeology_of_shipwrecks#Archaeological_theories_of_shipwrecks